slc
logo
Home   |    News
ජූලි 25, 2023
වර්ෂා‌වට පෙර පාකිස්තානුවෝ ශ්‍රී ලංකා පලමු ඉනිම අභිබවා යති

sinhala editor

By Chamila Karawita

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ක්‍රියාත්මක කළ හැකි වූයේ පන්දුවාර 10 ක් පමණි. තරගය ආරම්භ වීමට නියමිතව තිබූ පෙ.ව. 10.00 ට තරගය ආරම්භ කෙරුණත්, අනතුරුව ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව එස්. එස්. සී. ක්‍රීඩාංගණය ‌සම්පූර්ණයෙන්ම යට කරගත් හේතුවෙන් දෙවැනි දිනට තරගය යළිත් ආරම්භ කිරීමට විනිසුරුවන්ට නොහැකි විය. තරගයට වර්ෂාවෙන් කෙතරම් බාධා ගෙන දුන්නේද කිවහොත් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට නිසියාකාරව වැසි ආවරණය එළීම සදහා සෑහෙන වෙහෙසක් ගැනීමට සිදුවීමද දිනයේ කැපී පෙනිණ.

තරගය ක්‍රියාත්මක මිනිත්තු 43 ක කාලයේදී සිය කඩුලු ආරක්ෂා කර ගත් අබ්දුල්ලා ශෆීක් සහ බාබර් අසාම් දෙදෙනා ලකුණු ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 166 ක ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගියේය. තරගය නතර කර දමනා විට පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 178 ක් ලෙස සටහන් වූයේ පාකිස්තානුවන් ලකුණු 12 කින්ද පළමු ඉනිමේ පෙරමුණට පැමිණෙමිනි.

තරගය පැවැති කාල සීමාවේදී ප්‍රභාත් ජයසූරිය විසින් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වනු දක්නට ලැබුණත් පාකිස්තානු පිතිකරුවන් අසීරු අවස්ථාවේදී තම කඩුලු ආරක්ෂා කර ගත්හ. පීඩනය අතරින් ඉදිරියට පැමිණි බාබර් අසාම් ජයසූරියගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළේය.

අනෙක් අන්තයෙන් පන්දු යැවූ වේගපන්දු යවන්නන් හමුවේ පහසුවෙන් ලකුණු රැස් කර ගත් අතර අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ බාබර් අසාම් ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා පාකිස්තානු පිල රැගෙන ගියේය.

හෙට (25 දා) තරගයේ තෙවැනි දිනය පෙ.ව. 9.45 ට ආරම්භ වන අතර සම්පූර්ණ දිනයේදී පන්දුවාර 98 ක් යැවිය යුතු වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 38.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 178 යි – (අබ්දුල්ලා ශෆීක් 87*, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 28*, ශාන් මසූඩ් 51, අසිත ප්‍රනාන්දු 41/2)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee