slc
logo
Home   |    News
ජූනි 30, 2023
රුශද දෙවැනි ශතකය වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවරදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින පැවැති තරග වලදී කොළඹ දකුණු පිල ලකුණු 98 ක ජයක් වාර්තා කර ද්දී අනෙක් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

‌පල්ලෙකැලේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. එම තත්ත්වය මත දඹුල්ල කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25 කදී ලකුණු 248 ක ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් පමණි.

මෙම තරගයේදී කොළඹ දකුණ වෙනුවෙන් රුශද ගමගේ ලකුණු 117 ක් රැස් කිරීමට සමත්විය. මෙය මෙවර තරග වාරයේ රැස් කරන ලද දෙවැනි ශතකය ලෙසින් සටහන් විය. පන්දු 104 කදී වාර්තා වුණු එම වටිනා ඉනිම සදහා ඔහු හතරේ පහර 14 ක් එල්ල කර තිබුණේය.

මේ අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතර මඟ අතරහැර දැමිමට පියවර ගනු ලැබීය. පළමුව පන්දුවට පහර දුන් මහනුවර පිල පන්දුවාර 38.5 කදී සියලු දෙනා ලකුණු 130 කට දැවී ගියද ඊට පීතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී 9 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව යැවීමත් සමඟ වර්සාවෙන් බාධා ඇතිවීම නිසා තරග

 

කොළඹ දකුණ සහ දඹුල්ල – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී

කොළඹ දකුණට ලකුණු 98 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 යි – (විශේන් හැළඹගේ 41, රුශඳ ගමගේ 117, රිවිත් ජයසූරිය 27, කවිඳු ගයත්‍ර 31, චතුමාල් නිමේ 44/2, විශ්ව රාජපක්ෂ 78/2, ජනිත් ප්‍රනාන්දු 36/2)

දඹුල්ල පන්දුවාර 25 කදී කඩුලු 9 ට ලකුනු 150 යි – (පසිඳු මේනක 24, අමේෂ් තෙන්නකෝන් 54, විශ්ව රාජපක්ෂ 27, විශේන් හැළඹගේ 31/4, ෂෙ‌නන් රුද්‍රිගෝ 39/4)

 

කොළඹ උතුර – මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී

තරගය අතහැර දමන ලදී

මහනුවර පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී ලකුණු 130 යි – (රහල් අමරසිංහ 20, කවීජ ගමගේ 26. මනුල කුලරත්න 20, ඉනුක කරන්නාගොඩ 28/3, රුවිෂාන් පෙරේරා 15/2)

කොළඹ උතුර පන්දුවාර 8.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 53 යි – (හිරුන් කපුරුබණ්ඩාර 36)

 

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee