2023-2025 කාල සීමාව සඳහා අද (20 දා) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා යළිත් නිතරගයෙන් තේරී පත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති අසුනට පිට පිටම පත්වූූ තෙවැනි අවස්ථාව ලෙසින්ද මෙය සනිටුහන් විය. එමෙන්ම ඒ මහතා අදාළ ධුරයට නිතරගයෙන් තේරී පත්වූ දෙවැනි අවස්ථාව වීමද විශේෂත්වයක් වේ.
ඒ හැරුණු කොට උප සභාපතිවරුන් ලෙස ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුත්, ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතාත් තේරී පත්වද්දී භාණ්ඩාගාරිකවරයා ලෙසින් සුජීව ගොඩලියද්ද මහතාත් උප ලේකම් වශයෙන් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාත් නිතරගයෙන් තේරී පත්වූහ.
සභාපති – ශම්මි සිල්වා මහතා
උප සභාපතිවරුන් – ආචාර්යය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
උප ලේකම් – මොහාන් ද සිල්වා මහතා
භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද මහතා
උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා