slc
logo
Home   |    News
ජූනි 27, 2023
ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි හයදෙනාගේ තරග වටයට

sinhala editor

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම මූලක වටය යටතේ ‌ස්කොට්ලන්තයට එරෙහිව අද (27 දා) බුලවායෝහි පැවැති තරගයෙල් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කරමින් අපරාජිතව සුපිරි කණ්ඩායම් 6 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

යම් අභියෝගයකට ලක් වුණු ශ්‍රී ලංකා ඉනිමේදී ලබා දුන් ලකුණු 246 ක ඉලක්කය, හඹා යෑමේදී ස්කොට්ලන්ත කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 29 කදී කුණු 163 ක් පමණි. මැද පෙළින් පැමිණි ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 41 කදී නොදැවී ලකුණු 56 ක් රැස් කර කළද සෙසු පිතිකරුවන්ගේ සහාය ඔහුට නොලැබිණ.

එම  ඉලක්කය හඹා යෑමේදී නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ම ලකුණු 100 ක් ඇතුළතදී දවා ලීමට මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. එහෙත් 9 වැනි කඩුල්ලට එක් වුනු ක්‍රිස් සෝල් (17) සහ ක්‍රිස් ග්‍රේව්ස් පන්දු 43 කදී ලකූණු 55 ක් එක් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කළහ. මොවුන් දෙදෙනාම දුවද්දී දැවී යෑම්වලට හසුව දැවී නොයන්නට මීට වඩා පරාජිත පරතරය අඩු කර ගැනීමට ඔවුනට අවස්ථාව තිබිණ.

පෙර තරග 3 දී කඩූ 5 ට වැඩියෙන් දවා ගත් වනිඳු අද දිනයේදීත් ලකුණු 42 කදී කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුගේ සහායකයා වන මහීෂ් තීක්ෂණ ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. තරගයේ වීරයා සම්මානයෙන් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් මහීෂ් තීක්ෂණ නම් කෙරිණ.

මෙවර තරගාවලියේදී පිතිකරණයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 245 ක පමණි. ඊට ප්‍රධානම හේතුව වූයේ වර්තමාන එක්දින පිලේ ලකුණු මැෂිම බවට පත්ව සිටින දිමුත් කරුනාරත්න ඉක්මනින්ම දැවී යෑම නිසාය. පිට පිටම ඉනිම 5 දී ශතකයක් සහ අර්ධ ශතක 5 ක් රැස් කිරීමට සමත්ව සිටින වමත් පිතිකරුවා අද දිනයේදී ලකුනු 07 කට දැවී ගියේය. පෙර තරගයේ පරිදිම කුසල් මෙන්ඩිස්ට අද දිනයේදීත් වැඩි වේලා පිටියේ රැඳී සිටීමට නොහැකි විය. ඔහු එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේය.

පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට සේවය අවශ්‍ය මොහොතේදී එක් වුණු සධීර සමරවික්‍රම (26) පැතුම් නිස්සංක සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක්ද චරිත් අසලංක  සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක සම්බන්ධතා එක් කළහ. පන්දු 85 කට මුහුණ දුන් පැතුම් අද දිනයේදී 9 වැනි අර්ධ ශතකය සපුරා ගත්තේය. ඊට අමතරව අද දිනයේදී පැතුම් ද එක්දින තරග වල ලකුණු 1000 සීමාව ඉක්මවාලීමට සමත්වූවෙය.

පැතුම්ගේ දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී වේගවත් ලකුණු 61 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.

සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටය ලබන 29 වැනිදා ආරම්භ වනු ඇත. එහිදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් කණ්ඩායම සුපිරි 6 දෙනාගේ තරග වටය සඳහා මූලික වටයේ ලකූණු 4 බැගින් රැගෙන යති. මූලික වටය යටතේ තරග නොවැදි කණ්ඩායම් පඹන්ක සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වට‌යේදී මුණ ගැසෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව 30 වැනිදා නෙදර්ලන්තය සමඟත්, ජූලි 02 වැනිදා සිම්බාබ්වේ සමඟත් සහ ජූලි 07 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම් සමඟත් තරග වැදීමට නියමිතව සිටිති.

ශ්‍රී ලංකාව පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 245 යි – (පැතුම් නිස්සංක 75, දිමුත් කරුනාරත්න 7, කුසල් මෙන්ඩිස් 1, සධීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, දසුන් ශානක 0, වනිඳු හසරංග        15, මහීෂ් තීක්ෂණ ‌16, කසුන් රාජිත 1, ළහිරු කුමාර 5, ක්‍රිස් සෝල් 46/2, අලෙස්ඩෙයාර් එවන්ස් 35/1, මාක් වොට් 52/3, ක්‍රිස් ග්‍රේව්ස් 32/4)

ස්කොට්ලන්තය පන්දුවාර 29 කදී සියලු දෙනා දැවී ලකුණු 163 යි – (ක්‍රිස්ටෝපර් මැක්බ්‍රයිඩ් 29, රිචී බෙරින්ටන් 10, ක්‍රිස් ග්‍රීව් 56*, මාක් වොට් 14, ක්‍රිස් සෝල් 17, කසුන් රාජිත 25/1, ළහිරු කුමාර 30/1, මහීෂ් තීකෂණ 41/3, දසුන් ශානක 00/1, වනිඳු හසරංග 42/2, මහීෂ් තීක්ෂණ 31/3)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee