slc
logo
Home   |    News
ජූලි 10, 2023
නැගීඑන කණ්ඩායම් අතර ආසියානු ශූරතාව 13 දා ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

sinhala editor

ආසියානු  ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙම ජූලි මස 13 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වනු ඇත. රටවල් 8 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජූලි 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සත්කාරක ශ්‍රී ලංකා  නැගී එන කණ්ඩායමට අමතරව, බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථානය, ඔමාන, බංග්ලාදේශ, පාකිස්තාන, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් සහ නේපාලය යන රටවල් මෙම තරගාවලිය නියෝජනය කරති. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින අතර බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, සහ ඔ්මානය මූලික වටයේ ප්‍රතිවාදීහු බවට පත්ව සිටිති.

ලීග් ක්‍රමයට ක්‍රියාත්මක පළමු වටයේ තරගාවලියෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබති. එම තරග ජූලි මස 21 වැනිදා පැවැත්වෙනු ඇත.

මෙහිදී ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත් කණඩායම ‘බී’ කාණ්ඩයේ දෙවැනියට එරෙහිව තරග වදිද්දී ‘බී’ කාණ්ඩයෙන් පළමු ස්ථානයට පැමිණෙන කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වන කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග වලදී මුණ ගැසීමට නියමිතය.

මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් අතරින් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, ඔ්මානය, ඉන්දියාව සහ නේපාල කණ්ඩායම් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. පාකිස්තානු කණ්ඩායම ජුලි 11 වැනිදාත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම ජූලි 12 වැනිදාත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිති.

තරගාවලියේ සියලුම තරග කොළඹ ‌ආර්. ප්‍රේමදාස, එස්. එස්. සී., පී. සරා ඔ්වල් සහ සී. සී. සී. යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. මූලික වටය යටතේ පැවැත්වෙන තරග 9 ක් සහ එක් අවසන් පූර්ව තරගයක් දිවා තරග ලෙසින් පැවැත්වෙද්දී අවසන් මහ තරගය ඇතුළු තවත් තරග 5 ක් දිවා රාත්‍රී වශයෙන් පැවැත්වෙනු ඇත.

සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදීත්, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ඔ්මාන කණ්ඩායම අතර තරගය කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාල සටහන

ජූලි 13 –

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ඇෆ්ගනිස්තානය සහ ඔ්මාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 14 –

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තානය සහ නේපාල කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 15 –

බංග්ලාදේශ පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ජූලි 17 –

පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පී. සරා ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 ට

ඉන්දීය පිල සහ නේපාල කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 18 –

බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

ශ්‍රී ලංකා පිල සහ ඔ්මාන කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 19 –

නේපාල පිල සහ එක්සත් අරාබි කණ්ඩායම් අතර පී. සරා ඔ්වල් කීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

පාකිස්තාන පිල සහ ඉන්දීය කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 21 –

පළමු අවසන් පූර්ව තරගය පී. සරා ඔ්වල් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10.00 සිට

දෙවැනි අවසන් පූර්ව තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 2.00 සිට

ජූලි 23 –

අවසන් මහ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ‌ප.ව. 2.00 සිට

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee