slc
logo
Home   |    News
ජූලි 10, 2023
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ශූරතාව 13 දා ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

sinhala editor

ආසියානු  ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සත්කාරක ශ්‍රී ලංකා  නැගී එන කණ්ඩායමට අමතරව, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථානය, ඔමාන, බංග්ලාදේශ, පාකිස්තාන, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් සහ නේපාලය යන රටවල් මෙම තරගාවලිය නියෝජනය කරති. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, සහ ඔ්මානය මූලික වටයේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක පළමු වටයේ තරගාවලියෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබති. එම තරග ජූලි මස 21 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙහිදී ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත් කණඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනියට එරෙහිව තරග වදිද්දී ‘බී’ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පැමිණෙන කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග වලදී මුණ ගැසීමට නියමිතය.

මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් අතරින් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඔ්මානය, ඉන්දියාව සහ නේපාල කණ්ඩායම් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. පාකිස්තානු කණ්ඩායම ජුලි 11 වැනිදාත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජූලි 12 වැනිදාත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිති.

තරගාවලියේ සියලුම තරග කොළඹ ‌ආර්. ප්‍රේමදාස, එස්. එස්. සී., පී. සරා ඔ්වල් සහ සී. සී. සී. යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. මූලික වටය යටතේ පැවැත්වෙන තරග 9 ක් සහ එක් අවසන් පූර්ව තරගයක් දිවා තරග ලෙසින් පැවැත්වෙද්දී අවසන් මහ තරගය ඇතුළු තවත් තරග 5 ක් දිවා රාත්‍රී වශයෙන් පැවැත්වෙනු ඇත.

සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීත්, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඔ්මාන කණ්ඩායම අතර තරගය කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාල සටහන

ජූලි 13 –

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ඇෆ්ගනිස්තානය සහ ඔ්මාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 14 –

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තානය සහ නේපාල කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 15 –

බංග්ලාදේශ පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 17 –

පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පී. සරා ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට

ඉන්දීය පිල සහ නේපාල කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 18 –

බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකා පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 19 –

නේපාල පිල සහ එක්සත් අරාබි කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් කීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තාන පිල සහ ඉන්දීය කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 21 –

පළමු අවසන් පූර්ව තරගය පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

දෙවැනි අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 23 –

අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ‌ප.ව. 2.00 සිට

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee