slc
logo
Home   |    News
ජූලි 18, 2023
ශකීල්ගේ ද්විත්ව ශතකයෙන් පාකිස්තානය ලකුණු 149 කින් පෙරට එයි

sinhala editor

ලකුණු 101 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබියදී සිය පිත්තේ ආධිපත්‍ය ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නොනැමූ පාකිස්තානු පිලේ මැද පෙළ පිතිකරු සෞද් ශකීල් රැස් කරන ලද ලකුණු 208 ක නොබිඳිණු ඉනිම ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දමමින් පළමු ඉනීමෙන් ලකුණු 149 ක සැලකිය යුතු මට්ටමේ වාසියක් තමන් සතු කර ගැනීමට පාකිස්තානු කණ්ඩායමට අද (18 දා) සමත්විය.

මෙහිදී සිය දෙවැනි ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කර ගත් ශකීල්, අඝා සල්මාන් සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 177 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුණු විසුණු කර දැමූහ. පාකිස්තානු පළමු කඩුලු 5 ම ලකුණු 101 දී බිඳ වැටුණද අවසන් කඩුලු 5 දී ඔවුන් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 360 කි. ඒ අනුව පාකිස්තානු පළමු ඉනිම ලකුණු 461 දී නිමාවට පත්වීමත් සමඟ තරගයේ පාලනයද මේ වන විට පාකිස්තානුවන් අතට පත්ව තිබේ. කෙසේ වෙතත් දිනය අවසන් වීමට මත්තෙන් නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම අරඹා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 14 ක් ලබා සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා තවත් ලකුණු 135 ක් ලබා ගත යුතුව තිබේ.

මෙම  තරගයේ පකිස්තාන ඉනිමේ  කඩුලු 5ක් දවා ගැනීමට රමේශ් මෙන්ඩිස් සමත් වූ අතර එම කඩුලු 5 න් 4 ක්ම අද දිනයේ දවා ගැනීමට ඔහු සමත් වූයේය.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට  සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර ශකීල් ට අනගි සහායක් ලබා දුන් අගා සල්මන් දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. රමේෂ් මෙන්ඩිස් ඊයේ දවා ගත් කඩුලු 4 න් පළමු කඩුල්ල ලෙස සල්මන් ලකුණු 83 කට දැවී ගියේය.

තේ පානය සදහා තරගය නතර කරන විට පකිස්තානය  කඩුලු 8 ක් දැවී ලකුණු  389 ක් ලබා සිටි අතර ඉන් අනතුරුව අවසන් පිතිකරුවන් ගේ සහාය ඇතිව තම ද්විත්ව  ශතකය ලබමින් පකිස්තාන ට ලකුණු 450 සීමාව ඉක්මවා යාමට ද ශකීල් ශක්තියක් වූයේය. එහිදී නවුමන් අලී සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක් කළ වමත් පිතිකරුවා අංක 10 පිතිකරුවා වූ නසීම් ෂා සමඟින් පැය 3 කට අධික කාලයක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 94 ක සම්බන්ධතාවක් පවත්වනතෙක් එම කඩුල්ල බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය. පන්දු 78 ක් පුරා විහිදුණු ෂාගේ ඉනිම ලකුණු 06 ක් පමණි.

පන්දු 361 ක් පුරා නොදැවී  පන්දුවට පහර දුන් ශකීල් තම ද්විත්ව ශතකය සඳහා  එල්ල කර තිබුණේ 4 පහර 19 ක් පමණක් වීම විශේෂ සිද්ධියකි. කෙසේ වෙතත් ඔහු අවසන් පිතිකරුවා වූ අබ්රාර් අහමඩ් සමඟග අවසන් කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 21 ක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තවදුරටත් අපහසුතාවයට පත් කරමිනි.

  • ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 95.2 කදී ලකුණු 312යි
  • පකිස්තානය පළමු ඉනිම පන්දුවාර 122.2 කදී සියලු දෙනා දැවී ලකුණු  461 යි – ඉමාම් උල් හක් 01, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19,  ශාන් මසූඩ් 39,  බාබර් අසාම්  ලකුණු 13 , සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17, අඝා සල්මාන් 83,සවුද් ශකීල් නොදැවී 208, නවුමන් අලී 25, ශහීන් ශා 09, නසීම් ශා 06, අබාර්ර් අහමඩ් 10, කසුන් රාජිත 77/1, ප්‍රභාත් ජයසුරිය 145/3, රමේෂ් මෙන්ඩිස් 136/5, විශ්ව ප්‍රනාන්දු 69/1
  • ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 3.4 කදී කිසිවකු නොදැවී ලකුණු 14  යි – නිශාන් මධුශ්ක නොදැවී 08, දිමුත් කරුණාරත්න නොදැවී 06)

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest