slc
logo
Home   |    News
ජූනි 10, 2023
අන්තර් සමාජ විස්සයි-20 කිරුළේ අයිතිය එන්.සී.සී. ටද…? කෝල්ට්ස් ටද…?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 දා) කොළඹ එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය.
මූලික වටය යටතේ එන්. සී. සී. කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේද කෝල්ට්ස් කණ්ඩාම ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදි අතර එහිදී එන් සී. සී පිල අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසෙද්දී කෝල්ට්ස් කණ්ඩායම සහභාගිවූ තරග 4 න් 3 ක් ජය ගෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීය.
ඉකුත් 09 වැනිදා කොළඹ පී. සරා පිටියේ පැවැති අවසන් පූර්ව තරග වලදී ‌එන්. සී. සීි. කණ්ඩායම මුවර්ස් ක්‍රීඩා සමාජය පරදවමින්ද කෝල්ට්ස් කණ්ඩායම ඒස් කැපිටලන් පිල පරදවමින්ද අවසන් මහ තරග වරම උදා කරගත්හ.
අර්ධ අවසන් තරගයේදී ලසිත් ඇඹුල්දෙණිය එන්. සී. සීි. පිල වෙනුවෙන් ක්‍රීඩා කළද දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන සිවුදින තරගාවලියට ඔහුව නම් කර තිබීම නිසා ඔහුට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරී තිබේ. ඇඹුල්දෙණිය නොමැති වුවත්, නිරෝෂන් දික්වැල්ල, කමිල් මිශාර, උපුල් තරංග, සහන් ආරච්චිගේ සහ චාමික ගුණසේකර යන ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ වරම් ලද ක්‍රීඩකයින් ක්‍රීඩා කරති.
අනෙක් කණ්ඩායම වන කෝල්ට්ස් කණ්ඩායමද අවසන් කිරුළ වෙනුවෙන් හෙට දිනයේදී සිය උපරිම ශක්තිය යොදනු ඇත. ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගය නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියෙන් පසු පැවැති අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල නියෝජනය කරමින් අවසන් තරගය සඳහා රැගෙන ඒම වෙනුවෙන් ැපී පෙනෙන මෙහෙයක් සිදු කළේය. ඔහුට අමතව ධනංජය ලක්ෂාන්, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය සහ ජෙහාන් ඩැනියල් හෙට තරගයේදී මුවර්ස් පිලට ශක්තිය දෙන ප්‍රධාන ක්‍රීඩකයෝ වෙති.
මෙම අවසන් මහ තරගය සජීව චැනල් අයි රූපවාහිනී නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යූ ටියුබ් චැනලය ඔස්සේ පෙ.ව. 10.00 සිට සජීවීිව විකාශනය කෙරෙනු ඇත. මෙම තරගය නැරඹීම, ක්‍රීඩා ලෝලීන්ට විවෘතව වන අතර තරගය නැරඹීමට කැමැති ඔ්නෑම අයෙකුට එස්. එස්. සී. ක්‍රීඩාංගණය වෙත පැමිණ නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest