BY CHAMILA KARAWITA
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් තරගාවලියේ සමාරම්භක සතියේ දෙවැනි දිනය වූ අද (24 දා) දිනදී තවත් පිතිකරුවන් පස් දෙනෙකු ශතක වාර්තා කිරීමට සමත්වූහ. ඒ අතර රාගම ක්‍රීඩා සමාජයේ ළහිරු තිරිමාන්න පොලිස් කණ්ඩායමේ අෂේන් බණ්ඩාර, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ මැතිව්ස් සහ සංගීත් කුරේ, එස්. එස්. සී. කණ්ඩායමේ නුවනිදු ප්ප්‍රනාන්දු සහ ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ අද දිනයේ ශතක ලාභීහු බවට පත්වූහ.
මේ අතර පන්දු යැවීමේදී කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අකිල ධනංජය කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණ. කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 61 ක් ඇතුළත කඩුලු 8 ක් දවා ගැනීමට දකුණත් දඟ පන්දු යවන ධනංජය සමත් වූවේය.
රාගම 383 ක් ඉදිරියෙන්
ගෙවී ගිය වසර එකහමාරකට ආසන්න කාලයේදී ඔස්ට්‍රේලියාවේ පදිංච සිටි ළහිරු තිරිමාන්න නැවතත් රාගම ක්‍රීඩා සමාජය හරහා මෙරට ප්‍රධානතම ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණ සිටීම කැපී පෙනෙයි. බී.ආර්.සී. පිලට එරෙහිව පැවැත්වෙන තරගයේ දෙවැනි ඉනිමේදී තිරිමාන්න හතරේ පහර 11 ක් සමඟින් පන්දු 114 කදී නොදැවී ලකුණු 103 ක් ලබා ගැනීමට තිරිමාන්සන සමත්ව සිටියි.
රාගම පළමු ඉනිම පන්දුවාර 83.3 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි – (සංජය චතුරංග 102, ජනිත් ලියනගේ 76, රන්මිත් ජයසේන 20, අවිශ්ක තරිඳු 24, සංජුල බණ්ඩාර 31, මොහොමඩ් ශිරාස් 47/3, ඩිල්රුවන් පෙරේරා 67/3)
බී.ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 143 යි – (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, ලක්ෂාන් ගමගේ 52, කල්හාර සේනාරත්න 23/3, ශෂික දුල්ශාන් 45/2, ජනිත් ලියනගේ 18/4)
රාගම දෙවැනි ඉනිම පන්දුවාර 51 කදී කඩුලු 3 ට ලකුණු 221 යි – (ළහිරු තිරිමාන්න 103*, සමින්ද ප්‍රනාන්දු 23, රන්මිත් ජයසේන 34, අවිශ්ක තරිඳු 47)
සමරකෝන්ගේ ඉනිමෙන් මුවර්ස් ඉදිරියට
මුවර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 185 කදී බිඳ වැටී තිබියදී පිටියට පිවිසි ළහිරු සමරකෝන් පන්දු 70 කදී රැස් කරන ලද ලකුණු 79 ක ඉනිම නිසා මුවර්ස් පළමු ඉනිම සඳහා කඩුලු 9 කට ලකුනු 404 ක් දක්වා දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනංවනු ලැබීය. මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටින කුරුණෑගල තරුණ කණඩායම දෙවැනි ඉනිමේදී කඩුලු 5 ලකුණු 224 ක් ලබා සිටියි. ඒ අනුව ඔවුන්ට මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමට නම් තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුණු 90 ක් ලබා ගත යුතුව තිබේ.
කුරුණෑගල තරුණ පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – (දිල්හාර පොල්ගම්පොල 26, චමින්ද බණ්ඩාර 22, මිලාන් රත්නායක 18/3, ළහිරු සමරකෝන් 24/3)
මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 80.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 404 යි – (සොහාන් දි ලිවේරා 96, පසිඳු සූරියබණ්ඩාර 26, මොහොමඩ් ශමාස් 79, ජනිෂ්ක පෙරේරා 28, ළහිරු සමරකෝන් 79, මිලාන් රත්නායක 26, තිලාන් ප්‍රශාන් 31*, ඩිලංක අවුරිත් 108/3, සනෝජ් දර්ශික 67/2)
කුරුණෑගල තරුණ දෙවැනි ඉනිම පන්දුවාර 58 කදී කඩුලු 5 ට ලකුණු 224 යි – (සමිත් ගොහෙල් 69, ඩිල්ෂාන් කලුරේ 21, සනෝජ් දර්ශික 51, අසන්ත බස්නායක 31*, නවීන් ප්‍රනාන්දු 40*, මිලාන් රත්නායක 38/2, ප්‍රවීන් ජයවික්‍රම 73/2)
මැතිව්ස්ගෙන් සහ කුරේ ශතක වාර්තා කරති
කෝල්ට්ස් පළමු ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 124 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගෙන් කණ්ඩායමට ලැබිය යුතු සේවය අවම වීම නිසා කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 263 න් නිමාවට පත්විය. තම පරිණත භාවය විදහා දක්වමින් මැතිව්ස් ලබා ගත් මෙම ලකුණු 124 සඳහා හේ පන්දු 193 කට මුහුණ දුන්නේය. ඊට හයේ පහර 6 ක් සහ හතරේ 10 ක්ද මැතිව්ස් ඇතුළත් කර තිබුණේය. මැතිව්ස්ට අමතරව ධනංජය ලක්ෂාන් ලකුණු 69 ක් ලබා ගත්තේය.
දෙවැනි ඉනිමේදී ක්‍රියාත්මක වූ සංගීත් කුරේ ලකුණු 125 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.
කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 74.3 කදී සියලු දෙනා දැවී ලකුණු 263 යි – (ඇන්ජලෝ මැතිව්ස් 124, ධනංජය ලක්ෂාන් 69, සංගීත් කුරේ 22, යොහාන් මැද්දගේ 67/3, මිතුන් ජයවික්‍රම 83/3, ගයාන් සිරිසෝම 66/3)
කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (අභිෂේක් ගුප්තා 45, මදුර මදුශංක 44, අනුරීත් සිං 27, සදීෂ් ජයවර්ධන 22, අකිල ධනංජය 61/8)
කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 61 කදී කඩුලු 4 ක් දැවී ලකණු 275 යි – (සංගීත් කුරේ 125*, විශාද් රන්දික 29, යශෝධ ලංකා 47, ධනංජය ලක්ෂාන් 56, ගයාන් සිරිසෝම 76/2, මිතුන් ජයවික්‍රම 93/2)
පුලින තරංගගෙන් නායකත්වයේ ඉනිමක්
ලකුණු 242 ක පළමු ඉනිමේ අභියෝගය හඹා යෑමේදී පළමු කඩුලු 5ම ලකුණු 106 කදී බිඳ වැටී තිබියදී පිටියට පැමිණි පුලින තරංගගේ නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් ලබා ගන්නා ලද ලකුණු 88 ක වටිනා ඉනිම හේතුවෙන් දෙවැනි දිනය අවසන් වන විට චිලව් මේරියන්ස් කණ්ඩායම කඩුලු 9 ට ලකුණු 325 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය. පුලිනට අමතරව නිනද් කදම් ලකුණු 86 ක් රැස් කර ගත්තද රවීන් යසස් සහ දමිත සිල්වා ලකුණක් ඇතුළත දැවී යෑම නිසා චිලව් මේරියන්ස් අසීරුතාවයට මුහුණ දුන්නේය.
ගුවන් හමුදාව පන්දුවාර 86.2 කදී සියලු දෙනා දැවී ලකුණු 242 යි – (මදුශංක ප්‍රේමරත්න 24, කෙමිර විජේනායක 34, සහිල් ඩයස් 94, මොවින් සුබසිංහ 24, සෙනේෂ් ප්‍රනාන්දු 31, ලසිත් ලක්ෂාන් 53/4, අවිඳු තීක්ෂණ 41/2, පුලින තරංග 62/3)
චිලව් මේරියන්ස් පන්දුවාර 91 කදී කඩුලු 9 ට ලකුණු 325 යි – (නිනද් කදම් 86, ලසිත් ලක්ෂාන් 22, සරුල් කන්වාර් 28, කසුන් විදුර 35, පුලින තරංග 88, මොවුන් සුබසිංහ 74/4, ලසඳ රුක්මාල් 82/3)
වැඩිම ලකුණු නුවනිඳුගෙන්
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමූ සතිය ආරම්භවී දින දෙකක් අවසන් වන විට වැඩිම ලකුණු වාර්තා කර පිතිකරුවා බවට පත්වීමට එස්. එස්. සී. කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු සමත්ව සිටියි. ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 157 ක් ලබා ගැනීමට සමත්වූවේය. පන්දු 186 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඒ සදහා හතරේ පහර 25 ක් එල්ල කළේය. ඔහුට අමතරව නිපුන් ධනංජය ලකුණු 69 ක් ලබා ගැනීමට සමත්වීමත් ෂෙවෝන් ඩැලියල් ලකුණු 64 ක් ලබා ගැනීමට සමත්වීමත් ප්‍රදාන කොට දෙවැනි දින තරගය අවසන් වන විට එස්. එස්. සී, පළමු ඉනිම කඩුලු 8 ට ලකුණු 421 ක් ලෙස ප්‍රභල ස්ථානයක පසුවේ.
ගාල්ල පන්දුවාර 73.3 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (රාඝව් ධවාන් 27, ඉයන් සිං 23, කවිඳු එදිරිවීර 22, රුවන්ත කෙල්ලෙපොත 87, නිසල තාරක 58/5, කලන පෙරේරා 45/3)
එස්. එස්. සී. පළමු ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 421 යි – (නුවනිඳු ප්‍රනාන්දු 157, ෂෙවෝන් ඩැනියල් 64, නිපන් ධනංජය 69, රනුධ සෝමරත්න 33, ලක්ෂිත මනසිංහ 22, නිසල තාරක 30*, උමේග චතුරංග 76/3, රුවන්ත කෙල්ලෙපොත 101/3)
බදුරලිය – සෙබස්ටියනයිට්ස් කරට කර
මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන බදුරලිය සහ සෙබස්ටියනයිට්ස් අතර තරගයේ පළමු ඉනිම ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී බදුරලිය ක්‍රීඩා සමාජය එක් ලකුණකින් පෙරමුණ ගත්තේය. නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බදුරලිය කණඩායම අද දිනයේදී යළිත් ලකුණු 178 කට සීමාකිරීමට සෙබස්ටියනයිට්ස් පන්දු යවන්නන් සමතවීම නිසා ඔවුනට ලකුණු 180 ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය හමා යමින් සිටින සෙබස්ටියනයිටස් පිල කඩුලු 4 කට ලකුනු 65 ක ලබා සිටින්නෙ ජයග්‍රහනය සඳහා තවත් කඩුලු 6 කදී ලකුණු 115 ක් පිටුපසින් සිටිමිනි. බදුරලිය දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛයාවකට සීමා කිරීම වෙුනවෙන් කැපී පෙනුණු චාමික එදිරිසිංහ ලකුණු 69 කදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්විය.
බදුරලිය පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 137 යි – (තරිඳු සිරිවර්ධන 28, යෙසිත් රූපසිංහ 20, මොහොමඩ් ඩිල්ෂාඩ් 47/5, චාමික එදිරිසිංහ 16/2, ශශ්‍රික පුස්සෙගොල්ල 20/2)
සෙබස්තියනයිට්ස් පන්දුවාර 51.3 කදී සියලු දෙනා දැවී ලකුණු 136 යි – (ඉසිවර දිසානායක 36, පර්වේස් රසෝල් 60/4, චානක කොමසාරු 55/3, අලංකාර අසංක 16/2)
බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 50.4 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (යෙසිත් රූපසිංහ 63, පර්වේස් රසූල් 44, අනුක් ප්‍රනාන්දු 24, චාමික එදිරිසිංහ 69/5, තරිඳු රත්නායක 64/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 08/2)
සෙබස්තියනයිට්ස් පන්දුවාර 24 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 65 යි – (තුලින ඩිල්ෂාන් 27, පර්වේස් රසූල් 31/2, චානක කොමසාරු 32/2)
අෂේන් බණ්ඩාරගෙන් වෙහෙසකර ශතකයක්
පළමු දිනයේදී නොදැවී ලකුණු 74 ක් ලබා සිටි පොලිස් කන්ඩායමේ අෂේන් බණ්ඩාර අද දිනයේදී එය ශතකයක් බවට පරිවර්තනය කර ගත්තේය. එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව ලද එම ලකුණු 112 ක ඉනිම සදහා ඔහු පන්දු 170 කට මුහුණ දී තිබුණේය. බණ්ඩාරගේ ශතකයේ ඇති විශේෂත්වය වූයේ ඒ සදහා ඔහු හතරේ පහර 8 ක් එල්ල කර තිබීමය. ඒ අනුව ඔහු ලබා ගත් ලකුණු 112 න් 32 ක් පමණක් හතරේ පහර වලින් ලබා ගත් ඒවා වූ අතර ඉතිරි සියල්ලම කඩුලු අතර දිව යමින් රැස් කරගන්නා ලද ලකුණු විය.
මේ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී එන්. සී. සී. පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 99 කට දැවී ගියේය. දික්වැල්ල ඒ සදහා පන්දු 110 ක් පමණක් වැය කළේ තම ඉනිමට හයේ පහරක් සහ හතරෙ පහර 12 ක්ද ඇතුළත කරමිනි.
පොලිස් පළමු ඉනිම පන්දුවාර 107.1 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (අෂේන් බණ්ඩාර 112, ප්‍රියමාල් පෙරේරා 46, ගිටාන්ෂ් කේරා 68, කුසල් පෙරේරා 62, රන්දුනු ගංගනාත් 33, නිපුන් රන්සිංක 68/3, , චාමික ගුණසේකර 63/2, ලසිත් ඇඹුල්දෙණිය 104/2, අසේල සිගේරා 46/2)
එන්. සී. සී. පළමු ඉනිම පන්දුවාර 70 කදී කඩුලු 8 ට ලකුණු 336 යි – (අහන් වික්‍රමසිංහ 81, නිරෝෂන් දික්වැල්ල 99, ළහිරු උදාර 37, අසේල් සිගේරා 54, ලසිත් ඇඹුල්දෙණිය 23*, නලින් ප්‍රියදර්ශන 104/3, ප්‍රියමාල් පෙරෙරා 16/2, මාලින්ද පුෂ්පකුමාර 88/2)
ඒස් කැපිටල්ගෙන් ප්‍රභල පිළිතුරක්
පවන්ත වීරසිංහගේ ලකුණු 125 ත් රවිදු රත්නායක (77), හර්ෂ කුරේ (68), සහ සකුන ලියනගේ (77) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඒස් කැපිටල් පිල කඩුලු 7 කට ලකුණු 410 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සමත්ව සිටියි.
පන්දු 161 ට මුහුණ දුන් ආරම්භක පිතිකරුවා වන පවන්ත වීරසිංහ ඒ සඳහා හයේ පහරක් සහහතරේ පහර 12 ක් එල්ල කළේය.
බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 85.4 කදී සියලු දෙනා දැවී ලකුණු 304 යි – හසිත බෝයගොඩ 93, අශාන් ප්‍රනාන්දු 25, සඳුන් වීරක්කොඩි 47, නිපුන් කරුණානායක 44, අදීෂ තිලංචන 24, රොෂාන් ජයතිස්ස 70/6, වනුජ සහන් 82/3)
ඒස් කැපිටල් පළමු ඉනිම පන්දුවාර 92 කදී කඩුලු 7 ට ලකුණු 410 යි – (පවන්ත වීරසිංහ 125, රවිදු රත්නායක 77, හර්ෂ කුරේ 68, සකුන ලියනගේ 77, රජේන්ද්‍රන් අරවින්ත් 99/4, හිමේෂ් රාමනායක 39/2)
නුගේගොඩ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
පළමු ඉනිම ලකුණු 151 කට සීමා වීමත් ඊට පිළිතුරු ලෙස යුද හමූදා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුනු 76 කින් පෙරමුණ ගැනීමට සමතවීම නිසා නුගේගොඩ ක්‍රීඩා සමාජය මේ වන විටත් ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරතව සිටියි. නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින නුගේගොඩ පිල ලකුනු 21 කට කඩුල්ලක් දැවී සිටින්නේ ඉනිමක පරාජයෙන් බේරීම සදහා තවත් ලකුණු 105 කින් සිටින පසුබිමකදීය.
නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 151 යි – (රාහුල් ගුණසේකර 49, ෂෙහද සොයිසා 45/6, අසංක මනෝජ් 32/2)
යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 85 කදී කඩුලු 8 ට ලකුණු 227 යි – (ලක්ෂාන් එදිරිසිංහ 76, දිනේෂ් චන්දිමාල් 76, අශාන් රන්දික 41, ශෙහද සොයිසා 52, චලන ද සිල්වා 75/4, තරිඳු කෞෂාල් 88/3)
නුගේගොඩ දෙවැනි ඉනිම පන්දුවාර 11 කදී කඩුලු 1 ක් දැවී ලකූණු 21 යි
මීගමුව ලකුණු 144 ක් ඉදිරියෙන්
මීගමුව පළමු ඉනිම පන්දුවාර 72.1 කදී සියලු දෙනා දැවී ලකුණ 239 යි – (දිමුත් සඳරුවන් 97, ජටින් සක්සේනා 31, හිමාෂ ලියනගේ 21, ශෙෂාන් ප්‍රනාන්දු 42, නිමේෂ් විමුක්ති 58/4, කොෂාන් දනුෂ්ක 70/4)
පානදුර පළමු ඉනිම පන්දුවාර 46.2 කදී ලකුණු 158 යි – (සුකිත මනෝජ් 54, රොෂාන් විජේනායක 35, ධනුෂ්ක සඳරුවන් 50/3, නිෂාන් පීරිස් 59/3, චනුර ප්‍රනාන්දු 14/2)
මීගමුව දෙවැනි ඉනිම පන්දුවාර 27 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 63 යි – (ජටින් සක්සේනා 22*, විහ්ව ළහිරු 10/2)