slc
logo
Home   |    News
ජූලි 20, 2023
චෙක්පතේ වටිනා කම ඩොලර් 5000 යි

sinhala editor

අද (20 දා) ගාල්ලේදී නිමාවට පත් වුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පිරනැමුණු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 5000 ක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි.

මේ අතර එම තරගයේදී ජයග්‍රාහී පාකිස්තානු කණ්ඩායමට පිරිනැමුණු මුදල සඳහන් සංඛේතාත්මක චෙක්පත මුද්‍රණය කිරීමේදී සිදුව ඇති දෝෂය පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කණගාටුව පළ කර සිටියි.

තරගාවසානයේ පැවැත්වෙන ජය සංඛේත ප්‍රධාන සඳහා වන සියලු පිරිනැමීමේ සම්මාන සකස් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කටයුතුවල අයිතිය හිමි ITW උපදේශන සමාගම විසිනි.

එසේ වුවද ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම අතපසුවීමේ සම්පූර්ණ වගකීම භාර ගනු ලබන අතර ඉදිරියේදී එවැනි ‘වැරදි’ වළක්වා ගැනීමට පියවර ගන්නා බවටද ක්‍රීඩා ලෝලින්ට පොරොන්දු වන බවද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee