එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම මූලක වටය යටතේ ස්කොට්ලන්තයට එරෙහිව අද (27 දා) බුලවායෝහි පැවැති තරගයෙල් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කරමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 6 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.
යම් අභියෝගයකට ලක් වුණු ශ්‍රී ලංකා ඉනිමේදී ලබා දුන් ලකුණු 246 ක ඉලක්කය, හඹා යෑමේදී ස්කොට්ලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 29 කදී කුණු 163 ක් පමණි. මැද පෙළින් පැමිණි ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 41 කදී නොදැවී ලකුණු 56 ක් රැස් කර කළද සෙසු පිතිකරුවන්ගේ සහාය ඔහුට නොලැබිණ.
එම ඉලක්කය හඹා යෑමේදී නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ම ලකුණු 100 ක් ඇතුළතදී දවා ලීමට මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් 9 වැනි කඩුල්ලට එක් වුනු ක්‍රිස් සෝල් (17) සහ ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 43 කදී ලකූණු 55 ක් එක් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කළහ. මොවුන් දෙදෙනාම දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී නොයන්නට මීට වඩා පරාජිත පරතරය අඩු කර ගැනීමට ඔවුනට අවස්ථාව තිබිණ.
පෙර තරග 3 දී කඩූ 5 ට වැඩියෙන් දවා ගත් වනිඳු අද දිනයේදීත් ලකුණු 42 කදී කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුගේ සහායකයා වන මහීෂ් තීක්ෂණ ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. තරගයේ වීරයා සම්මානයෙන් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් මහීෂ් තීක්ෂණ නම් කෙරිණ.
මෙවර තරගාවලියේදී පිතිකරණයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 245 ක පමණි. ඊට ප්‍රධානම හේතුව වූයේ වර්තමාන එක්දින පිලේ ලකුණු මැෂිම බවට පත්ව සිටින දිමුත් කරුනාරත්න ඉක්මනින්ම දැවී යෑම නිසාය. පිට පිටම ඉනිම 5 දී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් රැස් කිරීමට සමත්ව සිටින වමත් පිතිකරුවා අද දිනයේදී ලකුනු 07 කට දැවී ගියේය. පෙර තරගයේ පරිදිම කුසල් මෙන්ඩිස්ට අද දිනයේදීත් වැඩි වේලා පිටියේ රැඳී සිටීමට නොහැකි විය. ඔහු එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේය.
පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට සේවය අවශ්‍ය මොහොතේදී එක් වුණු සධීර සමරවික්‍රම (26) පැතුම් නිස්සංක සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක්ද චරිත් අසලංක සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතා එක් කළහ. පන්දු 85 කට මුහුණ දුන් පැතුම් අද දිනයේදී 9 වැනි අර්ධ ශතකය සපුරා ගත්තේය. ඊට අමතරව අද දිනයේදී පැතුම් ද එක්දින තරග වල ලකුණු 1000 සීමාව ඉක්මවාලීමට සමත්වූවෙය.
පැතුම්ගේ දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී වේගවත් ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.
සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටය ලබන 29 වැනිදා ආරම්භ වනු ඇත. එහිදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් කණ්ඩායම සුපිරි 6 දෙනාගේ තරග වටය සඳහා මූලික වටයේ ලකූණු 4 බැගින් රැගෙන යති. මූලික වටය යටතේ තරග නොවැදි කණ්ඩායම් පඹන්ක සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටයේදී මුණ ගැසෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව 30 වැනිදා නෙදර්ලන්තය සමඟත්, ජූලි 02 වැනිදා සිම්බාබ්වේ සමඟත් සහ ජූලි 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් සමඟත් තරග වැදීමට නියමිතව සිටිති.
ශ්‍රී ලංකාව පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 245 යි – (පැතුම් නිස්සංක 75, දිමුත් කරුනාරත්න 7, කුසල් මෙන්ඩිස් 1, සධීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, දසුන් ශානක 0, වනිඳු හසරංග 15, මහීෂ් තීක්ෂණ 16, කසුන් රාජිත 1, ළහිරු කුමාර 5, ක්‍රිස් සෝල් 46/2, අලෙස්ඩෙයාර් එවන්ස් 35/1, මාක් වොට් 52/3, ක්‍රිස් ග්‍රේව්ස් 32/4)
ස්කොට්ලන්තය පන්දුවාර 29 කදී සියලු දෙනා දැවී ලකුණු 163 යි – (ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් 29, රිචී බෙරින්ටන් 10, ක්‍රිස් ග්‍රීව් 56*, මාක් වොට් 14, ක්‍රිස් සෝල් 17, කසුන් රාජිත 25/1, ළහිරු කුමාර 30/1, මහීෂ් තීකෂණ 41/3, දසුන් ශානක 00/1, වනිඳු හසරංග 42/2, මහීෂ් තීක්ෂණ 31/3)