slc
logo
Home   |    News
මැයි 26, 2023
2027 තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ඇඳුම් සහකරු ‘Moose’

sinhala editor

ඉදිරි වසර 4 ක කාලය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරු ලෙස Moose Clothing සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව සිටියි. අදාළ හවුල්කාරීත්වය යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන තරග ඇතුළුව ඉදිරියේදී පැවැත්වීමට සියලු තරග සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම් සහකරුවා ලෙස Moose Clothing සමාගම කටයුතු කරනු ඇත.

දෙපාර්ශ්වය අතර සහයෝගීතාවය සනිටුහන් කිරීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින  ටීෂර්ටය මැයි මස 25 වැනිදා කොළඹදී පවත්වන ලද විශේෂ උත්සවයකදී එළිදැක්වීමට පියවර ගැනුණි. මෙහිදී Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඔමාර් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වෙත එම ටීෂර්ටය සංකේතාත්මක පිරිනමන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාට අමතරව Moose Clothing සමාගම අලෙවි ප්‍රධානී කිත්මිණී ද සිල්වා සහ ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තුද එක්ව සිටියහ.

ඒ අනුව ලබන ජුනි මස 02 වැනිදා හම්බන්තොටදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගාවලියේදී සිට ශ්‍රී ලංකා කණ්ඩායම Moose Clothing සමාගම විසින් නිර්මාණය කරනු ලබන ඇඳුම් සමඟින් අවතීර්ණ වනු ඇත.

මෙම ගිවිසුගතවීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා, 2023 වසරේ සිට 2027 දක්වා වූ වසර 4 ක කාල සීමාව සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවා ලෙස Moose Clothing සමාගම තෝරාගනු ලැබුවේ ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසුව බවයි.

මෙම ටීෂර්ටය නිර්මාණය කිරීම සදහා යොදා ගෙන ඇති රෙදි වර්ගයද විශේෂිත එකකි. ක්‍රීඩකයාගේ කාර්යය සාධනය සහ චලනයන්  පහසු කිරීම සදහා සිදුකරන ලද පර්යේෂණයන් සහ විශ්ලේෂණයකින් පසු මෙම විශේෂිත රෙදි වර්ගය නිර්මාණය කර තිබෙන අතර එමගින් සමෙහි අභ්‍යන්තර තෙතමනය ඉවතට ගෙන බාහිර මතුපිට වඩාත් ඉක්මනින් වියළි තත්ත්වයට පත් කරනු ලබයි. අඛණ්ඩ වාෂ්පීකරණයයට අමතරව උණුසුම් සහ සීත කාලගුණ අවස්ථාවන් දෙකේදීම උෂ්ණත්වය නියාමනය ලෙස නිර්මාණය කර ඇත.

“මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ  ප්‍රධානතම ක්ෂේත්‍ර ද්විත්වයක් වන ඇඟලුම් කර්මානතය සහ ක්‍රිකට් ක්‍රීඩාව ඒකාබද්ධ කිරීමයි. ගෝලීය තලයේ වේදිකාවක Moose ඇඟලුම් වල දීප්තිමත් නිර්මාණශීලීත්වය දක්ෂතා සහ ශක්තීන් අතර ප්‍රදර්ශනය කිරීම වෙනුනේ මෙම හවුල්කාරීත්වය යොදා ගැනීමට අප බල‌ාපොරොත්තු වෙනවා”යි මේ පිළිබඳව අදහස් දක්වා සිටි Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඔ්මාර් මහතා සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar