slc
logo
Home   |    News
මැයි 22, 2023
ශම්මි සිල්වා මහතා සභාපති අසුනේ වැඩ අරඹයි

sinhala editor

2023 සිට 2025 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ශම්මි සිල්වා මහතා අද (22 දා) දහවල් කාලයේදී සිය ධුරයේ වැඩ රාජකාරී ආරම්භ කළේය. ඒ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන විට එම නිලවරණයෙන් තේරී පත්වූ සෙසු නිලධාරීන්ද ඒ අතර විය.

මෙවර නිල වරණයේදී ද නිතරගයෙන් තේරී පත්වූ ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනේ වැඩ රාජකාරි භාර ගනු ලැබුවේ පිට පිටම තෙවැනි වතාවට වීම විශේෂත්වයක් වේ. ශම්මි සිල්වා මහතාගේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න මහත්වරුන්ද, ලේකම්වරයා වන මොහාන් ද සිල්වා මහතාද භාණ්ඩාගාරික ලෙස පත්වූ සුජීව ගොඩලියද්ද මහතාද උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ. මෙවර නිලවරණයේදී සෙසු නිලයන් සදහා පත්වූ සියලු දෙනාම නිතරගයෙන් පත්වීම කැපී පෙනෙයි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest