slc
logo
Home   |    News
ජූලි 17, 2023
පාකිස්තානය ලකුණු 91 ක් පසුපසින්

sinhala editor

ලකුණු 312 ක පළමු ඉනිමේ අභියෝගය හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩඩායමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් පන්දුවාර 18 ක් ඇතුළතදී බිඳ දැමූ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට වැඩි වාසි අත්කර දීමට සමත්වූහ. එහෙත් 6 වැනි කඩුල්ලට එක් වුණු සෞද් ශකීල් සහ අඝා සල්මාන් දෙදෙනා ලකුණු 120 ක සම්බන්ධතාවක් පවත්වමින් දෙවැනි දිනට තරගයනිමා කරන විට පාකිස්තානු පිල ගොඩ ගත්හ.

අර්ධ ශතක සම්බන්ධතාවක් ලෙසින් සටහන් වුණු එම හය වැනි කඩුල්ලේ සම්බන්ධතාවත් අහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දෙවැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 5 කට ලකණු 221ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී තවමත් ලකුණු 91 කින් පෙරමුණේ පසු වන්නේය.

අතීතයේ පටන්ම වමත් දඟ පන්දු යවන්නන් හමුවේ පන්දුවට පහර දීමේදී පාකිස්තානු පිතිකරුවන් දක්වනූ ලබන දුර්වලතාවය තවමත් හදාගෙන නොමැති සෙයක. මක් නිසාද යත් දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම වමත් දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගැනීමට සමත්වීමයි.

කසුන් රජිත ආරම්භ කරන ලද කඩුලු බිඳ දැමීමේ ක්‍රියාවලියේදී පළමු කඩුලු 5 ම ලකුණු 101 කදී බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. කෙසේ වෙතත් සෞද් ශකීල් පන්දු 88 කදී ලකුණු 69 ක්ද අඝා සල්මාන් පන්දු 84 කදී ලකුණු 61 ක් ද ලබා කඩුල්ලේ නොදැවී රැඳී සිටිති.

අද දින‌ය ආරම්භයත් සමග ශ්‍රී ලංකා පිලේ උප නායක ධනංජය ද සිල්වා ශතකය මුහුණ දුන් 175 වැනි පන්දුවේදී තම 10 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කර ගත්තේය. තම 50 වැනි ටෙස්ට් තරගය ලෙසින් වාර්තා පොත් අතරට එක් වුණු මෙම තරගයේදී ධනංජය ශතකයක් වාර්තා කිරීමද කැපී පෙනිණ. කෙසේ වෙතත් තරගය ආරම්භයට පෙර එය සිහි කරනුවස් ධනංජයට තරග ආරම්භයට පෙර විශේෂ කැප් තොප්පියක් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න විසින් ප්‍රධානය කිරීමට පියවර ගැනුණි. එමෙන්ම මෙම තරගය දිනේෂ් චන්දිමාල්ගේද 75 වැනි ටෙස්ට් තරගය ලෙසින් සටහන් වීම නිසා ඔහුටද ඇන්ජලෝ මැතිව්ස්ගේ සුරතින් විශේෂ කැප් තොප්පියක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා පිතිකරුවන් අද දිනයේදී රැස් කිරීමට සමත්වූයේ ලකුණු 70 ක් පමනි. පසු පෙළ බර තනිකම තමන් මතට ගත් ධනංජය ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් දැවී ගියේය. ඒ වන විට හේ මුහුණ දී තිබූ පන්දු 214 න් 15 වතාවක් හතරේ සීමාවෙන් එහාට පන්දුව යැවීමට සලසවද්දී ඉන් තුනක් හයේ පහර ලෙසින් සටහන් විය. කෙසේ වෙතත් අවසන් පිතිකරුවා ලෙසින් පිවිසි විශ්ව ප්‍රනාන්දු කසුන් රජිත සමග එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු සංඛ්‍යාව 312 දක්වා ඉහළ දැමීමට දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකාව පන්දුවාර 95.2 කදී සියලු දෙනා දැවී ලකුණු 312 යි – (ධනංජය ද සිල්වා 122, ඇන්ජලෝ මැතිව්ස් 64, කුසල් මෙන්ඩිස් 12, දිමුත් කරුණාරත්න 29, නිශාන් මදුශ්ක 04, දිනේෂ් චන්දිමාල් 01, සධීර සමරවික්‍රම 36, රමේස් මෙන්ඩිස් 05, ප්‍රභාත් ජයසූරිය 04, කසුන් රජිත 08, විශ්ව ප්‍රනාන්දු 21, ෂහීන් ෂා අෆ්රිඩි 86/3, නසීම් ෂා 90/3, අබ්රාර් අහමඩ් 68/3, අඝා සල්මාන් 18/1)

පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 45 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 221 යි – (සෞද් ශකීල් 69*, අඝා සල්මාන් 61*, සෆ්‍රාස් අහමඩ් 17, අබ්දුල්ලා ශෆික් 19, ඉමාම් උල් හක් 01, ශාන් මසූඩ් 39, බාබර් අසාම් 13, ප්‍රභාත් ජයසූරිය 83/3, රමේෂ් මෙන්ඩිස් 63/1, කසුන් රජිත 33/1)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee