slc
logo
Home   |    News
ජූනි 23, 2023
මේජර් ලීග් පළමු ශතකය සංජය චතුරංගගෙන්

sinhala editor

BY CHAMILA KARAWITA

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජයේ සංජය චතුරංග අද (23 දා) සමත්වූවේය. තරගාවලියේ සමාරම්භක දිනයේදීම බී.ආර්.සී. පිලට එරෙහිව සංජය ලකුණු 102 ක් ලබා ගැනීමට සමත්වූවේය.

ඊට අමතරව මුවර්ස් ක්‍රීඩා සමාජයේ සොහාන් දි ලිවේරා (96), ගුවන් හමුදාවේ සහිල් ඩයස් (94) සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ හසිත බෝයෙගොඩ (93) ශතක පෙනී පෙනී දැවී ගියේය.විදුහලීන්

මෙවර තරගාවලියේ පළමු ශතක ලාභියා බවට පත් වුණු සංජය තම ලකුණු 102 සදහා පන්දු 164 කට මුහුණ දුන්නේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වුණු එම ශතකය සංජය ලබා ගන්නා විට ඔහු 31 ක් වැනි විය ගෙවමින් පසුවන්නේය. වමතින් පන්දුවට පහර දෙන සංජය පානදුර ශාන්ත ජෝන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමද නියෝජනය කිරීමට සමත්ව ඇති ක්‍රීඩකයෙකි.

පිතිකරුවන් එසේ කැපී පෙනෙද්දී දිනයේ හොඳම පන්දු යැවීම යුද හමුදාවේ ෂෙහද සොයිසා (46/6) සහ ඒස් කැපිටලන් පිලේ රෛාෂාන් ජයතිස්ස (70/6) වාර්තා කරගත්හ. ඒ හැරුණු විට එස්. එස්. සී. පිලේ නිසල තාරක සහ සෙබස්තියනයිට්ස් පිලේ මොහොමඩ් ඩිල්ෂාඩ් කඩුලු 5 බැගින් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මේ අතර අද පැවැති තරග අතුරින් කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 90 කට දැවී යෑම කැපී පෙනණි. කුරුණෑගල එසේ අඩු ලකුණු වලට සීමා වෙද්දී රාගම ක්‍රීඩා සමාජය (305), පොලිස් (310) සහ බ්ලූම්ෆීල්ඩ් (304) යන ක්‍රීඩා සමාජ පළමු දිනයේදීම ලකුණු 300 ඉක්මවා රැස් කර ගැනීමට සමත්වූහ.

මේ අතර පොලීස් කණ්ඩායම නියෝනය කළ කුසල් පෙරේරා පන්දු 117 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 61 ක් ලබා ගනිද්දී එම කණ්ඩායමේ අෂේන් බණ්ඩාර පන්දු 120 කට මුහුණ දී ලකුණු 74 ක් ලබා හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට සූදානමින් සිටියි.

පළමු ශතකය සංජය චතුරංගගෙන්

රාගම පළමු ඉනිම පන්දුවාර 83.3 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි – (සංජය චතුරංග 102, ජනිත් ලියනගේ 76, රන්මිත් ජයසේන 20, අවිශ්ක තරිඳු 24, සංජුල බණ්ඩාර 31, මොහොමඩ් ශිරාස් 47/3, ඩිල්රුවන් පෙරේරා 67/3)

බී.ආර්. සී. පන්දුවාර 6 කදී කිසිවකු නොදැවී ලකුණු 10 යි

 

කුරුණෑගල තරුණ පළමු ඉනිම 90 න් නවතියි

කුරුණෑගල තරුණ පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – (දිල්හාර පොල්ගම්පොල 26, චමින්ද බණ්ඩාර 22, මිලාන් රත්නායක 18/3, ළහිරු සමරකෝන් 24/3)

මුවර්ස් පන්දුවාර 51 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 240 යි – (සොහාන් ද ලිවේරා 96, පසිඳු සූරියබණ්ඩාර 26, මොහොමඩ් ශමාස් 58*, ජනිෂ්ක පෙරේරා 27*, ඩිලන්ක අවුරිත් 87/2)

 

කුසල් – අෂේන් අර්ධ ශතක වාර්තා කරති

පොලිස් පන්දුවාර 90 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 310 යි – (අෂේන් බණ්ඩාර 74*, ප්‍රියමාල් පෙරේරා 46, ගිටාන්ෂ් කේරා 68, කුසල් පෙරේරා 62, රන්දුනු ගංගනාත් 33, නිපුන් රන්සිංක 47/3, චාමික ගුණසේකර 49/2)

 

සහිල්ගෙන් ලකුණු 94 ක්

ගුවන් හමුදාව පන්දුවාර 86.2 කදී සියලු දෙනා දැවී ලකුණු 242 යි – (මදුශංක ප්‍රේමරත්න 24, කෙමිර විජේනායක 34, සහිල් ඩයස් 94, මොවින් සුබසිංහ 24, සෙනේෂ් ප්‍රනාන්දු 31, ලසිත් ලක්ෂාන් 53/4, අවිඳු තීක්ෂණ 41/2, පුලින තරංග 62/3)

චිලව් මේරියන්ස් පන්දුවාර 1 කදී කිසිවකු නොදැවී ලකුණු 01 යි

 

නිසලගේ පන්දු යැවීමෙන් ගාල්ල 244 න් නවතියි

ගාල්ල පන්දුවාර 73.3 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (රාඝව් ධවාන් 27, ඉයන් සිං 23, කවිඳු එදිරිවීර 22, රුවන්ත කෙල්ලෙපොත 87, නිසල තාරක 58/5, කලන පෙරේරා 45/3)

එස්. එස්. සී. පන්දුවාර 6 කදී කඩුල්ලක් දැවී ලකුණු 33 යි

 

සෙබස්තියනයිට්ස් අසීරුතාවක

බදුරලිය පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 137 යි – (තරිඳු සිරිවර්ධන 28, යෙසිත් රූපසිංහ 20, මොහොමඩ් ඩිල්ෂාඩ් 47/5, චාමික එදිරිසිංහ 16/2, ශශ්‍රික පුස්සෙගොල්ල 20/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 33 කදී කඩුලු 7 ට ලකුණු 85 යි – (පර්වේස් රසෝල් 36/4, චානක කොමසාරු 49/3)

 

බෝයෙගොඩගේ ඉනිම 93 න් නවතියි

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 85.4 කදී සියලු දෙනා දැවී ලකුණු 304 යි – හසිත බෝයගොඩ 93, අශාන් ප්‍රනාන්දු 25, සඳුන් වීරක්කොඩි 47, නිපුන් කරුණානායක 44, අදීෂ තිලංචන 24, රොෂාන් ජයතිස්ස 70/6, වනුජ සහන් 82/3)

 

නුගේගොඩ ලකුණු 149 යි

නුගේගොඩ පළමු ඉනිම පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 149 යි – (රාහුල් ගුණසේකර 49, ෂෙහද සොයිසා 46/6, අසංක මනෝජ් 30/2)

 

දිමුත් සඳරුවන් නොදැවී 87 යි

මීගමුව පළමු ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 177 යි – (දිමුත් සඳරුවන් 87*, ජතින් සක්සේනා 31, කොෂාන් ධනුෂ්ක 44/3)

නිසල තාරක කඩුලු 5 දවා ගැනීමෙන් අනතුරුව

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee