slc
logo
Home   |    News
ජූලි 24, 2023
ශ්‍රී ලංකා පළමු ඉනිම 166 න් නවතියි

sinhala editor

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ තේ පානයට පෙරම ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 166 කදී නවතා දැමීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ.

පළමු කඩුලු 4ම ලකුණු 36 ක් ඇතුළත බිද වැටී අසීරු අඩියකට වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිමට කිසියම් ජීවයක් ලබා දීමට පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා සමත්විය. පන්දු 118 කදී ලකුණු 85 ක් එක් කළ ධනංජය – චන්දිමාල් සම්බන්ධතාව නසීම් ෂා විසින් බිඳ දැමීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණු ධනංජය ද සිල්වා ලකුණු 57 ක ලබා ගත්තේය. ඒ හැරුණ විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට සමත් වූයේ දිනේෂ් චන්දිමාල් (34) සහ රමේෂ් මෙන්ඩිස් (27) ක් පමණි. ශ්‍රී ලංකා පළමු ඉනිම බිඳ දැමීමේ පෙර ගමන් කරුවන් වූ අබ්රාර් අහමඩ් ලකුණු 54 කට කඩුලු 4 ක්ද නසීම් ෂා ලකුණු 41 කටා කඩුලු 3 ක්ද වශයෙන් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූහ.

ශ්‍රී ලංකා ඉනිම මෙතරම් අඩු ලකුණු සංක්‍යාවකට සීමා වීමට මූලිකම හේතු වූයේ දුර්වල පහර එල්ල කිරීමට යෑමය. ඒ හැරුණු විට පාකිස්තානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු රැකීමද ශ්‍රී ලංකාවේ අවාසියට හේතු වූවේය. ඔවුන් ලැබෙන සුළු අවස්ථාවෙන් වුවද පන්දු රැකීමෙන් උපරිම වාසිය තම කණ්ඩායමට ලබා දුන්නේය. මෙහිදී පන්දු යවන්නන් කඩූල 8 ක් දවා ගනිද්දී කෙළින්ම පන්දුව කඩුල්ලට එල්ල කරමින් දවා ගත් දුවද්දී දවා ගැනීම් දෙකකට ශාන් මසූඩ් දායකවිය.

පා ඉන්න පෙදෙසින් පන්දු රකින්නන් සිව් දෙනෙකු යොදවා කෙටි පන්දු වැළක් යැවූ නසීම් ෂා දිනේෂ් චන්දිමාල්ව දවා ගත්තේය. ඒ සමඟම ඉනිමේ වාර්තා වුණු සාර්ථකම සම්බන්ධතාව ලකුණු 85 දී බිඳ වැටිණ. අනතුරුව පිටියට පිවිසි සධීර සමරවික්‍රම (00) තෙවැනි වතාවටත් මෙම තරගාවලියේදී අසාර්ථක වූයේ ෂෝට් ලෙග් ස්ථානයට උඩ පන්දුවක් ලබා දීමෙනි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවතාවක් බේරා ගත් ධනංජය ද සිල්වා අද දිනයේදී සිය 13 වැනි අර්ධ ශතකයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවිය. ඩීප් මිඩ් විකට් කළාපයේ සිටි සෞද් ශකීල් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ධනජයගේ ඉනිම නිමාවට පත්වූවේය.

කෙසේ වෙතත් රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු ප්‍රභාත් ජයසූරිය 8 වැනි කඩුල්ල වෙනුවෙන් කිසියම් ස්ථාවරයත්වයක් ගොඩ නඟා ගෙන ඒමට සමත් වද්දී නිශාන් මදුෂ්කව දුවද්දී දවා ගැනීමකට හසු කරගත් ශාන් මසූඩ් ප්‍රභාත් ජයසූරියවද කෙළින්ම කඩුල්ලට පන්දුව යොමු කරමින් දවා ගත්තේය.

පසුව රමේෂ් මෙන්ඩිස්ට එක් වුණු අසිත ප්‍රනාන්දු 9 වැනි කඩුල්ලට ලකුණු 27 ක් රැස් කළහ. මෙම ඉනිමේ  දෙවන හොඳම ස්ථාවර සම්බන්ධතාව ‌ලෙසින් සටහන් විය.

අනවශ්‍ය පහරක් එල්ල කිරීමට දරන ලද උත්සාහයේද කුසල් මෙන්ඩිස් නිකරුණේ ශහීන් ෂා අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දැවී ගිය අනෙක් කඩුලු 3 න් 2 ක්ම නසීම් ශා විසින් දවා ගනු ලැබිය. ඇන්ජලෝමැතිව්ස් සහ දිමුත් කරුණාරත්නගේ කඩුලු පන්දු 3 ක් ඇතුළතදී දවා ගනිමින් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කිරීමට දකුණත් වේග පන්දු යවන්නා සමත්වූවේය.

ශ්‍රී ලංකාවට සිව්වැනි කඩුල්ල අහිමි වන විට ලකුණු පුවරුව යන්තම් 36 ක් ලෙස සටහන් විය. අසීරුතාවය මැඩ ගනනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ලකුණු 50 රැස් කර ගැනීම සඳහා පන්දු 108 ක් වැය කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්ර‌ෙිඩි 44/1)

 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest