slc
logo
Home   |    News
මැයි 13, 2023
නැගීඑන ක්‍රීඩකයෝ ජපානෙට එරෙහි තරගාවලිය කළින්ම දිනති

sinhala editor

ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වූහ.

සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ජපාන ජාතික කණ්ඩායමට ආරාධනර කර සිටියේය. වෙනස්කම් 3 ක් සිදුකරමීන් අවතීිර්ණ වුණු මෙම තරගයේදී නැගී එන කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී ජපාන කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 97 කදී නවතාලීමට සමත්විය.

ජපාන පිල වෙනුවෙන් නායක කෙන්ඩල් ෆ්ලෙමිංග්, පන්දු 29 ක් තුළ හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 43 ක් ලබා ගනීමන් කණ්ඩායමේ කොඳු නාරටිය බවට පත්වූවේය. නායක ඩෙලෝන් පීරිස්ගේ පන්දුවක් හමුවේ ෆ්ලෙමිංග් දැවී යන විටත් ජපාන ඉනිම පන්දුවාර 10.4 කදී කඩුලු 3 කට ලකුණු 64 ක් ලෙසින් සටහන් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් දක්ෂතා අතරට පිවිසීම නිසා අවසන් පන්දු 56 තුළ ප්‍රතීවාදී ජපාන ජාතික කණ්ඩායමට කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 34 ක් පමණි. පන්දු යැවීමේදී හර්ෂණ වික්‍රමසීංහ ලකුණු 14 කට කඩුලු 2 ක් ද නායක පීරිස් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර ඉතිරි කඩුලු 5 න් 3 ක්ම දුවද්දී දැවී යෑම් වලට හසුව දැවී ගියහ.

එම ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි නැගී එන කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 14 කදී දවා ගනිමින් පීඩනය එල්ල කිරීමට සත්කාරක ප න්දු යවන්නන් සමත් වුවත්, අංක 3 සහ අංක 5 පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ ෂෙහාන් ප්‍රනාන්දු සහ සකුණ ලියනගේ ලකුණු 43 ක සම්බන්ධතාවක් පවත්වමින් සංචාරක පිල අවධානමෙන් මුදවා ගත්හ. මෙහිදී ෂෙහාන් ලකුණු 24 ක් සහ සකුණ ලකුණු 26 ක් ලබා ගත්හ.

අනතුරුව පිටියට එක් වුණු නායක ඩෙලෝන් පීරිස් සහ රන්මිත් ජයසේන 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක සම්බන්ධාවත් ගොඩ නඟමින් ශ්‍රී ලංකාව ජයකණුව කරා රැගෙන යෑමට දායකත්වය දැක්වූහ. ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රහණය සනිටුහන් කරන ලද්දේ 17 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදීය. දෙරට අතර පැවැත්වෙන සිව්වැනි විස්සයි-20 තරගය හෙට (14 දා) සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ජපාන ජාතික කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 97 යි – (සුපුන් නවරත්න 14, කෙන්ඩල් ෆ්ලෙමිංග් 43, සබරෝෂි රවිචන්ද්‍රන් 11, ඩෙලෝන් පීරිස් 23/2, හර්ෂණ වික්‍රමසිංහ 15/2)

ශ්‍රී ලංකා නැගී එන පිල පන්දුවාර 17.3 කදී කඩුලු 6 ක් දැවී ලකුනු 101 යි – (ෂෙහාන් ප්‍රනාන්දු 24, සකුණ ලියනගේ 26, ඩෙලෝන් පීරිස් 21*, රන්මිත් ජයසේන 12, කොහෙයි කුබෝටා 18/2)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest