ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරාගවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේව යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙස එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔවන් තිදෙනා හෙට (21 වැනිදා) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යනු ඇත.
දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැති එක්දින තරගාවලිය නියෝජනය කළ මදුශංක තරග 3 කදී කඩුලු 9 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ අතරවාරයේ ඔහු ගිවුණු සතියේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වුණු ක්‍රීඩකයා බව පත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මදුශංක වෙනුවෙන් ගෙවීමට ඉදිරිපත් වුණු මුදල ඇමරිකානු ඩොලර් 92,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි 3 කට ආසන්න මුදලකි.
ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසින්ද සහන් ආරච්චිගේ මැද පෙළ පිතිකරුවකු ලෙසින්ද දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට එරෙහි තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්වූහ. මෙහිදී වෙල්ලාලගේ කඩූලු 4 ක් දවා ගනිද්දී සහන් ආරච්චිගේ ලකුණු 165 ක් රැස් කර ගනිමින් තේරීම් කමිටුවේ අවදානය දිනා ගැනීමට සමත්ව සිටියහ.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වැදුණු අතර එහ තරගයෙන් ලකුණු 175 ක විශිෂ්ඨ ජයකින් නිමා කර අතර මූලික වටයේ දෙවැනි තරගය සඳහා මේ මස 23 වැනිදා ඔ්මානයට එරෙහිව තරග වදිනු ඇත.