slc
logo
Home   |    News
ජූලි 24, 2023
ඩිල්ෂාන් මදුශංකට ටෙස්ට් වරම්

sinhala editor

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටියි. ඒ අනුව දෙරට අතර තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා අදින් ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වේ.

කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

2022 වසරේදී පළමුවෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනා ගනු ලබන ඩිල්ෂාන් මදුශංක අද ටෙස්ට් වරම් දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 164 වැනි ක්‍රීඩකයා ලෙසිනි. මදුශංකට ටෙස්ට් වරම් හිමිකර දීම වෙනුවෙන් වූ ටෙස්ට් හිස් වැස්ම කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් විසින් පිරිනමන ලදී.

මදුශංකට අමතරව අද ටෙස්ට් තරගය සඳහා පළමු තරගයට ක්‍රීඩා නොකළ අසිත ප්‍රනාන්දුව ද කැඳවා තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද වේගපන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

ඒ හැරුණු කොට සෙසු සියල්ලෝම ගාල්ල පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෝ‌ වෙති. පාකිස්තානු කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් මෙම ටෙස්ට් තරගයට අවතීර්ණව සිටියි. උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය මිනිත්තු 30 ක් පමා වූ නමුත් දිනයේ යැවිය යුතු පන්දුවාර 90 හි කිසිදු අඩුවක් ‌වී නොමැත.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න, 2. නිශාන් මදුශ්ක, 3 කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. සධීර සමරවික්‍රම, 8. රමේෂ් මේන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. අසිත ප්‍රනාන්දු, 11. ඩිල්ෂාන් මදුශංක.

පාකිස්තානය – 1. අබ්දුල්ලා ශෆික්, 2. ඉමාම් උල් හක්, 3. ශාන් මසූඩ්, 4. බාබර් අසාම් (නායක), 5. සෆ්‍රාස් අහමඩ්, 6. සෞද් ශකීල්, 7. අඝා සල්මාන්, 8. නෝමන් අලී, 9. නසීම් ෂා, 10. අබ්රාර් අහමඩ්, 11. ශහීන් ෂා අෆ්රිඩි.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest