slc
logo
Home   |    News
ජූනි 9, 2023
දික්වැල්ලගේ වේගවත් ප්‍රහාරයෙන් එන්. සී. සී. අවසන් මහ සටනට

sinhala editor

නිරෝෂන් දික්වැල්ල විසින් පන්දු 26 කදී රැස් කරන ලද ලකුණු 70 ක ඉනිම ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලිය යටතේ අවසන් මහ තරග වරම උදාකර ගැනීම වෙනුවෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරිමට එන්. සී. සී. කණ්ඩායම අද (09 වැනිදා) සමත්විය. ඒ අනුව එන්. සී. සී. පිල ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වුවේය.

කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දික්වැල්ල පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව මුවර්ස් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටියදී තරගයට වර්ෂාව හරස්විය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි මුවර්ස් පිල පන්දුවාර 10 කදී කඩුලු 4 කට ලකුණු 95 ක් රැස් කරගෙන සිටියේය.

මිනිත්තු 90 කට ආසන්න කාලයකින් පසු ඇරැඹි තරගය එක් පිලකට පන්දුවාර 13 බැගින් සීමා වූ බැවින් මුවර්ස් කණ්ඩායමට තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබූ පන්දුවාර 3 දී ලකුණු 36 ක් රැස් කර ගත්තේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එන්. සී. සී. කණ්ඩායමට පන්දුවාර 13 කදී ලකුණු 138 ක ඉලක්කයක් හිමිවූ අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේ මූලිකත්වය ගත්තේය. දික්වැල්ල කෙතරම් වේගයෙන් පන්දුවට පහර දුන්නේද කිවහොත් මුහුණ දුන් 18 වැනි පන්දුවේදී හේ අර්ධ ශතකය සපුරා ගත්තේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 18 කදී ලකුණු 44 ක් ලබා ගත්තේ සිය කඩුල්ල නොබිඳීව තබා ගනිමිනි. හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් සහන්ගේ ඉනිම වර්ණවත් වද්දී එන්. සී. සී. කණ්ඩායම තවත් පන්දු 19 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේය. එන්. සී. සී, ඉනිමේ දැවී ගිය කඩුලු 3 න් 2 ක්ම දුවද්දී දැවී යෑම් ලෙසින් සටහන් වූ අතර උපුල් තරංග පමණක් ළහිරු සමරකෝන් හමුවේ ලකුණු 05 කට දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් සොහාන් ඩි ලිවේරා පන්දු 17 කදී ලකුණු 37 ක් රැස් කරගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. ඔහුට අමතරව ජනිෂ්ක පෙරේරා පන්දු 21 කදී ලකුණු 28 ක්ද පසිදු සූරියබණ්ඩාර පන්දු 14 කදී ලකුණු 28 ක්ද ලබා ගත්හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 13 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 131 යි – (සොහාන් ද ලිවේරා 37, ජනිශ්ක පෙරේරා 28, පසිඳු සූරියබණ්ඩාර 28, මොහොමඩ් ශමාස් 19, දිනුක ඩිල්ෂාන් 04, ඔමේෂ් මේඩිස් 08, රමේෂ් මෙන්ඩිස් 02*, චාමික ගුණසේකර 35/1, නිපුන් රන්සික 33/1, අසේල සිගේරා 12/1, ලසිත් ඇඹුල්දෙණිය 13/1)

එන්. සී. සී. පන්දුවාර 9.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 138 යි – (නිරෝෂන් දික්වැල්ල 70*, සහන් ආරච්චිගේ 44*, කමිල් මිශාර 15, තවීෂ හදූවආරච්චි 04, උපුල් තරංග 05, ළහිරු සමරකෝන් 24/1)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee