slc
logo
Home   |    News
මැයි 14, 2023
ශ්‍රී ලංකා නැගීඑන පිල හමුවේ ජපාන ජාතික පිල සිව්වැනි වතාවටත් පරදියි

sinhala editor

ජපානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ ජපාන ජාතික කණ්ඩායම සමග පැවැති සිව්වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 46 ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට අද (14 දා) සමත්වූවේය. මේ සමඟ නැගීඑන කණ්ඩායම විස්සයි-20 තරගාවලිය 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය .

සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 19.5 කදී ලකුණු 131 කට දවාලීමට ජපාන පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී කැපී පෙුණු කොහෙයි කුබෝටා ලකුණ 23 කට කඩුලු 4 ක් සහ මුනීබ් සිද්දික් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්හ.

එම ඉලක්කය හඹා යෑමේදී ජපාන ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ පන්දු යැවීමේ බලපරාක්‍රම හමුවේ පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම ලකුනු 02 කදී දවා ගැනීමට ඩෙලෝන් පීරිස් සහ සිතුම් දිසානායක සමත්වූහ. එහෙත් තෙවැනි කඩුල්ලට පිටියට එක්වූ කෙන්ඩල් ෆ්ලෙමිංග් සහ අලෙක්ස් පැට්මෝර් ලකුණු 46 ක සම්බන්ධතාවක් පවත්වමින් ආරම්භයේ වූ අතපසුවීම තරමක් සමනය කිරීමට සමත්වූහ. එහෙත් තීෂන් විතූෂාන් විසින් ෆ්ලෙමිංග් (33) දවා ගැනීමත් සමග ජපාන කණ්ඩායමේ කඩා වැටීම ඇරැඹිණ.

මෙවර තරගාවලියේ පළමු තරගයට සහභාගිවූ විතූෂාන් පන්දුවාර 4 කදී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර ලක්ෂාන් ගමගේ, සිතුම් දිසානායක, ඩෙලෝන් පීරිස් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ඉදිරි පෙළ යළි අසාර්ථක වීම කැපී පෙනුණු අතර තෙවැනි තරගයේ පරිදි යළිත් සකුණ ලියනගේ සහ රන්මිත් ජයසේන නැගීඑන කණ්ඩායම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. මුල් කඩුලු 3ම ලකුණු 27 කදී බිද වැටී තිබියදී දුනිත් ජයතුංග සහ හිරන්ත ජයසිංහ එක්ව ශ්‍රී ලංකා පිලට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කළහ. අනතුරුව පැමිණි සකුණ ලියනගේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 19 කදී ලකුණු 31 ක් රන්මිත් ජයසේන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 27 කදී ලකුණු 39 ක්ස රැස් කළහ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 19.5 කදී සියලු දෙනා දැවී ලකුණු 131 යි – (සකුණ ලීයනගේ 31, රන්මිත් ජයසේන 39, ඉම්තියාස් ස්ලාසා 10, සිතුම් දිසානායක 13, දුනිත් ජයතුංග 10, කොහෙයි කුබෝටා 23/3, මුනීබා සිද්දික් 28/2)

ජපාන ජාතක කණ්ඩායම පන්දුවාර 18.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි – (කෙන්ඩල් ෆ්ලමෙිංග් 22, ඇලෙක්ස් පැට්මෝර් 18, තීෂන් විතූෂාන් 18/3, ලක්ෂාන් ගමගේ 16/2, සිතුම් දිසානායක 08/2, ඩෙලෝන් පීරිස් 19/2) )

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee