slc
logo
Home   |    News
ජූනි 10, 2023
අන්තර් සමාජ විස්සයි-20 කිරුළේ අයිතිය එන්.සී.සී. ටද…? කෝල්ට්ස් ටද…?

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (11 දා) කොළඹ එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය.
මූලික වටය යටතේ එන්. සී. සී. කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේද කෝල්ට්ස් කණ්ඩාම ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදි අතර එහිදී එන් සී. සී පිල අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසෙද්දී කෝල්ට්ස් කණ්ඩායම සහභාගිවූ තරග 4 න් 3 ක් ජය ගෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලැබීය.
ඉකුත් 09 වැනිදා කොළඹ පී. සරා පිටියේ පැවැති අවසන් පූර්ව තරග වලදී ‌එන්. සී. සීි. කණ්ඩායම මුවර්ස් ක්‍රීඩා සමාජය පරදවමින්ද කෝල්ට්ස් කණ්ඩායම ඒස් කැපිටලන් පිල පරදවමින්ද අවසන් මහ තරග වරම උදා කරගත්හ.
අර්ධ අවසන් තරගයේදී ලසිත් ඇඹුල්දෙණිය එන්. සී. සීි. පිල වෙනුවෙන් ක්‍රීඩා කළද දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන සිවුදින තරගාවලියට ඔහුව නම් කර තිබීම නිසා ඔහුට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරී තිබේ. ඇඹුල්දෙණිය නොමැති වුවත්, නිරෝෂන් දික්වැල්ල, කමිල් මිශාර, උපුල් තරංග, සහන් ආරච්චිගේ සහ චාමික ගුණසේකර යන ජාතික කණ්ඩායම නියෝජනය කළ සහ වරම් ලද ක්‍රීඩකයින් ක්‍රීඩා කරති.
අනෙක් කණ්ඩායම වන කෝල්ට්ස් කණ්ඩායමද අවසන් කිරුළ වෙනුවෙන් හෙට දිනයේදී සිය උපරිම ශක්තිය යොදනු ඇත. ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගය නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියෙන් පසු පැවැති අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් පිල නියෝජනය කරමින් අවසන් තරගය සඳහා රැගෙන ඒම වෙනුවෙන් ැපී පෙනෙන මෙහෙයක් සිදු කළේය. ඔහුට අමතව ධනංජය ලක්ෂාන්, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය සහ ජෙහාන් ඩැනියල් හෙට තරගයේදී මුවර්ස් පිලට ශක්තිය දෙන ප්‍රධාන ක්‍රීඩකයෝ වෙති.
මෙම අවසන් මහ තරගය සජීව චැනල් අයි රූපවාහිනී නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යූ ටියුබ් චැනලය ඔස්සේ පෙ.ව. 10.00 සිට සජීවීිව විකාශනය කෙරෙනු ඇත. මෙම තරගය නැරඹීම, ක්‍රීඩා ලෝලීන්ට විවෘතව වන අතර තරගය නැරඹීමට කැමැති ඔ්නෑම අයෙකුට එස්. එස්. සී. ක්‍රීඩාංගණය වෙත පැමිණ නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee