slc
logo
Home   |    News
මැයි 9, 2023
නැගීඑන කණ්ඩායම ජපානයට

sinhala editor

ජපාන ක්‍රිකට් සංගමයේ ආරාධනාවක් මත ජපානයේ තරග සංචාරයක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස ඩෙලන් පීරිස් නම් කර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 5 ක් ඇතුළත් මෙම තරගාවලිය, ජපාන ජාතික කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත.

15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 08 වැනිදා ජපානය බලා පිටත්ව ගියේය. තරගාවලිය මැයි මස 10, 11, 13, 14 සහ 15 යන දිනයන්හිදී තෝකියෝ නුවර සානෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැතවෙනු ඇත.

එළැඹෙන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක නැගෙනහිර ආසියානු කලාපීය විස්සයි-20 අවසන් තරග වටය සදහා ජපාන කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර ඊට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය යොදා ගැනීම ජපාන ක්‍රිකට් සංගමයේ බලාපොරොත්තුව වී තිබේ.

වයස අවුරුදු 19 න් පහළ පාසල් ක්‍රිකට් තරග මාලාව අවසන්ව දේශීය තරග පිටියට පිවිසි සිටින, වයස අවුරුද 23 ට නොවැඩි ක්‍රීඩකයින්ගෙන් නැගී එන කණ්ඩායම සැදුම්ලත්ය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් ක්‍රිකට් පිටියට පිවිස සිටින නායක ඩෙලෝන් පීරිස් මෙවර නිමාවට පත් වුණු වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේදී තරගාවලියේ වීරයා ලෙසින් සම්මානය දිනා ගත් ක්‍රීඩකයා වේ. රාගම ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසින් මෙවර තරගාවලිය නියෝජනය කළ ඩෙලෝන් තරග 6 කදී ලකුණු 191 ක් සහ පන්දු යවමින් කඩුලු 29 ක් බිඳ හෙළමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම – ඩෙලෝන් පීරිස් (නායක), සකුණ ලියනගේ, දුනිත් ජයතුංග, සහිල් ඩයස්, ෂෙහාන් ප්‍රනාන්දු, රන්මිත් ජයසේන, සිතාර හපුහින්න, යොහාන් ලියනගේ, හිරන්ත ජයසිංහ, ලක්ෂාන් ගමගේ, තීෂන් විතූෂාන්, ඉමිතියාස් ස්ලාසා, සිතුම් දිසානායක, හර්ෂණ වික්‍රමසිංහ, දනාල් හේමානන්ද.

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee