slc
logo
Home   |    News
මැයි 3, 2023
නැගීඑන කණ්ඩායම ජපානයේ තරග සංචාරයක

sinhala editor

ජපාන ක්‍රිකට් සංගමය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම ජපානේ තරග සංචාරයක් සඳහා මැයි මසදී සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ.

මෙම තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටක් වන ජපාන ජාතික කණ්ඩායම සමග විස්සයි-20 තරග 5 කට ක්‍රීඩා කිරීමට නියමිතය.

2024 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ජපාන ජාතික කණ්ඩායම ලබන ජූලි මාසයේදී නැගෙනහිර ආසියානු කලාපීය අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයට සහභාගිවීම සඳහා වන සූදානම, ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහි තරගාවලියේදී හොඳින් ලබා ගත හැකි බව ජපාන ක්‍රිකට් සංගමය විශ්වාසය වී තිබේ.

“මෙම පියවර ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සහායවීමට අරමුණු කරගෙන ගනු ලැබූ අතර ඒ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ජපාන ක්‍රිකට් සංගමය අතර පවතින සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වීමට ඉවහල් වනු ඇති බව මා විශ්වාස කරනවා” යැයි නැගීඑන කණ්ඩායම ජපානයට යැවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මස 08 වැනිදින ජපානය බලා පිටත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar