slc
logo
Home   |    News
ජූලි 8, 2023
කණ්ඩායම තුළ දැන් කිසිදු පීඩනයක් නෑ – සධීර සමරවික්‍රම

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස සතුටට පත්වන බව සමරවික්‍රම කියා සිටියේ සුපර් සික්ස් වටයේ අවසන් තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති මෙම තරගයේ පන්දු 34ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකා පිල සහභාගී වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය දක්වා සියලු තරග ජය ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර, ජූලි 09 වැනිදා සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

“ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එද්දී අපි දැනගෙන හිටියා සෑම කණ්ඩායමක්ම අවසන් තරගයට එන්න උත්සහ කරන බව. ඒ නිසා අපට යම් පීඩනයක් එල්ල වෙලා තිබුණා. නමුත් තරගයෙන් තරගයට සැලසුම් කරලා ඒ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කර ගන්න හැකි වූ නිසා අපේ පීඩනය එන්න එන්නම අඩු වුණා. අපි කිසි විටෙකත් කල්පනා කළේ නෑ එක පාරටම අවසන් තරගයට එන ආකාරය. තරගයෙන් තරගයට තමයි සැලසුම් සකස් කළේ. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික දේ සදහා අවධානය වැඩි කළා“ සධීර සමරවික්‍රම පැවැසීය.

“එක්දින තරගයක් ක්‍රීඩා කරද්දී ආරම්භක පිතිකරුවන්ගේ ලකුණු සබඳතා ඉතාම වැදගත් වෙනවා. මේ තරගාවලියේදී අපට අවශ්‍ය වේලාවට පැතුම් හා දිමුත් ආරම්භක පිතිකරණ භූමිකාව නිවැරදි අයුරින් ඉටු කළා. ඒ දෙනොගේ කාර්ය ගැන සතුටු විය යුතුයි. හොද ආරම්භයක් බොහෝ අවස්ථාවලදී ඔවුන් දෙදෙනා ලබා දුන්නා. ඒ දෙන්නාගේ නැගී සිටීම කණ්ඩායමක් හැටියට වැදගත් වුණා“

“කණ්ඩායමක් විදිහට පන්දු රැකීමේ පුහුණුකරු සමග සෑම ක්‍රීඩකයෙකුම මහන්සිවී පුහුණුවීම්වල යෙදෙනවා. අවසන් තරගයට යද්දී හා ඉදිරි තරගවලදී තියෙන අඩුපාඩු සකසා ගත යුතුයි. අවාසනාවට යම් යම් අවස්ථාවලදී උඩ පන්දු අත්හැරී යනවා. ඉදිරියේදී පන්දු රැකීමේ අංශයෙන් හොද තත්ත්වයක ඉන්න පුලුවන් කියා හිතනවා. අපේ පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යවනවා. අපේ සාර්ථකත්වයේ රහස පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම කියා කියන්න පුලුවන්. මේ තත්ත්වය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා“ සධීර සමරවික්‍රම සඳහන් කළේය.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee