slc
logo
Home   |    News
ජූලි 26, 2023
පාකිස්තානුවෝ ලකුණු 397 කින් පෙරමුණට එති

sinhala editor

By Chamila Karawita

අබ්දුල්ලා ශෆීක්ගේ ද්විත්ව ශතකයත් (201) අඝා සල්මාන්ගේ නොබිණු ශතකයත් (132) ප්‍රධාන කොට කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව අහවර කර දමනවිට ලකුණු 600 කඩඉම අභියසට රැගෙන ආ පාකිස්තානු පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව හමුවේ දැවැන්ත ඉලක්කයක් ලබා දීමට සූදානම්ව සිටිති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සදහා ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා වැඩි ආධිපත්‍යයක් රඳවා ගැනීමට සමත් වූ පාකිස්තානුවෝ ඒ වනවිටත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 397 ක් ඉදිරියෙන් සිටීමට සමත්වූහ.  කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලෙසින් තරගයේ තෙවන  දිනය ඇරඹු පකිස්තානු කණ්ඩායම  දිනය නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් රැස් කර ගනිමිනි. ඒ අනුව අද දිනයේදී පමණක් ඔවුන් ලකුණු 385ක් රැස් කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව තිබූ අතර ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු වාර 94 ක් පමණි.

පාකිස්තානු කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්න  මහත් වෙහෙසක් ගත්තද ප්‍රභාත් ජයසුරිය ලබා ගත් කඩුලු දෙක  සහ අසිත ප්‍රනාන්දු ලබාගත් කඩුල්ල ඇරුණු විට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී ලබා ගත් කිසි දෙයක් නොවීය. දවස පුරා වෙහෙසුණු ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුගේ පන්දු හමුවේ ලකුණු 100 කට වැඩියෙන් ලකුණු රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්වූහ.

තරගය ක්‍රියාත්මක කාල සීමාවේදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු රැස් කරන ලද්දේ ‌දිවා විවේකයේදී ලකුණු 95ක්, තේ පානය දක්වා ලකුණු 124 ක් සහ දිනය අවසන් වන විට ලකුණු 166 ක් වශයෙන් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

අබ්දුල්ලා ශෆීක් අද රැස් කරන ලද්දේ තම මංගල ද්විත්ව ශතකය විය. පන්දු 322 කට මුහුණ දුන් ශකීල් ඒ සදහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 19 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබුණේය. ද්විත්ව ශතකය රැස් කිරීමෙන් පසු ප්‍රභාත් ජයසුරිය ගේ පන්දුවක් හමුවේ ශෆීක් දැවී ගියේ මදුෂ්ක උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් ලකුණු 39 කට දැවී ගියේය. බාබර් අසාම්  මෙම තරගාවලියේ ඉනිම් තුන තුළදීම ප්‍රභාත් ගේ  පන්දු හමුවේ දැවී ගොස් තිබෙන අතර ප්‍රභාත් ජයසුරිය සහ බාබර් අසාම් ටෙස්ට් තරගවල මුණගැසුනු ඉනිම් 7 න් ඉනිම් 6 ක දීම ජයසූරියගේ පන්දු හමුවේ දැවීයෑම කැපී පෙනෙයි.

පළමු ටෙස්ට් තරඟයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පාකිස්තාන මැදපෙළ පිතිකරු සවුද් ශකීල් මෙම තරගයේදීද ලකුණු 57 ක් ලබාගත් අතර ඒ අනුව ඔහු පළමු  ටෙස්ට් තරඟ 7 තුළදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු පිතිකරුවා ගේ ලෝක වාර්තාවට හිමිකම් කීය.

පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් වේගවත් ශතකයක් රැස් කිරීමට සමත් අඝා සල්මාන් මේ වන විටත් ශ්‍රී ලංකාවට දැඩි හානියක් සිදුකරන ලද පිතිකරුවා බවට පත්විය. ඒ ඔහු ද්විත්ව ශතක ලාභී ශෆීක්ට වඩා වේගයෙන් ලකුණු රැස් කිරීම හේතුවෙනි. පාකිස්තානු කණ්ඩායම හෙට දිනයේදීත් යළි පන්දුවට පහර දීමට තීරණය කළහොත් ඔහුගේ කඩුල්ල ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශයින්ම වැදගත් වනු ඇත.  සල්මාන් ලබා සිටින ලකුණු 132 සඳහා ඔහු මුහුණ දී ඇත්තේ පන්දු 148 කට පමණි. ඉන් එක් වතාවක් පන්දුව හතරේ සීමාවට ඉහලින්ද 15 වතාවක් හතරේ සීමාවට එපිටින්ද පන්දුව යැවීමට සලස්වාලමිනි.

දිවා භෝජනයත් තේ පානයත් අතරතුර පාකිස්තානු පිලේ කඩුලු රකින ක්‍රීඩක සෆ්‍රාස් අහමඩ් කම්පනය හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු වෙනුවට ආදේශන ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එක්වූ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 37 ක් රැස්කරගෙන සිටී.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 132 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 563 යි – (අබ්දුල්ලා ශෆීක් 201, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, සෞද් ශකීල් 57, සෆ්‍රාස් අහමඩ් 14, අඝා සල්මාන් 132*, මොහොමඩ් රිස්වාන් 37, අසිත ප්‍රනාන්දු 133/3, ප්‍රභාත් ජයසූරිය 181/2)

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest