slc
logo
Home   |    News
ජූලි 4, 2023
වසර 8 කට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට

sinhala editor

වසර 8 ක කාලයකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා 2024 වසරේදී එංගලන්තයබලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලියට ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබේ.

ලබන අගෝස්තු මසදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යනු ලබන්නේ වසර 8 ක කාලයකින් පසුව වීම කැපී පෙනෙයි. ඉදිරි කාල සීමාවේදී එංගලන්ත කණ්ඩායමේ තරග කාල සටහන නිකුත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබූ අතර එයට අනුව මෙම තරගාවලිය ලබන 2024 වසරේ අගෝස්තු මස සිට සැප්තැම්බර් දක්වා පැවැත්වෙනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් තරගාවලියක් වශයෙන් පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මැන්චෙස්ටර්හි ඔල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි තරගය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීද තෙවැනි තරගය ලන්ඩන් ඔ්වල් ක්‍රීඩාංගණයෙදීද පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට එංගලන්තයේ තරග සංචාරයක් සඳහා පිටත්ව යන ලද්දේ ඉකුත් 2018 වසරේදී පමණි. එම තරගාවලිය ශ්‍රී ලංකාව 3-0  අන්ත පරාජයකට මුහුණ දුන්නේය. අනතුරුව එංගලන්ත කණ්ඩායම 2021 වසර මුලදී ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී පැවැති තරග 2 ම ජය ගැනීමට ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම සමත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee