slc
logo
Home   |    News
ජූලි 16, 2023
ධනංජය සහ මැතිව්ස් ශ්‍රී ලංකාව ගොඩ ගනිති

sinhala editor

By Chamila Karawita

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (16 දා) ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ වඩාත් කුතුහලය දනවන සටනක නිරත වූහ. වර්ෂාවෙන් බාධා පැමිණවීම නිසා විටින් විට නතර කෙරුණු අද දිනය ආරම්භයේ වාසිය පාකිස්තානු පන්දු යවන්නන් සතු වුවත් දිනය අවසාන වන විට එම සැලකිය යුතු මට්ටමේ වාසියකට හරවා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ.

පන්දුවාර 90 න් පන්දුවාර 24 ක්ම අද දිනයට අහිමිවූ නමුත් පස්වරුව ක්‍රීඩා කළ පන්දුවාර 65.4 දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 කට ලකුණු 242 ක් පමණි. දිනය අවසන් වීමට යැවීමට පන්දු 2 ක් තිබියදී අඝා සල්මාන්ගේ පන්දුවකට සධීර සමරවික්‍රම දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දීමට දිමුත් කරුනාරත්න තීරණ කළද පළමු පැයේ වාසිය පාකිස්තානු පන්දු යවන්නන් සතු විය. තීරණාත්මක යැයි සැලකෙන පළමු හෝරාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ම ලකුණු 54 කදී බිඳ දැමීමට ශහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා දෙදෙනා සමත්වූහ.

පාකිස්තානු වේග පන්දු ය වන ශහීන් ෂා අෆ්රිඩි‌ගේ පන්දුවක් හමුවේ නිශාන් මදුශ්ක දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භයම කණකොකට හැඬවීය. සෆ්‍රාස් අහමඩ්ගේ සහයෝගයද ඇතිව මදුෂ්කව දවා ගත් අෆ්රිඩි පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග වලදී කඩුලු 100 ක් දවා ගත් 11 වැනි පන්දු යවන්නා බවට පත්වීමට අද සමත්වීම දිනයේ සුවිශේෂී සිදුවීම විය. එතැනින් නොනැවතුණු අෆ්රිඩි මුලු ලකුණු සංඛ්‍යාව 52 ක් වන විට කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු දවා ගනිමින් දිවා විවේකය වන විටම වැඩි වාසි පාකිස්තානු පිලට අත්කර දීමට සමත්වූවේය. දිනේෂ් චන්දිමාල්ද දිවා භෝජනයට පෙර නසීම් ශාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකාව දැඩි අසරණ භාවයකට පත් කරමිනි.

කෙසේ ‌තමන්ගේ සේවය අවශ්‍යම මොහොතේදී 5 වැනි කඩුල්ලට එක් වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මුදවා ගැනීමේ කාර්යයේ නිරත වූහ. මෙම සම්බන්ධතාව පාකිස්තානුවන් සතුව තිබූ තරගයේ වාසි ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට මුල් වුණු ප්‍රධාන සම්බන්ධතාව ලෙසින් සටහන් විය. දිවා ආහාරයත් තේ පානයත් අතර තීරණාත්මක සැසියේදී වඩාත් පරෙස්සම් සහගත ලෙසින් පන්දුවට පහර දුන් මේ දෙදෙනා අතරින් තේ පානයට පන්දු කීපයක් තිබියදී මැතිව්ස් ලකුණු 64 කට දැවී ගියේය.

එහෙත් තේ පානයෙන් පසුව ධනංජය සමඟ පිටියට පිවිසි සධීර සමරවික්‍රම 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයට ලකුණු 57 ක් දක්වා ඉදිරියට රැගෙන යමින් එම ලකුණු සංඛ්‍යාව 242 දක්වා ඉහළට රැගෙන ආහ. මේ සම්බන්ධතාවයන් දෙක නිසා ශ්‍රී ලංකාවට යළි හිස එසවීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්ව සිටින ධනංජය ද සිල්වා ලකුණු 94 ක් ලබා දෙවැනි දිනයේදීත් පන්දුවට පහර දීම සඳහා සූදානමින් සිටියි. අබ්රාර් අහමඩ්ගේ පන්දුවකට දැකුම් කලු ඉන්සයිඩ් අවුට් පහරකින් හයේ පහරක් එල්ල කළ ධනංජය ද සිල්වා තම 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.  පන්දු 157 කට මුහුණ දුන් ධනංජය තම ඉනිම සදහා හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් ලකුණූ රැස් කරගෙන තිබුණේය. ෂෝට් ලෙග් හි පන්දු රැකි ඉමාම් උල්හක්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ සධීර ලකුණු 36 කට දැවී ගියේය.

සධීරගේ පිත්තේ වැදුණු ප්නදුව ලෙග් ස්ලිප් ස්ථානය වෙත ඇදී ගිය අතර එහිදී ‌ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි ඉමාම් උල් හක් ඒ වෙත පියාඹ ගොස් උඩ පන්දුව රැක ගත්තේය.

හෙට (17 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 65.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 242 යි – (ධනංජය ද සිල්වා 94*, ඇන්ජලෝ මැතිව්ස් 64, කුසල් මෙන්ඩිස් 12, දිමුත් කරුණාරත්න 29, නිශාන් මදුශ්ක 04, දිනේෂ් චන්දිමාල් 01, සධීර සමරවික්‍රම 36, ශහීන් ෂා අෆ්රිඩි 63/3, නසීම් ෂා 66/1, අබ්රාර් අහමඩ් 59/1, අඝා සල්මාන් 18/1)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest