slc
logo
Home   |    News
ජූලි 19, 2023
ගාල්ල ටෙස්ට් තරගය විසඳුමක් අභියස

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට ක්‍රීඩාව අහවර කරන විට ජයග්‍රහණය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටින පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 48 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටියි. තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ කඩුලු 7 කදී ලකුණු 83 ක් පමණි.

දැවී ගිය කඩුලු 3 න් 2 ක් ප්‍රභාත් ජයසූරියගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී සෙසු පන්දු යවන්නන්ද තමන්ට හැකි පමණින් පාකිස්තානුවන්ව අසීරුවේ දැමීමට උත්සාහ ගත්හ. ‌නෝමන් අලී දුවද්දී දැවී යන විටත් පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 38 ක් ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් දිනය අහවර වන විට නායක බාබර් අසාම් ලකුණු 06 ක් සහ ඉමාම් උල් හක් ලකුණු 07 ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

දිනය අවසන් වන විට ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 15 ඇතුළතදී තෙවැනි විනිසුරු විමසීමේ ක්‍රමවේද අවස්ථා 2 ම අහිමිවීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

කිසිවකු නොදැවී දිනය ආරම්භ කළ අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 පමණක් නොව පාකිස්තානු පිලේ කඩූ 3 ක ද සමඟින් සමස්ථ දිනයෙදී කඩුලු 13 ක් බිද වැටිණ. ‌ඒ අතරින් යළි නැගී සිටි මුල් ඉනිමේදී ශතකයක් (122) වාර්තා කළ ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදීත් යළිත් ලකුණු අතරට පිවිස් ලකුණු 82 ක් ලබා ගත්තේය.

මිනිත්තු 200 කට ආසන්න කාලයක් පුරා කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වා දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ දැවී ගියේය. ඊට පෙර ශහීන් ෂා අෆ්රිඩිට එරෙහිව පිට පිටම හතරේ පහර 2 ක් එල්ල කළද ඊළඟ පන්දුවේදී ඔහු කඩුලු රකින අහමඩ් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී යෑමට මත්තෙන්  පන්දු 118 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් එල්ල කර තිබුණේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 131 ක් වැනි ඉලක්කයක් ලබා දීමට ධනංජයට අමතරව පෙරගමන් කරුවකු වූවේය. පන්දු 79 කට මුහුණ දුන් රමේෂ් ලබා ගත් ලකුණු 42 ක සඳහා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් එල්ල කළේය.

ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් ධනංජය දැවී යන විටත් මුලු ලකුණු සංඛ්‍යාව 269 ක් ලෙසින් සටහන් විය. ඉතිරි කඩුලු 2 දී ශ්‍රී ලංකා පිලට රැස් කර ගත හැකි වුයේ ලකුණු 10 ක් පමණි.

දිමුත් කරුණාරත්න (20)ට එක්ව දිනය ඇරැඹි නිහාන් මදුශ්ක අද දිනයේදී ලකුණු 52 ක් ලබා ගත්තේය. මැද පෙළ පිතිකරුවන් අතරින් කුසල් මෙන්ඩිස් (18) ඇන්ජලෝ මැතිව්ස් (07) අඩු ලකුණු සංක්‍යාවන් වලට දැවී යද්දී ධනංජයට එක් වු චන්දිමාල් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 60 ක් එක් කළහ. කෙසේ වෙතත් ඉනිමේ වටිනාම සම්බන්ධතාව වූ ධනංජය ද සිල්වා සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා ලකුණු 76 ක් රැස් කළේ පන්දු 134 ක් ඒ සඳහා වැය කරමිනි.

හෙට තරගයේ පස්වැනි සහ අවසන් දිනයයි.

  • ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 95.2 කදී ලකුණු 312 යි
  • පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 121.2 කදී ලකුණු 461 යි
  • ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 83.1 කදී ලකුණු 279 යි – (නිශාන් මදුහ්ක 52, දිමුත් කරුණාරත්න 20, කුසල් මෙන්ඩිස් 18, ඇන්ලෝ මැතිව්ස් 07, දිනේෂ් චන්දිමාල් 28, ධනංජය ද සිල්වා 82, සධීර සමරවික්‍රම 11, රමේෂ් මෙන්ඩිස් 42, ප්‍රභාත් ජයසූරිය 10, විශ්ව ප්‍රනාන්දු 00*, කසුන් රජිත 05, නෝමන් අලී 75/3, අබ්‍රා අහමඩ් 68/3, අඝා සල්මාන් 39/2, ශහීන් ෂා අෆ්රිඩි 64/2)
  • පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුලු 3 ක් දැවි ලකුණු 48 යි – (අබ්දුල්ලා ශෆික් 08, ඉමාම් උල් හක් 25*, ශාන් මසූඩ් 07, නෝමන් අලී 00, බාබර් අසාම් 06*, ප්‍රභාත් ජයසූරිය 17/2)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee