slc
logo
Home   |    News
ජූනි 28, 2023
හොද දේවල් කළොත් අපට හොඳ ප්‍රතිළුල ලබාගත හැකියි – පැතුම් නිශ්ශංක

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හොදින් ක්‍රීඩාවේ යෙදුනහොත්, යහපත් ප්‍රතිළුල ලබාගත හැකි බව අවබෝධයෙන් යුතුව සිටින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවැසීය. සුපර් සික්ස් වටයේදී කණ්ඩායමක් ලෙස දක්වන ඉහළ දක්ෂතා ජයග්‍රහණය වෙනුවෙන් ඉතාම වැදගත්වන බවත්, ඒ වෙනුවෙන් ක්‍රීඩකයින් තුල විශාල විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබාදෙන දායකත්වයෙන් එය මනා ලෙස තේරුම්ගත හැකි වනු ඇතැයි සිම්බාබ්වේ බුලවායෝ හී ක්වීන්ස් ක්‍රීඩා පිටියේ පැවැති අයර්ලන්තය සමග තරගය ලකුණු 82කින් ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැතුම් නිශ්ශංක පැවැසීය.

“ ඇත්තටම මේ තරගාවලියේදී ලොකු විශ්වාසයක් කණ්ඩායම තුල ගොඩනැගී තියෙනවා. ක්‍රීඩා පිටියේදී අපේ ක්‍රීඩකයින් ලබාදෙන දායකත්වය පිළිබඳ බලා ඉන්න අයට ඒ බව තේරුම් යනවා ඇති කියා මා හිතනවා. මේ ගොඩනැගී ඇති කණ්ඩායම් හැගීමත් එක්ක ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපට ජය ගන්න පුළුවන්. මොකද  මේ වනවිට කණ්ඩායමක් ලෙස අපි හැම පැත්තෙන්ම දක්ෂතා දක්වා තිබෙනවා. ක්‍රීඩකයින් අතර හොද අවබෝධයක් ගොඩගනැගී තියෙනවා. ඉදිරි තරගවලදීත් අපට මේ ආකාරයෙන් හොදින් ක්‍රීඩා කළ හැකි වෙනවා“ පැතුම් නිශ්ශංක සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මෙතෙක් මුහුණදුන් සෑම තරගයකදීම පන්දු ඕවර් 50 තුල ලකුණු 300 සීමාව පසු කළද, නිමාවූ අයර්ලන්තය සමග තරගයේදී ලකුණු 245කට සීමාවීමට බලපෑ හේතු කවරේද? යන්න මාධ්‍යවේදියෙකු පැතුම් නිශ්ශංකගෙන් විමසීය. එහිදී ඔහු පැවැසූවේ මේ තරගාවලියේ ලැබුණු ඉතා මන්දගාමී තණතිල්ල එය හෙයින් ලකුණු ලබා ගැනීම අපහසු වූ බවය.

“ අපි මුලින්ම සැලසුම් කළේ ලොකු ලකුණු ගණනකට යන්න. නමුත් ප්ලවර් ප්ලේ එකේ ටිකක් අපහසු වුණා. ඇත්තම කිව්වොත් විකට් එක කලින් තණතිලිවලට වඩා ගොඩක් මන්දගාමී වුණා. ඒ නිසා පන්දුව පිත්තට එන ආකාරය ගැන පිතිකරුවන්ට සෑහෙන්න අධ්‍යයනය කරන්න වුණා. ලොකු ලකුණු ගණනක් ගන්න අපහසු බව තරගයේදී වැටහුණා. ඒ නිසා අපේ දෙවැනි සැලසුම වුණේ ලකුණු 280ක්, 285ක් විතර රැස් කරන්නයි. අපි බලාපොරොත්තු වූ ඉලක්කයට යන්න ලකුණු ටිකක් විතර අඩු වුණා. ඒත් අපිට තව ලකුණු 20ක් 30ක් ගන්න තිබුණා කියලා මට හිතෙන්නේ. නමුත් මේ තරගයේදී පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම වැනි අංශ තුනම අපේ කණ්ඩායම ඉතා හොදින් කළා. ඒ නිසා තරගය දිනන්න අපට හැකි වුණා“ පැතුම් නිශ්ශංක පිළිතුරු ලබා දුන්නේය.

“ අපේ බලාපොරොත්තුව මේ සුදුසුකම් ලබා ගැනීමේ වටය ඉතා හොදින් කරලා අවසන් මහා තරගය ජයග්‍රහණය කරන්න. අපි ඉදිරියේදීත් විශ්වාසයෙන් යුතුව හොදින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපට මුලින්ම හමුවන්නේ නෙදර්ලන්තය. දෙවනුව මුණ ගැසෙන සිම්බාබ්වේ ඔවුන්ගේ රටේම ක්‍රීඩා කරන හොද කණ්ඩායමක්. අපේ කණ්ඩායමත් හොදම තත්ත්වයක ඉන්නවා. කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්න බෑ. මේ තරගවලදී අපේ උපරිමය දෙනවා“ පැතුම් නිශ්ශංක පැවැසීය.

දිමුත් කරුණාරත්න සමග ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසීම තමන්ට ඉතාම වැදගත් බවත්, කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන දිමුත්ගෙන් ප්‍රතිවාදී පන්දු යවන්නන් ගැන බොහෝ දේ ඉගෙනගත හැකි බවත් පැතුම් නිශ්ශංක මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කොට ඇති හෙයින් පිතිකරණයේ යෙදීම පහසු බව පැතුම් සඳහන් කළේය.

“ වනිදු තමයි අපේ කණ්ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නා. ඔහු තරගාවලියකදී කඩුලු අතර සිටිනවා කියන්නේ අපේ තත්ත්වය උඩට එනවා කියන එකයි. ඉදිරි තරගවලදීත් වනිදුගේ දක්ෂතාව වැදගත්. ඒ වගේම අපේ විශේෂඥ උපදේශක මහේල ජයවර්ධනත් එක්ක සෑම ක්‍රීඩකයෙකුටම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ ප්‍රවීණයෙක් කණ්ඩායමේ ඉන්න එක අපට වාසියක්. ඔහුගේ අත්දැකීම් අප සමඟ බෙදා ගැනීම ඉදිරියට යන්න විශාල දායකත්වයක් ලබා දෙනවා“ පැතුම් නිශ්ශංක වැඩිදුරටත් පැවැසීය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee