slc
logo
Home   |    News
ජූලි 17, 2023
ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨත්වයට පත්වෙද්දී එල්ල වන පීඩනය වැඩිවීම ස්භාවිකයි – මැතිව්ස්

sinhala editor

ක්‍රිකට් ක්‍රීඩකයින් ජ්‍යෙෂ්ඨයින් බවට ක්‍රමයෙන් පත්වෙද්දී ඔවුන් වෙත එල්ල වන පීඩනය වැඩිවන බවත්, අවශ්‍ය වන්නේ ඒ ඒ අවස්ථාවේදී ගොඩනැගෙන තත්ත්වය තේරුම් ගෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදීම බව ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 104කට මුහුණදී ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ දැනට සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ ඊයේ පළමු දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවැසීය.

ජ්‍යෙෂ්ඨයින් වුණාම පීඩනය වැඩි වෙනවා. තරගයක ඒ ඒ අවස්ථාවලදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මුහුණ දෙන තත්ත්වය නවකයින්ට වඩා වෙනස්. තරගයකදී ගොඩනැගෙන පීඩනය ඒ ඒ අවස්ථාවලදී හසුරුවා ගන්නා ආකාරය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ වෙනස්. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට මා කරන්නේ අවස්ථාව හොදින් තේරුම් ගැනීමයි. පාකිස්තානයට එරෙහි මේ තරගයේදීත් ඒ දේ මා කළා. නමුත් කණගාටුවට හේතුවක් වූයේ හොදින් ඉනිම ගොඩනැගෙද්දී මට දැවී යෑමට සිදුවීමයි. පන්දුව හිතුවට වඩා තරමක් උඩට ආවා. එහෙම දේවල් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදු වෙනවා. ඒත් ඒ දැවී යෑම සිදු නොවී ක්‍රීඩා කරන්න වුණා නම් හොදයි කියා හිතෙනවා“ මැතිව්ස් පැවැසීය.

පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ඓතිහාසික එකක් බව ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේය. මැතිව්ස්ගේ පළමු ටෙස්ට් තරගය හා සිය වැනි ටෙස්ට් තරගය පැවැතියේ මෙම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ය. ඇන්ජලෝ මැතිව්ස් වසර 2009 ජූලි 4 වැනිදා සිය මුල්ම ටෙස්ට් තරගයට සහභාගී වූයේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, 2022 ජූලි 24 වැනිදා ආරම්භ වූ ඔහුගේ සියවැනි ටෙස්ට් තරගය ද එම ක්‍රීඩාංගණයේ පාකිස්තාන පිලට එරෙහිව පැවැත්වීම දුර්ලභ සිද්ධියකි. ඒ අනුව මංගල ටෙස්ට් තරගය හා සියවැනි ටෙස්ට් තරගය යන දෙකම එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනා අතර මැතිව්ස්ගේ නාමය ද ලියැවුනි.

ගාල්ල ක්‍රීඩා පිටිය මට විතරක් නොවෙයි සියලුම ක්‍රීඩකයින්ට ඓතිහාසික එකක්. පළමු දිනයේ වැස්ස නිසා තරමක් වෙනස් ආකාරයකට තණතිල්ල හැසිරුණා. උදෑසන කාලයේ ලොකු අභියෝගයක් එල්ල වුණා. බවුන්ස් එක වැඩියි. නමුත් අප දැනගෙන සිටියා ක්‍රමයෙන් අවුව වැටිලා තණතිල්ල වියලි ස්භාවයට එද්දී ලකුණු ගන්න පුලුවන් කියා. ඒකයි මා හා ධනංජය සෙමින් සෙමින් ලකුණු ගෙන කඩුල්ල නොදී ආරක්ෂා කරගෙන හිටියේ. නමුත් මට දැවී යන්න සිදු වුණා“

ගාල්ලේ පැවැත්වෙන තරගවල මුල් ඉනිමේ පුලුවන් තරම් ලකුණු රැස් කිරීම වැදගත්. තරගය ඉදිරියට යද්දී ලකුණු අතරට එන්න අපහසුයි. ඒ නිසයි මුල් ඉනිමේ ලොකු ලකුණු ගණනක් වැදගත් වන්නේ. අපේ පළමු ඉනිමට උපරිම ලකුණු ගෙන පාකිස්තානයට ප්‍රබල තර්ජනයක් ගෙන ඒම අපේ සැලස්මයි“ මැතිව්ස් පැවැසීය.

පාකිස්තාන පිල ලෝකයේ දැනට සිටින හොද ටෙස්ට් කණ්ඩායමක්. විශිෂ්ඨ පන්දු බළ ඇණියක් ඔවුන් සතුව තිබෙනවා. ඔවුන්ට ඕනෑම තණතිල්ලක දස්කම් දැක්විය හැකියි. පිතිකරුවන් දෙස බැලුවත් දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනකුම සිටිනවා. ඒ නිසා මේ තරගාවලිය හොද උණුසුම් එකක් වේවි“ ඇන්ජලෝ මැතිව්ස් සදහන් කළේය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar