slc
logo
Home   |    News
ජූලි 10, 2023
නෙදර්ලන්තය පැරදවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සුදුසුකම් ලැබීමේ ශූරයෝ වෙති

sinhala editor

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුස්සන් තේරීම වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහ තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු පැළඳීය.

හරාරේහී පැවැති මෙම අවසන් මහ තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 23.3 ක් අවසනදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. පන්දු යැවීමේදී 9 වැනි පන්දුවාරය වන විට කඩුලු 3 ක් දවා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබා දීමට ඩිල්ෂාන් මදුහංක සමත්විය. අනතුරුව පැමිණි වනිඳු හසරංග 12 වැනි පන්දුවාරයේදී කඩුල්ලක් දවා ගනීමන් තම නම සටහන් කර ගනිද්දී පසුපෙළ කඩුලු 4 ක් දවා ගත් මහීෂ් තීක්ෂණ නෙදර්ලන්ත ඉනිම සුණු විසුණු කර දැමූහ. පන්දුවාර 7 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුනු 18 කට කඩුලු 3 ක් දවා ලූ ඩිල්ෂාන් මදුශංක අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙම සුසුදුකම් ලැබීමේ තරගාවලිය යටතේ අපරාජිතව ශූරයින් බවට පත් වූ අතර ඔවුන් හමුවේ පරාජයට පත් වුවද නෙදර්ලන්ත කණ්ඩායමද මෙම වසර අවසනදී ඉන්දියාවේ පැවැත්වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

මොවුන් තිදෙනාගේ පන්දු යැවීම හමුවේ නෙදර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව ඉක්මවා ලබා ගැනීමට අවස්ථාව නොලැබිණ. ආරම්භක පිතිකරු මැක්ස් ඔඩොව්ඩ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 63 කදී ලකුණු 33 ක් ලබා ගනිමිනි.

කලවයේ ආබාධයක් හේතුවෙන් දිමුත් කරුණාරත්න මෙම අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි බැවින් ඉනිම ආරම්භ කිරීම පැතුම් නිස්සංක සමඟ සිදුකරන ලද්දේ සධීර සමරවික්‍රම විසිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියේදී වැඩිම ලුකනු ලාභියා බවට පත්ව සිටින පැතුම් නිස්සංකටත් සධීරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදාවූයේ මුලු ලකුණු සංඛ්‍යාව 44 ක් සටහන් වන තෙක් පමනි. ඔවුන් දෙදෙනාම වික්‍රම්ජිත් සිංග්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

දිමුත් නොමැතිවීම නිසා තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලද සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ පන්දු 71 කදීි ලකුණු 57 ක් රැස්කරමිනි. සහන්ගේ මංගල එක්දින අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිම සඳහා ඔහු හතරේ පහර 4 ක් පමණක් එල්ල කර තිබුනි. මෙය සහන්ගේ දෙවැනි එක්දින තරගය වූ නමුත් පළමු තරගයේදී ඔහුට පන්දුවට පහර දීමට අවස්ථාව නොලැබිණ. එබැවින් ඔහු  පන්දුවට පහර දීම සඳහා පැමිණි පළමු ඉනිමේදීම අර්ධ ශතකයක් ලබා ගැනිමින් සිය නම වාර්තා පොත් අතරට එක් කර ගැනීමට සමත්වූවේය.

කුසල් මෙන්ඩිස් සමඟ එක් වුණු සහන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 72 ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීමට දායකත්වය දැක්වූහ. කුසල් මෙන්ඩිස් පන්දු 52 කදී ලකුණු 43 ක් රැස් කරන ලද්දේ හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සරසා ගනිමිනි. කුසල් දැවී ගියද නොනැවතුණු සහන් චරිත් අසලංක සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් පැවැත්වීය.

සහන්ගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 10 ක් එකතුවන අතර වාරයේදී කඩුලු 4 ක් බිද වැටීම නිසා ශ්‍රී ලංකා පිල දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නේය. එහෙත් 8 වැනි කඩුල්ලට එක් වුණු වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා ලකුණු 32 ක සම්බන්ධතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූහ. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7 ම ලකුණු 53 කදී බිඳ වැටීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකාව පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 233 යි – (පැතුම් නිස්සංක 23, සධීර සමරවික්‍රම 19, කුසල් මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 57, චරිත් අසලංක 36, වනිඳු හසරංග 29, මහීෂ් තීක්ෂණ 13, ලෝගන් වැන් බීක් 40/2, රයන් ක්ලීන් 42/2, වික්‍රම්ජිති සිං 12/2, ආර්යයන් දත් 51/1, සකීබ් සුල්ෆිකර් 59/2)

නෙදර්ලන්තය පන්දුවාර 23.3 කදී සියලු දෙනා දැවී ලකුණු 105 යි – (වික්‍රම්ජිත් සිං 13, මැක්ස් ඔඩොව්ඩ් 33, ලෝගන් වැන්බීක් 20*, මහීෂ් තීක්ෂණ 31/4, ඩිල්ෂාන් මදුශංක 18/3, වනිදු හසරංග 35/2)

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar