slc
logo
Home   |    News
ජූලි 26, 2023
සෞද් ශකීල් ලෝක වාර්තාවක් අභියසට

sinhala editor

By Chamila Karawita

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දින දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට පළමු ඉනිමේ වාසිය ශ්‍රී ලංකාවේ තවදුරටත් ඈතට රැගෙන යෑමට  පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා කාල සීමාවේදී ලකුණු 86 ක් එකතු කර ගැනීමට පිතිකරුවන් සමත්විය. ඒ අනුව පාකිස්තානු කණ්ඩායම ලකුනු 107 කින් පළමු ඉනිමේදී ඉදිරියට පැමිණ සිටියි.

ඒ අතරතුරදී බාබර් අසාම්ගේ කඩුල්ල පමණක් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වද්දී පාකිස්තානු කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 273 ක් ලෙසින් සටහන් විය. අබ්දුල්ලා ශෆීක් ලකුණු 137 ක් සහ පළමු තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ සෞද් ශකීල් ලකුණු 32 ක් ලබා දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු පිල රැගෙන යෑමේ අදිටනින් පන්දුවට පහර දෙමින් සිටිති.  ශකීල් අද දිනයේදී තවත් ලකුණු 17 ක් ලබා ගත හොත් පළමු ටෙස්ට් තරග 7 දී ලොව ඔ්නෑම ඉනිමක ලකුනු 50 ට වැඩිය රැස් කරන ලද ලොව පළමු පිතිකරුවාගේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේය.

පාකිස්තානු කණ්ඩායමේ මූලික සැලසුම වී ඇත්තේ නැවතත් දෙවැනි වරට පන්දුවට පහර දීමෙන් වැළකී සිටි පළමු ඉනිමේදී හැකිතාක් ප්‍රමාණයක් ලකුණු පුවරුවේ රැඳවීමටය. කඩුලු අත ඉතිරිව තිබුණද අද උදෑන පළමු ලකුණ ලබා ගැනීම සදහා සකීල් සහ හෆීක් පන්දු 13 ක් ඉවසිලිවන්ත වූහ.

කෙසේ වෙතත් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුට එරෙහිව පිට පිට හතරේ පහර 2 ක් එල්ල කරමින් අබ්දුල්ලා ශෆීක් අනතුරුව යවන ලද දෙවැනි පන්දුවේදී සිය සිව්වැනි ටෙස්ට් ශතකය සපුරා ගත්තේය. මුහුණ දුන් 149 වැනි පන්දුවේදී සෆීක් එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ශතකයක් ලද දෙවැනි පාකිස්තානු ආරම්භක පිතිකරුවා බවට පත්වූවේය. ඒ වන විට ශෆීක් සිය ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් කර තිබුණේය.

අද දිනයේදී දැවී ගිය එකම පිතිකරුවා වූ බාබර් අසාම්ගේ කඩුල්ල ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගත්තේය. බාබර් අසාම් මෙම තරගාවලියේ මෙතෙක් පැවැති ඉනිම 3 දීම දැවී ගිය ජයසූරියගේ පන්දු හමුවේය. පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබා ගත් සෞද් ශකීල් අද දිනයේදී ෂෝට් ලෙග් ස්ථනායේ පන්දු රැකි නිශෘන් මදුශ්ක වෙත උඩ පන්දුවක් ලබා දුන්නද එය ඔහු අතින් ගිලිහී ගියේය. ඒ වන විට ඔහු ලකුණු 17 ක් පමණක් රැස් කරගෙන සිටියේය.

දෙවැනි දිනට වර්ෂාව හරස් වූ බැවින් එදින තරගය පන්දුවාර 10 කට පමණක් සීමා විය. එහෙත් අද තරගය ආරම්භවීමට නියමිතව තිබූ පෙ.ව. 9.45 ටම තරගය ඇරැඹිණ.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 71 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 273 යි – (අබ්දුල්ලා ශෆීක් 137*, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, අසිත ප්‍රනාන්දු 41/2)

 

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee