slc
logo
Home   |    News
ජූලි 7, 2023
ජනිත් ලියනගේ – ඇන්ජලෝ මැතිව්ස් – දමිත් පෙරේරා ශතක වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ එස්එස්සී හා රාගම අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් රාගම ක්‍රිකට් සමාජයේ ජනිත් ලියනගේ ලකුණු 106ක් වාර්තා කිරීමත් සමග එම පිල පළමු ඉනිමට ලකුණු 345ක් රැස් කළේය.
එස්එස්සී පිටියේ අද ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් එස්එස්සී පිල මුලින් පන්දුවට පහරදීමට රාගම පිලට ආරාධනා කළේය.

එමෙන්ම අද දිනයේ පැවැති කෝල්ට්ස් – පානදුර ක්‍රීඩා සමාජ අතර තරගයේදී කොල්ට්ස් පිලේ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් විය. මැතිව්ස් පසුගිය සතියේදී ද ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගයේදී කුරුණෑගල පිලේ දමිත් පෙරේරා නොදැවී ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් විය.

රාගම පළමු ඉනිම ලකුණු 345 (ඕවර් 85.1) ළහිරු තිරිමාන්න 39, ජනිත් ලියනගේ 106, අවිශ්ක තරිදු 37, සංජය චතුරංග 58, සන්තුෂ් ගුණතිලක 24, සංජුල බණ්ඩාර 20 (නිසල තාරක 50/3, කළන පෙරේරා 60/3, ලක්ෂිත මානසිංහ 69/2)එ

ස්එස්සී පිල පළමු ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 1 (ඕවර් 2)

සීසීසී – ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය

සීසීසී පිටියේදී කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදුන් අතර අශාන් ප්‍රියංජන ලකුණු 73ක් සීසීසී පිලට එක් කළේය. එමෙන්ම ලක්ෂාන් සඳකැන් ලකුණු 55ක් තම පිලට එක් කිරීම ද කැපී පෙණුනි.

සීසීසී පිල පළමු ඉනිම ලකුණු 219 (ඕවර් 74.4) පවන් රත්නායක 19, අශාන් ප්‍රියංජන 73, චතුරංග ද සිල්වා 29, ලක්ෂාන් සඳකැන් 55 ( උමේග චතුරංග 77/3, රුවන්ත කැල්ලපොත 57/4)

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය – කැන්ඩි කස්ටම් අතර තරගය මොරටුව ද සොයිසා පිටියේදී කාසියේ වාසිය දිනාගත් කැන්ඩි කස්ටම් පිල මුලින් පන්දුවට පහරදුන් අතර ඉන්දීය ජාතික අනුරීට් සිංග් ලකුණු 88ක් ලබා ගත්තේය.

කැන්ඩි කස්ටම් පිල පළමු ඉනිම ලකුණු 198 (ඕවර් 66.3) තෙවිඳු දික්වැල්ල 21, අනුරීට් සිංග් 88, අභිෂේක් ගුප්තා 17, ඉමාල් ලියනගේ 35 ( ළහිරු ගමගේ 57/3, චලන ද සිල්වා 81/3, තිලකරත්න සම්පත් 47/4)
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 65 ( ඕවර් 27) ජේසන් පෙරේරා 17, පැතුම් දිල්ෂාන් 23, මුර්ටාසා තෘන්ක්වේල් 17 ( මිතුන් ජයවික්‍රම 18/1, යොහාන් මැද්දගේ 16/1)

යුද හමුදාව – බීආර්සී පනාගොඩ යුද හමුදා පිටියේදී

කාසියේ වාසිය දිනාගත් බීආර්සී පිල මුලින් පන්දුවට පහරදීමට යුද හමුදා කණ්ඩායමට ආරාධනා කළේය.
යුද හමුදා පිල පළමු ඉනිම කඩුලු 3කට ලකුණු 88 (ඕවර් 40) අශාන් රන්දික 43, ලක්ෂාන් එදිරිසිංහ 22 ( මොහොමඩ් සිරාස් 14/1, දුවිදු තිලකරත්න 6/2)

කොල්ට්ස් – පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේදී

කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ ශතකයට අමතරව විෂාද් රන්දික අර්ධ ශතකයක් එක් කළේය.
කෝල්ට්ස් පිල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 274 (ඕවර් 90) ධනංජය ලක්ෂාන් 26, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 129, විනුර දිල්ෂාන් 30, විෂාද් රන්දික 51 ( අසේල සම්පත් 53/3, නිමේෂ් විමුක්ති 97/2, රජීව වීරසිංහ 35/2)

ටැමිල් යූනියන් – පොලිස් කුරුණෑගලඅතර තරගය පොලිස් පිටියේදී

කාසියේ වාසිය දිනාගත් පොලිස් පිල මුලින් පන්දුවට පහර දුන් අතර, ප්‍රියමාල් පෙරේරා නොදැවී ලකුණු 52ක් එක් කළේය.

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමට ලකුණු 202 (ඕවර් 57.1) හේෂාන් ධනුෂ්ක 35, කුසල් පෙරේරා 32, ගිටනාෂ් කෙහෙරා 18, ප්‍රියමාල් පෙරේරා නොදැවී 52, චාමර සිල්වා 21 ( දිලුම් සුධීර 77/5, රවිදු ප්‍රනාන්දු 52/3)

ටැමිල් යූනියන් පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 133 ( ඕවර් 39) රොන් චන්ද්‍රගුප්ත 21, රවිදු ප්‍රනාන්දු නොදැවී 46, දසිස් මංචකායක නොදැවී 41 ( මලින්ද පුෂ්පකුමාර 51/2, ධනාල් හේමන්ද 13/2, නලීන් ප්‍රියදර්ශන 31/2)

කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගය වෙලගෙදර පිටියේදී

ගුවන් හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල තරුණ පිලට ආරාධනා කළ අතර දමිත් පෙරේරාගේ ශතකයට අමතරව දිල්හාර පොල්ගම්පොල ලකුණු 77ක් ලබා ගත්තේය.

කුරුණෑගල තරුණ පිල කඩුලු 4කට ලකුණු 289 (ඕවර් 90) දමිත් පෙරේරා නොදැවී 107, සමිට් ගෝහෙල් 31 දිල්හාර පොල්ගම්පොල 77, අසන්ත බස්නායක නොදැවී 39 (මොවින් සුබසිංහ 114/2)

මුවර්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය මුවර්ස් පිටියේදී

මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මුවර්ස් පළමු ඉනිමට ලකුණු 183 (ඕවර් 46.2) දිනුක් දිල්ෂාන් 16, පබසර වඩුගේ 33, ෂොහාන් ද ලිවේරා 28, පසිඳු සූරියබණ්ඩාර 18, රමේෂ් මෙන්ඩිස් 16, මිලාන් රත්නායක 22 ( ෂාන් නානායක්කාර 65/4, මනෙල්කර් ද සිල්වා 42/3, අසිත වන්නිනායක 18/3)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම කිමිවෙකු නොදැවී 41 (ඕවර් 12) අසිත වන්නිනායක නොදැවී 34, හසිත බොයගොඩ නොදැවී 6

එන්සීසී – ඒස් කැපිටල් අතර තරගය කටුනායකදී

කාසියේ වාසිය දිනාගත් එස් කැපිටල් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළේය.

එන්සීසී පළමු ඉනිම ලකුණු 167 (ඕවර් 39.5) නිරෝෂන් දික්වැල්ල 36, අහන් වික්‍රමසිංහ 32, අම්ෂි ද සිල්වා 28, ලසිත් ඇඹුල්දෙනිය 15 ( සිතුම් දිසානායක 27/2, නිම්සර අතරගල්ල 48/4, රොහාන් ජයතිස්ස 52/3)

ඒස් කැපිටල් පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 93 (ඕවර් 18) තනුක දාබරේ 25, රවිඳු රත්නායක නොදැවී 30, කවිදු අමන්ත නොදැවී 31 ( චාමික ගුණසේකර 25/2)

හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගය මග්ගොන සරේ පිටියේදී

කාසියේ වාදසිය දිනාගත් හලාවත මේරියන්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 163 (ඕවර් 47) ලසිත් ලක්ෂාන් 39, සරුල් කන්වර් 39, කසුන් විදුර නොදැවී 44 ( ප්‍රවීස් රසූල් 47/1, ගිහාන් කෝරළගේ 10/1)

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee