slc
logo
Home   |    News
ජූනි 25, 2023
කණ්ඩායම් 5 ක් ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

BY CHAMILA KARAWITA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් මෙම සතියේදී ආරම්භ වුණු අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේදී ද කැපී පෙනන දක්ෂතා රැසක්ම වාර්තා වුණු අතර ඒ අතර මුවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් සිය 200 වැනි පළමු පෙළ කඩුල්ල දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. ඒ හැරුනු කොට පොලිස් කණ්ඩායමේ අෂේන් බණ්ඩාර පිට පිටම ඉනිම දෙකකදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත්වීමද තරගාවලියේ පළමු සතියේදීම කැපී පෙනෙන සිදුවීම් බවට පත්විය.

මේ අතර කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය යළිත් වතාවක් කඩුලු 7 ක් දවා ලමින් සමස්ථ තරගයේදී කඩුලු 15 ක් දවා ගනිමින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව ලකුණු 222 ක දැවැන්ත ජයග්‍රහණයක් කරා යෑමට මං පෙත් විවර කර දුන්නේය. පළමු ඉනිමේදී කඩුලු 8 ක් දවා ගත් අකිල සමස්ථ තරගයේදී ලකූණු 135 කට කඩුලු 15 ක් දවා ලමින් තම පළමු පෙළ තරග දිවියේ තරගයක් හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය.

මේ අතර අද දිනයේදී කණ්ඩායම් 5 ක් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වූහ. රාගම, මුවර්ස්, කෝල්ට්ස්, කෝල්ට්ස්, එස්. එස්. සී. සහ බදුරලිය, පළමු සතියේදී පූර්න ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් කණඩායම් බවට පත්වූහ.

ඊට අමතරව අද දිනයේදී තවත් ශතක 4 ක් වාර්තා වුනු අතර ඒ අතර පොලිස් කන්ඩායමේ ප්‍රියමාල් පෙරේරා (101), පානදුර කණ්ඩායමේ රොෂාන් විජේනායක (නොදැවී 101), බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුනානායක (නොදැවී 100) සහ එම ක්‍රීඩා සමාජයේම මනෙල්කර් ද සිල්වා (116) ක් වශයෙන් ශතක වාර්තා කළ පිතිකරුවෝ බවට පත්වූහ.

පන්දු යැවීමේදී චිලව් මේරියන්ස් කණ්ඩායමේ අවිඳු තීක්ෂණ කඩුලු 6 ක්, යුද හමුදාවේ කෞමාල් නානායක්කාර, රාගම කණ්ඩායමේ ශෂික දුල්ශාන්, බදුරලිය ක්‍රීඩා සමාජයේ චානක කොමසාරු කඩුලු 5 බැගින් බිඳ හෙළන ලද පන්දු යවන්නෝ වූහ.

 

රාගමට ලකුණු 336 ක ජයක්

පෙර දිනයේදී ලකුණු 103 ක් ලබා සිටි ළහිරු තිරිමාන්න අද දිනයේදී ලකුණු 109 කට දැවී ගියේය. ලකුණු 302 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටවූ රාගම කණ්ඩායම ලකුණු 465 ක ඉලක්කයක ලබා දීමට සමත්විය. එම ඉලක්කය හඹා යෑමේදී බී. ආර්. සී.‌ දෙවැනි ඉනිම ලකුණු 128 කදී නිමා කිරීමට ශෂික දුල්ෂාන් ප්‍රමුඛ රාගම පන්දු යවන්නෝ සමත්වූහ. දුල්ෂාන් ලකුණු 44 කට කඩුලු 5 ක් දවා ගනිද්දී එසාන් මාලිංග ලකුණු 13 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

රාගම පළමු ඉනිම පන්දුවාර 83.3 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි – (සංජය චතුරංග 102, ජනිත් ලියනගේ 76, රන්මිත් ජයසේන 20, අවිශ්ක තරිඳු 24, සංජුල බණ්ඩාර 31, මොහොමඩ් ශිරාස් 47/3, ඩිල්රුවන් පෙරේරා 67/3)

බී.ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 143 යි – (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, ලක්ෂාන් ගමගේ 52, කල්හාර සේනාරත්න 23/3, ‌ශෂික දුල්ශාන් 45/2, ජනිත් ලියනගේ 18/4)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 51 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 302 යි – (ළහිරු තිරිමාන්න 109, සමින්ද ප්‍රනාන්දු 23, රන්මිත් ජයසේන 34, අවිශ්ක තරිඳු 47, සංතුෂ් ගුණතිලක 39*, සංජුල බණ්ඩාර 26*, උමේෂ්ක මොරායස් 60/3)

බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 25.1 කදී සියලු දෙනා දැවී ලකුණු 128 යි – (ඩිල්රුවන් පෙ‌රේරා 43, භානුක රාජපක්ෂ 26, ශෂික දුල්ශාන් 44/5, එෂාන් මාලිංග 13/2)

 

 මුවර්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 62 ක දැවැන්ත ජයක්

කුරුණෑගල තරුණ පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – (දිල්හාර පොල්ගම්පොල 26, චමින්ද බණ්ඩාර 22, මිලාන් රත්නායක 18/3, ළහිරු සමරකෝන් 24/3)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 80.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 404 යි – (සොහාන් දි ලිවේරා 96, පසිඳු සූරියබණ්ඩාර 26, මොහොමඩ් ශමාස් 79, ජනිෂ්ක පෙරේරා 28, ළහිරු සමරකෝන් 79, මිලාන් රත්නායක 26, තිලාන් ප්‍රශාන් 31*, ඩිලංක අවුරිත් 108/3, සනෝජ් දර්ශික 67/2)

කුරුණෑගල තරුණ දෙවැනි ඉනිම  පන්දුවාර 69.1 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – (සමිත් ගොහෙල් 69, ඩිල්ෂාන් කලුරේ 21, සනෝජ් දර්ශික 51, අසන්ත බස්නායක 34, නවීන් ප්‍රනාන්දු 50, මිලාන් රත්නායක 50/4, ප්‍රවීන් ජයවික්‍රම 73/2, රමේෂ් මෙන්ඩිස් 68/2)

 

අකිල ධනංජය කඩුලු 15 යි

තෙවැනි දිනයේදී 4.4 ක් ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායම කැන්ඩි කස්ටම්ස් හමුවේ ලකුණු 405 ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය. ඒ අනුව ඉලක්කය හඹා යෑමේදී කන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම පන්දුවාර 51.2 කදී ලකුණු 182 කට නවතාලීමට අකිල ධනංජය ප්‍රමුඛ කෝල්ට්ස් පන්දු යවන්නෝ සමත්වූහ. කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම වෙනුවෙන් අභිෂේක් ගුප්තා ලකුණු 104 ක් රැස් කිරීමට සමත්වූවේය.  ඒ අනුව කෝල්ට්ස් කණ්ඩායමට ලකුණු 222 ක ජයක් හිමිවිය.

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 74.3 කදී සියලු දෙනා දැවී ලකුණු 263 යි – (ඇන්ජලෝ මැතිව්ස් 124, ධනංජය ලක්ෂාන් 69, සංගීත් කුරේ 22, යොහාන් මැද්දගේ 67/3, මිතුන් ජයවික්‍රම 83/3, ගයාන් සිරිසෝම 66/3)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (අභිෂේක් ගුප්තා 45, මදුර මදුශංක 44, අනුරීත් සිං 27, සදීෂ් ජයවර්ධන 22, අකිල ධනංජය 61/8)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 65.4 කදී කඩුලු 5 ක් දැවී ලකණු 313 යි – (සංගීත් කුරේ 129, විශාද් රන්දික 29, යශෝධ ලංකා 47, ධනංජය ලක්ෂාන් 56, මුදිත ලක්ෂාන් 28, ගයාන් සිරිසෝම 92/3, මිතුන් ජයවික්‍රම 115/2)

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම පන්දුවාර 51.2 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (අභිෂේක් ගුප්තා 104, යොහාන් මැද්දගේ 22, අකිල ධනංජය 74/7, කවිෂ්ක අංජුල 32/2)

 

චිලව් මේරියන්ස් ජයග්‍රහණයට කාලය හරස් වෙයි

ගුවන් හමුදා දෙවැනි ඉනිම ලකුනු 250 දී නිමාවට පත් කළ චිලව් මේරියන්ස් පන්දු යවන්නෝ ලකුණු 166 ක පහසු ඉලක්කයක් පිතිකරුවන්ට ලබා දුන්හ. ඉලක්කය පහසු වුවත් එ් සඳහා ප්‍රමාණවත් කාලයක් චිලව් මේරියන්ස් කණ්ඩායම සතු නොවීය. දෙවැනි ඉනිම 15 වැනි පන්දු වාරයේ නිමාවට පත් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි චිලව් මේරියන්ස් පිල කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියේය.

ගුවන් හමුදාව පන්දුවාර 86.2 කදී සියලු දෙනා දැවී ලකුණු 242 යි – (මදුශංක ප්‍රේමරත්න 24, කෙමිර විජේනායක 34, සහිල් ඩයස් 94, මොවින් සුබසිංහ 24, සෙනේෂ් ප්‍රනාන්දු 31, ලසිත් ලක්ෂාන් 53/4, අවිඳු තීක්ෂණ 41/2, පුලින තරංග 62/3)

චිලව් මේරියන්ස් පන්දුවාර 92.2 කදී සියලු දෙනා දැවී ලකුණු 327 යි – (නිනද් කදම් 86, ලසිත් ලක්ෂාන් 22, සරුල් කන්වාර් 28, කසුන් විදුර 35, පුලින තරංග 88, ධම්මික ප්‍රසාද් 20, මොවින් සුබසිංහ 76/4, ලසඳ රුක්මාල් 82/4)

ගුවන් හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 66.1 කදී සියලු දෙනා දැවී ලකුණු 250 යි – (කෙමිර විජේනායක 75, මොවින් සුබසිංහ 94, අවිඳු තීක්ෂණ 104/6, ලසිත් ලක්ෂාන් 57/4)

චිලව් මේරියන්ස් ප්දුවාර 15 කදී එක් කඩුල්ලක් දැවී ලකුනු 49 යි – (කසුන් විදුර 28*)

 

එස්. එස්. සී. කණ්ඩායමට කඩුලු 10 ක ජයක්

තෙවැනි දින ආරම්බයේදී නැවතත් ගාල්ල කන්ඩායමට පන්දුවට පහර දීම සඳහා එස්. එස්. සී, කණ්ඩායම ආරාධනා කර සිටි නමුත් ඔවුන්ට දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වූයේය ලකුනු 216 ක් පමණි. එහිදී ඔෂධ ප්‍රනාන්දු ලකුණු 67 ක් ලබා ගනිද්දී ප්‍රභාත් ජයසූරිය සහ දිනුර කලුපහන කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ගාල්ල පන්දුවාර 73.3 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (රාඝව් ධවාන් 27, ඉයන් සිං 23, කවිඳු එදිරිවීර 22, රුවන්ත කෙල්ලෙපොත 87, නිසල තාරක 58/5, කලන පෙරේරා 45/3)

එස්. එස්. සී. පළමු ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 421 යි – (නුවනිඳු ප්‍රනාන්දු 157, ෂෙවෝන් ඩැනියල් 64, නිපන් ධනංජය 69, රනුධ සෝමරත්න 33, ලක්ෂිත මනසිංහ 22, නිසල තාරක 30*, උමේග චතුරංග 76/3, රුවන්ත කෙල්ලෙපොත 101/3)

ගාල්ල දෙවැනි ඉනිම පන්දුවාර 56 කදී සියලු දෙනා දැවී ලකුනු 216 යි – (ඔෂධ පනාන්දු 67, කවිඳු එදිරිවීර 30, බුද්ධික හසරංග 21*, ප්‍රභාත් ජයසූරිය 48/3, දිනුර කලුපහන 16/3, නිපුන් ධනංජය 13/2)

එස්. එස්. සී. දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 33 යි

 

 

කරට කර තරගයෙන් බදුරලියට ලකුණු 17 ක ජයක්

මග්ගොන සරේ ක්‍රීඩා පිටි පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ ඉරණම එක් ලකුණකදී විසඳෙද්දී සමස්ථ තරගයේ ජය ද ලකුණු 17 කින් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්විය. සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති මෙම තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හිමි වුවත් සෙබස්ටියනයිට්ස් දෙවැනි ඉනිම ලකුණු 162 කදී වතා ලීමට චානක කොමාසරු ප්‍රමුඛ බදුරලිය පන්දු යවන්නෝ සමත්වූහ. මෙහිදී පර්වාස් රාසූල් කඩුලු 3 ක් දවා ගනිද්දී නායක අලංකාර අසංක කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

බදුරලිය පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 137 යි – (තරිඳු සිරිවර්ධන 28, යෙසිත් රූපසිංහ 20, මොහොමඩ් ඩිල්ෂාඩ් 47/5, චාමික එදිරිසිංහ 16/2, ශශ්‍රික පුස්සෙගොල්ල 20/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 51.3 කදී සියලු දෙනා දැවී ලකුණු 136 යි – (ඉසිවර දිසානායක 36, පර්වේස් රසෝල් 60/4, චානක කොමසාරු 55/3, අලංකාර අසංක 16/2)

බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 50.4 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (යෙසිත් රූපසිංහ 63, පර්වේස් රසූල් 44, අනුක් ප්‍රනාන්දු 24, චාමික එදිරිසිංහ 69/5, තරිඳු රත්නායක 64/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 08/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 24 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 65 යි – (තුලින ඩිල්ෂාන් 27, පර්වේස් රසූල් 31/2, චානක කොමසාරු 32/2)

 

 

අෂේන් බණ්ඩාරගෙන් දෙවැනි ඉනිමේදීත් ශතකයක්

පළමු ඉනිමේදී ඉවසිලිවන්ත ලෙස ශතකයක් රැස් කළ අෂේන් බණ්ඩාර දෙවැනි ඉනිමේදීද ප්‍රියමාල් පෙරේරා සමග එක්ව ශතක සම්බන්ධතාවක් පවත්වමින් පොලිස් කණ්ඩායම පරාජයෙන් මුදවා ගත්හ. පළමු ඉනිම ජය ගත්තද දෙවැනි ඉනිම ආරම්භයේදී පළමු කඩුලු 4 ම ලකුණු 05 ක් ඇතුළත දවා ගැනීමට එන්. සී. සී. පන්දු යවන්නන් සමත් වද්දී කුසල් පෙරේරාද පස්වැනි පිතකිරුවා ලෙසින් ලකුණු පුවරුව 36 ක් වන විට පිටියෙන් ඉවත් විය. එහෙත් 6 වැනි කඩුල්ලට එක් වුනු අෂේන් බණ්ඩාර සහ ප්‍රියමාල් පෙරේරා ලකුණු 182 ක සම්බන්ධතාවක් පවත්වමින් පොලිස් කණ්ඩායම පරාජයෙන් මුදවා ගත්හ.

මෙම කඩුල්ලේ සම්බන්ධතාව බිඳ දැමීමට තමන් සතු ප්‍රධානම පන්දු යවන්නන් 7 දෙනාට නොහැකි වූ පසුබිමක පන්දුව අතට ගත් නායක ළහිරු උදාර සෙසු කඩුලු 4 ම ලකුණු 07 ක් ඇතුළත බිඳ දමමින් පළමු පෙළ තරග දිවියේ හොඳම  පන්දු යැවීම වාර්තා කළේය. ළහිරු උදාර කඩුලු රකින්නකු ලෙස කටයුතු කළද අද තරගයේදී පන්දු යැවීම කැපී පෙනිණ.

පොලිස් පළමු ඉනිම පන්දුවාර 107.1 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (අෂේන් බණ්ඩාර 112, ප්‍රියමාල් පෙරේරා 46, ගිටාන්ෂ් කේරා 68, කුසල් පෙරේරා 62, රන්දුනු ගංගනාත් 33, නිපුන් රන්සිංක 68/3, , චාමික ගුණසේකර 63/2, ලසිත් ඇඹුල්දෙණිය 104/2, අසේල සිගේරා 46/2)

එන්. සී. සී. පළමු ඉනිම පන්දුවාර 73.4 කදී සියලු දෙනා දැවී ලකුණු 359 යි – (අහන් වික්‍රමසිංහ 81, නිරෝෂන් දික්වැල්ල 99, ළහිරු උදාර 37, අසේල් සිගේරා 54, ලසිත් ඇඹුල්දෙණිය 28, නිපුන් රන්සික 24, නලින් ප්‍රියදර්ශන 108/4, ප්‍රියමාල් පෙරෙරා 16/2, මාලින්ද පුෂ්පකුමාර 107/3)

පොලිස් දෙවැනි ඉනිම පන්දුවාර 67 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 225 යි – (ප්‍රියමාල් පෙරේරා 101, අෂේන් බණ්ඩාර 100, ළහිරු උදාර 07/4, චාමික ගුණසේකර 15/2, නිපුන් රන්සික 45/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 16 කදී කඩුලු 2 ට ලකුණු 83 යි – (ළහිරු උදාර 52)

 

 

ඒස් කැපිටල්ගෙන් – බ්ලූම්‌ෆීල්ඩ් ජය පැරදුමෙන් තොරයි

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 85.4 කදී සියලු දෙනා දැවී ලකුණු 304 යි – හසිත බෝයගොඩ 93, අශාන් ප්‍රනාන්දු 25, සඳුන් වීරක්කොඩි 47, නිපුන් කරුණානායක 44, අදීෂ තිලංචන 24, රොෂාන් ජයතිස්ස 70/6, වනුජ සහන් 82/3)

ඒස් කැපිටල් පළමු ඉනිම පන්දුවාර 108 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 479 යි – (පවන්ත වීරසිංහ 125, රවිදු රත්නායක 77, හර්ෂ කුරේ 68, සකුන ලියනගේ 79, ජොෂාන් ජයතිස්ස 29, නිම්සර අතරගල්ල 24*, සිතුම් දිසානායක 25*,  රජේන්ද්‍රන් අරවින්ත් 124/4, හිමේෂ් රාමනායක 50/2)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 8 ට ලකූණූ 272 යි – (නිපුන් කරුනානායක 100*, මනෙල්කර් ද සිල්වා 116, වනුජ සහන් 94/4, රවිඳු රත්නායක 08/2)

 

යුද හමුදාවට පන්දුවාර 9 කදී ලකුනු 93 ක ඉලක්කයක්

නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – (රාහුල් ගුණසේකර 49, ෂෙහද සොයිසා 45/6, අසංක මනෝජ් 32/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 8 ට ලකුණු 227 යි – (ලක්ෂාන් එදිරිසිංහ 76, දිනේෂ් චන්දිමාල් 76, අශාන් රන්දික 41, ශෙහද සොයිසා 52, චලන ද සිල්වා 75/4, තරිඳු කෞෂාල් 88/3)

නුගේගොඩ දෙවැනි ඉනිම පන්දුවාර 82.2 කදී ලකුණු 218 යි – (ටී.එම්. සම්පත් 22, රාහුල් ගුණසේකර 83, තරිඳු කෞෂාල් 35, කෞමාල් නානායක්කාර 70/5, ෂෙහද සොයිසා 77/4)

යුද හමුදාව පන්දුවාර 9 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 49 යි – (අශාන් රන්දික 23, ළහිරු ගමගේ 21/3)

 

 

මීගමුව – පානදුර ජය පැරදුමෙන් තොරයි

රොෂාන් විජේනායකගේ සටන්කාමී ශතකය නිසා මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට පානදුර ක්‍රීඩා සමාජයට අවස්තාව උදාවිය. ලකුණු 289 ක ඉලක්කයක් හඹා යන ගමනේදී විජේනායක පන්දු 137 කදී ලකුණු 101 ක් ලබා එක් අන්තයක් ආරක්ෂා කරගත්තේය. ඒ නොවන්නට පානදුර ක්‍රීඩා සමාජයට දැඩි අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවනු නොඅනුමානය.

මීගමුව පළමු ඉනිම පන්දුවාර 72.1 කදී සියලු දෙනා දැවී ලකුණ 239 යි – (දිමුත් සඳරුවන් 97, ජටින් සක්සේනා 31, හිමාෂ ලියනගේ 21, ශෙෂාන් ප්‍රනාන්දු 42, නිමේෂ් විමුක්ති 58/4, කොෂාන් දනුෂ්ක 70/4)

පානදුර පළමු ඉනිම පන්දුවාර 46.2 කදී ලකුණු 158 යි – (සුකිත මනෝජ් 54, රොෂාන් විජේනායක 35, ධනුෂ්ක සඳරුවන් 50/3, නිෂාන් පීරිස් 59/3, චනුර ප්‍රනාන්දු 14/2)

මීගමුව දෙවැනි ඉනිම පන්දුවාර 74.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 207 යි – (ජටින් සක්සේනා 31, හිමාෂ ලියනගේ 69, සචිඳු කොළඹගේ 50*, විශ්ව ළහිරු 44/3), නිමේෂ් විමුක්ති 88/2, කොසාන් දනුෂ්ක 37/2)

පානදුර පන්දුවාර 55 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 215 යි – (රොෂාන් විජේනායක 101*, සමාර්ත් සෙත් 31, නිශාන් පීරිස් 54/4, ධනුෂ්ක සඳරුවන් 69/3)

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee