slc
logo
Home   |    News
මැයි 30, 2023
පළමු කඩුලු 5 චමෝද්ගෙන්

sinhala editor

එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් කරමින් නැවත ලකුණු අතරට පිවිසීමට සමත් විය. මේ තරගයෙන් එන්.සී.සී. පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු වාර 7.2ක්ම ඉතිරිව තිබියදීය.

චිලව් මේරියන්ස් සහ පොලීසිය අතර තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරුවන් ලකුණු 22කට කඩුලු පහක් දවා මෙවර මේජර් විස්සයි 20 තරගාවලියේ ප්‍රථම කඩුලු පහ දවාලු පන්දු යවන්නා බවට පත් විය. මේ තරගයෙන් මේරියන්ස්ට ලකුණු 22ක ජයක් අත්විණි.

අද (29) පැවැති තරග හයේදී මුවර්ස්, පාණදුර, සී.සී.සී., එන්.සී.සී., බී.ආර්.සී සහ චිලව් මේරියන්ස් ජයග්‍රහණ අත්කර ගත්හ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මෙහෙයවයි.

 

  • මුවර්ස් කඩුලු 8ක ජයක්

පනාගොඩ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී මුවර්ස් කණ්ඩායමේ දිනුක දිල්ෂාන් සහ ළහිරු සමරකෝන්ගේ ප්‍රබල පන්දු යැවීම හමුවේ ගෝල් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 40ක් (පන්දු වාර 13.5) පමණකි.

මුවර්ස් මේ තරගය පහසුවෙන්ම ජය ගත්තේ පන්දු වාර 12.2ක්ම ඉතිරිව තිබියදීය.

ගෝල් සියල්ල දැවී 40යි (පන්දු වාර 13.5) – (මලීෂ සිල්වා 13, ඕෂද ප්‍රනාන්දු 07, දිනුක දිල්ෂාන් 10/4, තිලාන් ප්‍රසාන් 7/2, ළහිරු සමරකෝන් 5/3)

මුවර්ස් කඩුලු 2ට 42 (පන්දු වාර 7.4) – (දිනුක දිල්ෂාන් නොදැවී 17, සොහාන් ද ලිවේරා 07, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 09, තරුෂ් දමිඳු14/1, මලීෂ සිල්වා 10/1)

 

  • පානදුර ලකුණු 75 ක ජයක්

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් වූ මේ තරගයේදී පාණදුර කණ්ඩායමේ රජීව වීරසිංහ පන්දු 29කදී හයේ පහර පහක් සහ හතරේ පහරක් සමඟ රැස් කළ ලකුණු 47 සහ එම කණ්ඩායමේ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පාණදුරට ලකුණු 75ක පහසු ජයක් අත්විය.

පාණදුර කණ්ඩායමේ රොෂාන් විජේනායක සහ සිනෙත් ජයවර්ධන ද ලකුණු රැස් කිරීමේදී දක්ෂතා දැක් වූහ.

 පානදුර කඩුලු 8ට 156 (පන්දු වාර 20යි) – (රජීව වීරසිංහ 47, සිනෙත් ජයවර්ධන 36, රොෂාන් විජේනායක නොදැවී 34, ළසඳ රුක්මාල් 33/4)

ගුවන් හමුදාව සියල්ල දැවී 81 (පන්දු වාර 17.3) – (නඳුන් දිල්ෂාන් 31, මොවින් සුබසිංහ 10, විශ්ව ළහිරු කුමාර 19/3, අසේල සම්පත් 11/2, කොසාන් ජයවික්‍රම 12/2)

 

  • සී.සී.සී. කඩුලු 5 ක ජයක්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී සී.සී.සී. කණ්ඩායමේ මිනෝද් භානුක පන්දු 24කදී හතරේ පහක් හයේ පහරක් සමඟ රැස් කළ ලකුණු 41 සහ එම කණ්ඩායමේ වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු තුනක් දවාලමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දැක්වීය.

නිගම්බු කඩුලු 8ට 124 (පන්දු වාර 20යි) – (ජීවක රශ්මිත 29, හිමාෂ ලියනගේ 21, දිමුත් සඳරුවන් 25, විශ්ව ප්‍රනාන්දු 22/3, චතුරංග ද සිල්වා 29/2යි)

සී.සී.සී. කඩුලු 5ට 127 (පන්දු වාර 19.1යි) – (මිනෝද් භානුක 41, නිමේෂ් ගුණසිංහ නොදැවී 40, චතුරංග ද සිල්වා නොදැවී 19, නිශාන් පීරිස් 15/2, සචිඳු කොළඹගේ 15/2)

 

  • එන්.සී.සී. කඩුලු 9 ක ජයක්

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ ‘ කෙටසට අයත් මෙම තරගයේදී කමිල් මිෂාර තුන් ඉරියව්වේම දක්ෂතා දැක් වූ අතර නිරෝෂන් දික්වැල්ල නැවත ලකුණු අතරට පිවිසීමට සමත් විය.

එන්.සී.සී. ලකුණු 122ක ජයග්‍රහණයක් කරා යද්දී නිරෝෂන් දික්වැල්ල පන්දු 11කදී හතරේ තුනක් සහ හයේ තුනක් සමඟ ලකුණු 34ක් ලැබිය. දික්වැල්ල ආරම්භක පිතිකරු කමිල් මිෂාර සමඟ පළමු කඩුල්ලට ලකුණු 65ක් රැස් කළේ පන්දු 22කදී ය.

 යුද හමුදාව කඩුලු 8ට 121 (පන්දු වාර 20) – (හර්ෂජිත් රුෂාන් 26, අසේල ගුණරත්න 25, ෂෙහාන් ප්‍රනාන්දු 22, තිසර පෙරේරා 14, පැතුම් බොතේජු නොදැවී 13, අෂේන් ඩැනියල් 17/3, කමිල් මිෂාර 25/2

එන්.සී.සී. කඩුලු 1ට 126 (පන්දු වාර 12.4) – (කමිල් මිෂාර නොදැවී 52, නිරෝෂන් දික්වැල්ල 34, තවීෂ අභිෂේක් නොදැවී 24, ලක්ෂාන් එදිරිසිංහ 40/1

 

  • බී.ආර්.සී. කඩුලු 7කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි

පනාගොඩදී පැවැති ‘ඩී‘ කොටසට අයත් මේ තරගයේදී බී.ආර්.සී. කණ්ඩායමේ මොහමඩ් ශිරාෂ් සහ දුවිඳු තිලකරත්නගේ දක්ෂ පන්දු යැවීම මත කැන්ඩි කස්ටම් ඉනිම ලකුණු 75කට සීමා විණි.

බී.ආර්.සී. මේ තරගය ජය ගත්තේ පන්දු වාර 10.4ක්ම ඉතිරිව තිබියදීය.

 කැන්ඩි කස්ටම් කඩුලු 8ට 75 (පන්දු වාර 20) – (සසිත් මනුරංග නොදැවී 23, යොහාන් සුරේෂ් 12, ගයාන් සිරිසෝම නොදැවී 16, මොහොමඩ් ශිරාෂ් 10/3, දුවිඳු තිලකරත්න 4/2, මිළිඳු ෂෙහාන් 26/2යි.

බී.ආර්.සී. කඩුලු 3ට 76 (පන්දු වාර 9.2යි) – (දිල්රුවන් පෙරේරා 26, ලක්ෂාන් ගමගේ 23, භාග්‍යා දිසානායක නොදැවී 15, අෂේන් ඩැනියල් 11/1යි)

 

  • චිලව් මේරියන්ස් ලකුණු 22 කින් පොලීසිය පරාජය කරයි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘ඒ‘ කොටසට අයත් මේ තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ චමෝද් සඳරුවන් ලකුණු 22කට කඩුලු පහක් දවා කඩුලු පහක් මෙවර දවාලු ප්‍රථම පන්දු යවන්නා බවට පත් විය. මේරියන්ස් කණ්ඩායමේ දමිත් සිල්වා ලකුණු 56ක් රැස් කර දිනයේ දෙවන අර්ධ ශතකය වාර්තා කළේය.

චිලව් මේරියන්ස් කඩුලු 7ට 151 (පන්දු වාර 20) –( දමිත් සිල්වා 56, චමෝද් සඳරුවන් 21, පුලින තරංග නොදැවී 15, නලින් ප්‍රියදර්ශන 23/3, දනල් හේමානන්ද 29/2

පොලීසිය කඩුලු 7ට 151 (පන්දු වාර 19.1යි) – ( රන්දුනු ගංගානාත් 26, සුපුන් මධුශංඛ 23, චතුරංග ජලතිලක 24, දනුජ ඉඳුවර 15, චමෝද් සඳරුවන් 22/5, නිපුන් ප්‍රේමරත්න 20/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee