slc
logo
Home   |    News
ජූලි 5, 2023
මුවර්ස් පළමු තැන රැක ගනිද්දී කෝල්ට්ස් පියවරක් ඉදිරියට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් වෙයි. පෙර පරිදිම ‘බී‘ කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ සිටීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්ව සිටී.
‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණේ සිටි රාගම ක්‍රිකට් සමාජය තෙවැනි ස්ථානයට ඇද දමා ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැන සිටි කෝල්ට්ස් පිල පෙරමුණට පැමිණීම ලකුණු සටහනේ විශේෂත්වයකි. කෝල්ට්ස් පිල ලකුණු 36.315ක් ලබා සිටින අතර, දෙවැනි තැනට පැමිණි එස්එස්සී පිල ලකුණු 35. 165ක් ලබා ඇත.

පසුගිය සතියේ නිමාවට පත් වූ කොල්ට්ස් – බීආර්සී අතර තරගයෙන් කෝල්ට්ස් පිල ඉනිමක හා ලකුණු 46ක ජයක් ලබාගත් අතර, එස්එස්සී පිල මීගමුව ක්‍රිකට් සමාජය ඉනිමකින් හා ලකුණු 13කින් පරාජය කිරීමට සමත් විය. මේ හේතුවෙන් ‘ඒ‘ කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට කෝල්ට්ස් හා එස්එස්සී යන කණ්ඩායම් දෙකට හැකියාව ලැබුණි.

‘ඒ‘ කාණ්ඩයේ තෙවැනි තැන සිටින රාගම කණ්ඩායම ලකුණු 29.000ක් ලබා සිටින අතර,සිවුවැනි ස්ථානයේ සිටින මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 16.325ක්, පස්වැනි ස්ථානයේ සිටින යුද හමුදාව ලකුණු 14.170ක් ලබා සිටිති. සීසීසී ලකුණු 12.625ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය ලකුණු 8.470ක්, පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 7.115ක්, බීආර්සී පිල ලකුණු 6. 960ක් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ලකුණු 5.115ක් හා ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 3.800ක් ලබා සිටිති.

‘බී‘ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ හලාවත මේරියන්ස් ලකුණු 31.245ක් ලබා සිටින අතර, තෙවැනි ස්ථානයේ ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 24.770ක් ලබා සිටී. ‘බී‘ කාණ්ඩයේ පිළිවෙලින් එන්සීසී ලකුණු 23.265ක්, බදුරලිය ක්‍රිකට් සමාජය ලකුණු 20.465ක්, පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 12.425ක්, ටැමිල් යූනියන් පිල ලකුණු 11.110ක්, ගුවන් හමුදාව ලකුණු 7.385ක්, සෙබස්තියනයිට්ස් ලකුණු 7.355ක්, බ්ලුම්ෆීල්ඩ් ලකුණු 6.910ක් හා කුරුණෑගල තරුණ ක්‍රිකට් ක්‍රීඩා සමාජ ලකුණු 5.870ක් ලබා සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ සංවිධානය කොට ඇත. ඒ අනුව මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ජූලි මස 23 දක්වා හා දෙවැනි අදියර අගෝස්තු මස 25 සිට ඔක්තෝබර් 8 දක්වා පැවැත්වේ. ‘ඒ‘ හා ‘බී‘ වශයෙන් පළමු පෙළ ක්‍රීඩා සමාජ 22ක් එක්ව සිටින මෙම තරගාවලිය අවසන් මහා තරගය ද ඇතුලුව තරග 82කි.

මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ 7 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන තරග මෙසේය.

  • සීසීසී – ගාලු ක්‍රිකට් සමාජය අතර තරගය සීසීසී පිටියේදී
  • නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධන සමාජය – කැන්ඩි කස්ටම් අතර තරගය මොරටුව ද සොයිසා පිටියේදී
  • යුද හමුදාව – බීආර්සී පනාගොඩ යුද හමුදා පිටියේදී
    එස්එස්සී – රාගම අතර තරගය එස්එස්සී පිටියේදී
  • කොල්ට්ස් – පානදුර අතර තරගය කෝල්ට්ස් පිටියේදී
  • ටැමිල් යූනියන් – පොලිස් කුරුණෑගල අතර තරගය පොලිස් පිටියේදී
  • කුරුණෑගල තරුණ – ගුවන් හමුදාව අතර තරගය වෙලගෙදර පිටියේදී
  • මුවර්ස් – බ්ලුම්ෆීල්ඩ් අතර තරගය මුවර්ස් පිටියේදී
  • එන්සීසී – ඒස් කැපිටල් අතර තරගය කටුනායකදී
  • හලාවත මේරියන්ස් – බදුරලිය අතර තරගය මග්ගොන සරේ පිටියේදී

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest