slc
logo
Home   |    News
ජූලි 20, 2023
චෙක්පතේ වටිනා කම ඩොලර් 5000 යි

sinhala editor

අද (20 දා) ගාල්ලේදී නිමාවට පත් වුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පිරනැමුණු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 5000 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

මේ අතර එම තරගයේදී ජයග්‍රාහී පාකිස්තානු කණ්ඩායමට පිරිනැමුණු මුදල සඳහන් සංඛේතාත්මක චෙක්පත මුද්‍රණය කිරීමේදී සිදුව ඇති දෝෂය පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කණගාටුව පළ කර සිටියි.

තරගාවසානයේ පැවැත්වෙන ජය සංඛේත ප්‍රධාන සඳහා වන සියලු පිරිනැමීමේ සම්මාන සකස් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කටයුතුවල අයිතිය හිමි ITW උපදේශන සමාගම විසිනි.

එසේ වුවද ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම අතපසුවීමේ සම්පූර්ණ වගකීම භාර ගනු ලබන අතර ඉදිරියේදී එවැනි ‘වැරදි’ වළක්වා ගැනීමට පියවර ගන්නා බවටද ක්‍රීඩා ලෝලින්ට පොරොන්දු වන බවද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee