slc
logo
Home   |    News
ජූනි 30, 2023
රුශද දෙවැනි ශතකය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවරදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින පැවැති තරග වලදී කොළඹ දකුණු පිල ලකුණු 98 ක ජයක් වාර්තා කර ද්දී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

‌පල්ලෙකැලේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. එම තත්ත්වය මත දඹුල්ල කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25 කදී ලකුණු 248 ක ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් පමණි.

මෙම තරගයේදී කොළඹ දකුණ වෙනුවෙන් රුශද ගමගේ ලකුණු 117 ක් රැස් කිරීමට සමත්විය. මෙය මෙවර තරග වාරයේ රැස් කරන ලද දෙවැනි ශතකය ලෙසින් සටහන් විය. පන්දු 104 කදී වාර්තා වුණු එම වටිනා ඉනිම සදහා ඔහු හතරේ පහර 14 ක් එල්ල කර තිබුණේය.

මේ අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතර මඟ අතරහැර දැමිමට පියවර ගනු ලැබීය. පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල පන්දුවාර 38.5 කදී සියලු දෙනා ලකුණු 130 කට දැවී ගියද ඊට පීතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී 9 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව යැවීමත් සමඟ වර්සාවෙන් බාධා ඇතිවීම නිසා තරග

 

කොළඹ දකුණ සහ දඹුල්ල – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

කොළඹ දකුණට ලකුණු 98 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 යි – (විශේන් හැළඹගේ 41, රුශඳ ගමගේ 117, රිවිත් ජයසූරිය 27, කවිඳු ගයත්‍ර 31, චතුමාල් නිමේ 44/2, විශ්ව රාජපක්ෂ 78/2, ජනිත් ප්‍රනාන්දු 36/2)

දඹුල්ල පන්දුවාර 25 කදී කඩුලු 9 ට ලකුනු 150 යි – (පසිඳු මේනක 24, අමේෂ් තෙන්නකෝන් 54, විශ්ව රාජපක්ෂ 27, විශේන් හැළඹගේ 31/4, ෂෙ‌නන් රුද්‍රිගෝ 39/4)

 

කොළඹ උතුර – මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී

තරගය අතහැර දමන ලදී

මහනුවර පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී ලකුණු 130 යි – (රහල් අමරසිංහ 20, කවීජ ගමගේ 26. මනුල කුලරත්න 20, ඉනුක කරන්නාගොඩ 28/3, රුවිෂාන් පෙරේරා 15/2)

කොළඹ උතුර පන්දුවාර 8.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 53 යි – (හිරුන් කපුරුබණ්ඩාර 36)

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest