slc
logo
Home   |    News
ජූනි 28, 2023
සුපිරි කණ්ඩායම් හයදෙනාගේ තරග වටය හෙට සිට

sinhala editor

ඉන්දියාවේ පැවැත්වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ මූලික තරග වටය අවසානයේ කණ්ඩායම් 6 ක් සුපිරි කණ්ඩායම් 6 අතර හෙවත් ‘සුපර් සික්ස්’ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටිති. ඒ අතර ‘ඒ’ කණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ ද ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමාන් යන රටවල් මේ වසර අගදී ඉන්දියා‌වේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගැනෙන අවසන් කණ්ඩායම් දෙක අතරට පැමිණීම සඳහා තරග වදිනු ඇත.

මෙම කණ්ඩායම් අතුරින් මූලික වටයේ තරගවලදී  ලත් ජයග්‍රහණයත් සමඟ ලබා සිටින සියලුම ප්‍රසාද ලකුණු සූපර් සික්ස් තරග වටයට රැගෙන යනු ඇත. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හෙට (29 වැනිදා) බුලවායෝහිදී ආරම්භ වන අතර එහිදී සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම තරග වැදීමට නියමිතය.

සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් මූලික වටය යටතේ හමු නොවුණු කණ්ඩායම් අතර තරග වදිනු ඇත. මෙහි අවසන් මහ තරගයක් පැවැත්වෙන නමුත් එහි ප්‍රතිඵලය කුමක් වුවත් එම කණ්ඩායම් දෙකම මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

සුපර් සික්ස් තරගාවලියේදී වැඩි දක්ෂතා දක්වමින් අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත්, එහි ප්‍රතිඵලය කුමක් වුවත්, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සුදූකම් ලබන්නේ දෙවැනි කණ්ඩායම ලෙසින් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කරන ලද නිවේදනයක පැහැදිළිවම සඳහන්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔක්තෝබර් මස 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලිහි දී තරග වැදීමට සිදුවනු ඇත. 2019 වසරෙ ශූරයින් සහ අනුශූරයින් වන එංගලන්තය සහ නවසීලන්ත අතර තරගයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 05 වැනිදා ආරම්භ වනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලි නගරයට අමතරව, හයිද්‍රාබාද්, බැංගලෝර්, පුනේ, මුම්බායි සහ ලක්නව් යන නගර වලදී තරග වැදීමට නියමිතව සිටියි.

ඉහතින් සඳහන් කරන ලද මූලික වටයේ තරග වලදී ලද ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සුපර් 6 තරග වටයට පිවිසෙන අතර ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා එම තරග වටයට පිවිසෙති.

සුපර් සික්ස් තරග වටයට පිවිසීමට නොහැකි වූ කණ්ඩායම් හතර ප්ලේ ඔ්ෆ් තරග වටයට ක්‍රීඩා කිරීම සඳහා සිම්බාබ්වේ දේශයේදීම රැඳී සිටීමට නියමිතය.

සුපර් සික්ස් තරග කාල සටහන

ජුනි 29 – සිම්බාබ්වේ සහ ඕමානය අතර තරගය බුලවායෝහිදී

ජුනි 30 – ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර බුලවායෝහිදී

ජූලි 01 – ස්කොට්ල්නත්ය සහ බටහිර ඉන්දීය කොදේව අතර තරගය හරාරේහිදී

ජූලි 02 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්බේ අතර තරගය බුලවායෝහීදී

ජූලි 03 – නෙදර්ලන්තය සහ ඕමානය අතර හරාරේහිදී

ජූලි 04 – සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගය බුලවායෝහීදී

ජූලි 05 – ඕමානය සහ බ.ඉ.කොදෙව් අතර තරගය හරාරේහීදී

ජූලි 06 – නෙදර්ලන්තය සහ ස්කොටා්ලන්තය අතර බුලවායෝහිදී

ජූලි 07 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය හරාරේහිදී

ජූලි 09 – අවසන් මහ තරගය හරාරේහිදී

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee