slc
logo
Home   |    News
ජූලි 8, 2023
කණ්ඩායම තුළ දැන් කිසිදු පීඩනයක් නෑ – සධීර සමරවික්‍රම

sinhala editor

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය උදෙසා සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තුල විශාල පීඩනයක් තිබූ බවත්, මේවන විට එම පීඩනය පහව ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු සධීර සමරවික්‍රම කියයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පිල සිටින ස්ථානය පිළිබඳ කණ්ඩායමක් ලෙස සතුටට පත්වන බව සමරවික්‍රම කියා සිටියේ සුපර් සික්ස් වටයේ අවසන් තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති මෙම තරගයේ පන්දු 34ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව කඩුලු 8ක ජයක් ලැබීය. එමෙන්ම ශ්‍රී ලංකා පිල සහභාගී වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය දක්වා සියලු තරග ජය ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර, ජූලි 09 වැනිදා සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

“ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එද්දී අපි දැනගෙන හිටියා සෑම කණ්ඩායමක්ම අවසන් තරගයට එන්න උත්සහ කරන බව. ඒ නිසා අපට යම් පීඩනයක් එල්ල වෙලා තිබුණා. නමුත් තරගයෙන් තරගයට සැලසුම් කරලා ඒ සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කර ගන්න හැකි වූ නිසා අපේ පීඩනය එන්න එන්නම අඩු වුණා. අපි කිසි විටෙකත් කල්පනා කළේ නෑ එක පාරටම අවසන් තරගයට එන ආකාරය. තරගයෙන් තරගයට තමයි සැලසුම් සකස් කළේ. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික දේ සදහා අවධානය වැඩි කළා“ සධීර සමරවික්‍රම පැවැසීය.

“එක්දින තරගයක් ක්‍රීඩා කරද්දී ආරම්භක පිතිකරුවන්ගේ ලකුණු සබඳතා ඉතාම වැදගත් වෙනවා. මේ තරගාවලියේදී අපට අවශ්‍ය වේලාවට පැතුම් හා දිමුත් ආරම්භක පිතිකරණ භූමිකාව නිවැරදි අයුරින් ඉටු කළා. ඒ දෙනොගේ කාර්ය ගැන සතුටු විය යුතුයි. හොද ආරම්භයක් බොහෝ අවස්ථාවලදී ඔවුන් දෙදෙනා ලබා දුන්නා. ඒ දෙන්නාගේ නැගී සිටීම කණ්ඩායමක් හැටියට වැදගත් වුණා“

“කණ්ඩායමක් විදිහට පන්දු රැකීමේ පුහුණුකරු සමග සෑම ක්‍රීඩකයෙකුම මහන්සිවී පුහුණුවීම්වල යෙදෙනවා. අවසන් තරගයට යද්දී හා ඉදිරි තරගවලදී තියෙන අඩුපාඩු සකසා ගත යුතුයි. අවාසනාවට යම් යම් අවස්ථාවලදී උඩ පන්දු අත්හැරී යනවා. ඉදිරියේදී පන්දු රැකීමේ අංශයෙන් හොද තත්ත්වයක ඉන්න පුලුවන් කියා හිතනවා. අපේ පන්දු යවන්නන් ඉතා හොදින් පන්දු යවනවා. අපේ සාර්ථකත්වයේ රහස පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම කියා කියන්න පුලුවන්. මේ තත්ත්වය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා“ සධීර සමරවික්‍රම සඳහන් කළේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee