slc
logo
Home   |    News
ජූනි 29, 2023
නිරෝෂන් දික්වැල්ලගෙන් වේගවත් ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් අද එන්සීසී පිටියේ පැවැති එන්සීසී – සෙබස්තියනයිට්ස් අතර තරගයේදී එන්සීසී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල වේගවත් ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු 95කදී දැවැන්ත හයේ පහරක් හා හතරේ පහර 15ක් සමග දික්වැල්ල ලබාගත් ශතකයත් සමග එන්සීසී පිල කඩුලු 1කට ලකුණු 211ක් ලබා ගත්තේය.කා

සියේ වාසිය දිනාගත් සෙබස්තියනයිට්ස් පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 120ක් ලබාගත් අතර, පළමු දිනය නිමාවෙද්දී එන්සීසී පිල ලකුණු 91ක් ඉදිරියෙන් සිටියේය. නිරෝෂන් දික්වැල්ල හා නායතක ළහිරු උදාර එක්ව පළමු කඩුල්ලට ලකුණු 195ක සම්බන්ධතාවක් ගොඩනගා සිටියදී සෙබස්තියනයිට්ස් පිලේ පා දඟ පන්දු යවන තුලින දිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව නිරෝෂන් දික්වැල්ල දැවී ගියේය. ළහිරු උදාර පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග නොදැවී ලකුණු 84ක් ලබා සිටින අතර, කමීල් මිෂ්රා නොදැවී ලකුණු 3ක් ලබා සිටී. සෙබස්තියනයිට්ස් පිල අඩු ලකුණු ගණනකට සීමා කිරීමට කඩුලු 3 බැගින් බිඳහෙලූ අසේල් සිගේරා හා අෂේන් ඩැනියෙල් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළේය.

සෙබස්තියනයිට්ස් පිල පළමු ඉනිම ලකුණු 120 (ඕවර් 40)අ – භිෂේක් ලියනාරච්චි 19, චිතම්බරම් ගෞතම් 12, ඉසිවර දිසානායක 24, කවිඳු රණසිංහ 15, තරිදු රත්නායක 20 (අසේල් සිගේරා 30/3, ලසිත් ඇඹුල්දෙනිය 44/2, අෂේන් ඩැනියෙල් 26/3)

එන්සීසී පිල කඩුලු 1කට ලකුණු 211 (32)නි – රෝෂන් දික්වැල්ල 122, ළහිරු උදාර නොදැවී 84, කමීල් මිෂ්රා නොදැවී 3( තුලින දිල්ෂාන් (14/1)

අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ හෙට ( 30) සිට ආරම්භවන අනෙක් තරග මෙසේය:

සීසීසී – නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය අතර තරගය සීසීසී පිටියේදී
යුද හමුදාව – කැන්ඩි කස්ටම් අතර තරගය පනාගොඩ යුද හමුදා පිටියේදී
එස්එස්සී – මීගමුව අතර තරගය එස්එස්සී පිටියේදී
කොල්ට්ස් – බීආර්සී කෝල්ට්ස් පිටියේදී
රාගම – පානදුර අතර තරගය තර්ස්ටන් පිටියේදී
කුරුණෑගල තරුණ – ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර පිටියේදී
ගුවන් හමුදාව – මුවර්ස් අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේදී
හලාවත මේරියන්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය බ්ලුම්ෆීල්ඩ් පිටියේදී
බදුරලිය – ඒස් කැපිටල් අතර තරගය මග්ගොන සරේ පිටියේදී

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest