slc
logo
Home   |    News
ජූලි 24, 2023
ඩිල්ෂාන් මදුශංකට ටෙස්ට් වරම්

sinhala editor

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශක ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටියි. ඒ අනුව දෙරට අතර තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා අදින් ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වේ.

කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

2022 වසරේදී පළමුවෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනා ගනු ලබන ඩිල්ෂාන් මදුශංක අද ටෙස්ට් වරම් දිනා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් 164 වැනි ක්‍රීඩකයා ලෙසිනි. මදුශංකට ටෙස්ට් වරම් හිමිකර දීම වෙනුවෙන් වූ ටෙස්ට් හිස් වැස්ම කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් විසින් පිරිනමන ලදී.

මදුශංකට අමතරව අද ටෙස්ට් තරගය සඳහා පළමු තරගයට ක්‍රීඩා නොකළ අසිත ප්‍රනාන්දුව ද කැඳවා තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද වේගපන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

ඒ හැරුණු කොට සෙසු සියල්ලෝම ගාල්ල පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෝ‌ වෙති. පාකිස්තානු කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් මෙම ටෙස්ට් තරගයට අවතීර්ණව සිටියි. උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භය මිනිත්තු 30 ක් පමා වූ නමුත් දිනයේ යැවිය යුතු පන්දුවාර 90 හි කිසිදු අඩුවක් ‌වී නොමැත.

ශ්‍රී ලංකාව – 1. දිමුත් කරුණාරත්න, 2. නිශාන් මදුශ්ක, 3 කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා, 7. සධීර සමරවික්‍රම, 8. රමේෂ් මේන්ඩිස්, 9. ප්‍රභාත් ජයසූරිය, 10. අසිත ප්‍රනාන්දු, 11. ඩිල්ෂාන් මදුශංක.

පාකිස්තානය – 1. අබ්දුල්ලා ශෆික්, 2. ඉමාම් උල් හක්, 3. ශාන් මසූඩ්, 4. බාබර් අසාම් (නායක), 5. සෆ්‍රාස් අහමඩ්, 6. සෞද් ශකීල්, 7. අඝා සල්මාන්, 8. නෝමන් අලී, 9. නසීම් ෂා, 10. අබ්රාර් අහමඩ්, 11. ශහීන් ෂා අෆ්රිඩි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee