slc
logo
Home   |    News
ජූලි 11, 2023
ජුනි මස දක්ෂතම ක්‍රීඩකයා සම්මානය වනිඳුට

sinhala editor

නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ ‌අන්තර්ජාතික තරග පිටියේ වැඩිම දක්ෂතාවක් දක්වන ලද ක්‍රීඩකයා වෙනුවෙන් ලබා දෙනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන වනිදු හසරංගව නම් කර තිබේ.

මෙම වසර අගදී ඉන්දියා‌වේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් සිම්බාබ්වේ දේශයේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා වනිඳුට මෙම සම්මානය ලබා ගැනීමට ඉවහල් වී තිබේ.

මෙම තරගාවලියේදී තරග 7 කට ක්‍රීඩා කළ දකුණත් පා දඟ පන්දු යවන්නා කඩුලු 22 ක් දවා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නා බවට පත් වෙමිනි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග 8 කට ක්‍රීඩා කරමින් එම තරග 8 ම ජය ගත් අතර වනිඳු දක්වන ලද දක්ෂතා එහිදී කැපී පෙනිණ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පෑවති අවසන් එක්දින තරග 2 ද ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලද ජයග්‍රහණය 8 ද සමඟ මේ වන විට පිට පිටම එක්දින තරග 10 ක් ජයගැනීමට සමත්ව සිටියි. එය එක්දින තරග පිටියේ පිට පිටම කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම තරග සංඛ්‍යාව ලෙසින්ද වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ අනුව වනිඳු ඇෆ්ගනිස්තානයට සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි දෙකේදී දවා ගෙන ඇති කඩුලු සංඛයාව 26 කි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු තර 3 දී කඩුලු 5 බැගින් කඩුලු 16 ක් දවා ගැනීමට වනිඳු සමත් වූ අතර එය එක්දින තරග ඉතිහාසයේ පිට පිටම තරග 3 කදී කඩුලු 5 බැගින් දවා ගත් පළමු දඟ පන්දු යවන්නා ලෙසින්ද ‌ේ ඉතිහාස ගත විය.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසයේ විශිෂඨතම ක්‍රීඩකයා වීමට හැකියාව ලැබීම මට ගෞරවයක් යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩෙවියට සදහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් මෙම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගනු ලබන අතර එහිදී එම කවුන්සිල නිල වෙබ් අඩෙවිය හා සම්බන්ධව සිටින ක්‍රීඩා ලෝලීන්ගේද කැමැත්ත මෙම තෝරා ගැනීම සදහා සලකා බැලෙනු ඇත.

කෙසේ වෙතත් මෙම සම්මානයට හිමිකම් කියන ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු පමණක් නොවේ. වනිඳු ට පෙර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියද ඉකුත් 2022 වසරෙ ජූලි මාසයේදී එම සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee