slc
logo
Home   |    News
ජූලි 11, 2023
ඕෂධ ශතකයක් ලබද්දී සෙසු පිතිකරුවෝ අසාර්ථක වෙති

sinhala editor

ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට හිමි එකම දෙදින පුහුණු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ප්‍රභල අභියෝගයක් ලබා දීමට පාකිස්තානු ක්‍රීඩකයෝ සමත්වූහ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (11 දා) ආරම්භ වුණු මෙම පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණඩායමේ පළමු ඉනිම ලකුණු 196 කට සීමා කිරීමට සංචාරක  පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දුවාර 46.3 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමත් සමඟ පිළිතුරු ඉනිම ආරම්භ කළ පාකිස්තානු පිතිකරුවෝ අඳුරු කාලගුණය නිසා පන්දුවාර 8 ක් යැවීමට තිබියදී තරගය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 13 ක් සහ සෞද් ශකීල් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටිති. දිනයේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ශාන් මසූඩ් පන්දු 67 කදී වේගවත් ලකුනු 83 ක් ලබා ගන්නා ලද්දේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් තම ඉනිමට ඇතුළත කරමිනි.

ඔහුට අමතරව ඉනිම ආරම්භ කළ අබ්දුල්ලා ශෆීක් ලකුණු 25 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 36 ක් ලබා ගත්හ. දැවී ගිය කඩුලු 3 න් 2 ක් පිට දඟ පන්දු යවන ලක්සිත මනසිංහ විසින් දවා ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමෙන් වාර්තා වුණු එකම සුභදායී සිදුවීම වූයේ ටෙස්ට් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු අගනා ශතකයක් ලබා ගැනීම විය. පන්දු 127 කදී වාර්තා වුණු ඕෂධගේ ලකුණු 113 ක ඉනිම සඳහා හතරේ පහර 18 ක් ඇතුළත් කර තිබුණි. සෙසු පිතිකරුවන්ගෙන් කණ්ඩායමට සිදුවිය යුතු සේවය නොලැබීම නිසා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ලකුණු 200 කට අඩුවෙන් හෙවත් ලකුණු 196 දී නිමාවට පත්විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට යහපත් ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ අවස්ථාව සලසා නොදුන්හ. තමන් යවන ලද පළමු පන්දුවෙන්ම සඳුන් වීරක්කොඩි දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට හසන් අලී සමත්වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය දෙවැනි පිතිකරුවා වූයේ නිරෝෂන් දික්වැල්ලය. ඔහුද හසන් අලීගේ ගොදුරුක් ලෙසින් පිටියෙන් ඉවත්විය.

ශ්‍රී ලංකා ඉනිම අහවර වන විට හසන් අලී සහ ශහීන් අෆ්රිඩි කඩුලු 3 බැගින් බිඳ හෙළද්දී අබ්රාර් අහමඩ් සහ අාමර් ජමාල් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. හෙට තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 196 යි – (ඕෂධ ප්‍රනාන්දු 113, සඳුන් වීරක්කොඩි 0, නුවනිඳු ප්‍රනාන්දු 5, කමිදු මෙන්ඩිස් 21, නිරෝෂන් දික්වැල්ල 0, නිපුන් ධනංජය 14, අහන් වික්‍රමසිංහ 2, ලක්ෂිත මනසිංහ 10, කවිශ්ක අංජුල 2, මිලාන් රත්නායක 15, ප්‍රවීන් ජයවික්‍රම 1*, ශහීන් අෆ්රිඩි 37/3, හසන් අලී 22/3, අබ්රාර් අහමඩ් 52/2, ආමර් ජමාල් 33/2)

පාකිස්තානය පන්දුවාර 37 කදී කඩුලු 3 ට ලකුණු 160 යි – (අබ්දුල්ලා ශෆික් 25, ඉමාම් උල් හක් 36, ශාන් මසූඩ් 83, බාබර් අසාම් 14*, සෞද් ශකීල් 0, ලක්ෂිත මනසිංහ 39/2, කවිශ්ක අංජුල 27/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

USD United States (US) dollar