slc
logo
Home   |    News
ජූනි 30, 2023
චමීර වෙනුවට මදුශංක කණ්ඩායමට

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පිටත්ව ගිය මූලික ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සිටි දුෂ්මන්ත චමීර තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග වටය සඳහා ඔහුගේ සහභාගිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව තිබේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය සඳහා සිදුකරන ලෙද පෙර පුහුණුවීම් අතරතුරදී චමීර උරහිසේ ආබාධයකට මුහුණ දුන්නේය. එම තත්ත්වය සුව අතට පත් නොවීම නිසා ඔහු කණ්ඩායම සමග විවේක සුවයෙන් රැදී සිටියද ඔහුගේ තත්ත්වය තවමත් සුව අතට පත්ව නොමැත.

චමීර කණ්ඩායමෙන් ඉවත්ව යෑම නිසා එම ස්ථානය සඳහා වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකට හිමිව තිබේ. ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි විස්සයි-20 තරගාවලිය සදහා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම වටිනාකමක් හිමි පන්දු යවන්නා බවට පත්වූවේද ඩිල්ෂාන් මදුහංකය. ඔහුට ලැබුණු වටිනා කම රුපියල් කෝටි 3 කට ආසන්නය. එක්දින ජාත්‍යන්තර තරග 2 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති මදුශංක එහිදී කඩුලු 2 ක් දවා‌ගෙන තිබේ. විස්සයි-20 ජාත්‍යන්තර තරග 11 කට සහසභාගිව ඇති වමත් වේග පන්දු යවන්නා කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්ව ඇත.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar