slc
logo
Home   |    News
ජූලි 2, 2023
ළහිරු කුමාරට ආබාධයක් – සහන් ආරච්චිගේ කණ්ඩායමට

sinhala editor

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණු ළහිරු කුමාරට තරගාවලියේ ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සුපර් සික්ස් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව තරග වැදි නෙදර්ලන්තයට එරෙහි තරගය අතරතුරදී ළහිරු මෙම ආබාධයට ගොදුරු විය.

එම තරගයේ පළමු පන්දුවාරය යොමු කිරීමෙන් පසු ළහිරු කුමාර උදරය ආශ්‍රිත ආබාධයකට ගොදුරු වුණු නමුත්, අනතුරුව ඔහු තවත් පන්දුවාරයක් යොමු කරනු ලැබීය. එම පනදුවාරයෙන් පසු ළහිරු ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය අතර නැවත පන්දු රැකීමට හෝ ක්‍රීඩාංගණයට පැමිණීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ ශාරීරික යෝග්‍යතාව යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතව තිබේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේදී ඔහු සිය ආබාධය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වන පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.

මේ අතර ළහිරු කුමාරගෙන් හිස්වන ස්ථානය සඳහා අතිරේක ක්‍රීඩකයින් ලෙස සිම්බාබ්වේ දේශයට ගොස් සිටින තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය. 27 හැවිරිදි සහන් ආරච්චිගේ වමතින් පිත්ත හසුරුවන අතර දකුණතින් පිට දඟ පන්දු යවයි. පළමු පෙළ එක්දින තරග 66 කට ක්‍රීඩා කර ඇති ළහිරු ලකුණු 1454 ක් රැස් කරගෙන ඇත්තේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 29.07 ක් රදවා ගනිමිනි.

මෙවර තරගාවලිය යටතේ ආබාධයට ලක් වුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාරය. ළහිරුට ප්‍රථම වේග පන්දු යවන දුෂ්මන්ත චමීර ආබාධයකට ගොදුරු වූ අතර ඒ වෙනුවට වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක කණ්ඩායමට කැඳවනු ලැබීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සුපීරි කණ්ඩායම් 6 අතර තරග වටය යටතේ සහභාගිවන දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ජුලි මස 02 වැනිදා බුලවායෝහිදී සහභාගිවනු ඇත.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee