slc
logo
Home   |    News
ජූලි 10, 2023
පාකිස්තානයට එරෙහි පුහුණු තරගය සඳහා ක්‍රිකට් සභාපතිගේ පිල නම් කරයි

sinhala editor

ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු ‌ක්‍රිකට් කණ්ඩඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්ව නම් කර තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන එකම පුහුණු තරගය වන මෙම තරගය ජූලි මස 11 සහ 12 දෙදින හම්බන්‌තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්ව සිටිති. ඉන් සිව් දෙනෙකුම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයෝ වෙති.

කමිඳු මෙන්ඩිස්ට අමතරව මෙම කණ්ඩායම සදහා නම් කර ඇති නිරෝෂන් දික්වැල්ල, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා සිටින ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, සඳුන් වීරක්කොඩි, නුවනිඳු පනාන්ද, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, ඔෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මනසිංහ, ශෂික දල්ශාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest