slc
logo
Home   |    News
ජූලි 29, 2023
බාබර් සමග කරළියට සටනට එන කලම්බු ස්ට්‍රයිකර්ස්

sinhala editor

ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටෑන්ස් පිල ඇරුණු කොට නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි ත්‍රිත්වයෙහි වැඩිම ගෞරවයට පාත්‍ර වූ කණ්ඩායමක් වෙතොත් ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමයි. උක්ත කණ්ඩායම් ශූරතා තුනකින් සහ අනුශූරතා දෙකකින් සෑහීමකට පත් වද්දී කලම්බු ස්ට්‍රයිකර්ස් අවසන් වතාවට පැවැති තරගාවලියේදී අනුශූරතාවට පත් වෙමින් එකී ගෞරවයට පාත්‍ර වූවේය.

මෙතෙක් පැවැති තරගාවලි 3 ට අමතරව හාත්පසින්ම වෙනසක් සිදු කරමින් කලම්බු ස්ට්‍රර්යිකර්ස් කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණව සිටියි. මෙතෙක් මෙම කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද ඇන්ජලෝ මැතිව්ස් (මෙවර ඔහු කැන්ඩි බි ලව් වෙත කැඳවන ලදී) වෙනූවට කණ්ඩායමේ නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ලබයි.

සමාරම්භක තරගාවලියේදී කලම්බු කිංග්ස් ලෙසින්ද අනතුරුව කලම්බු ස්ටාර්ස් ලෙසින්ද හැඳින්වුණු මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එකතු වන්නේ ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරිකයකු තම සන්නාම නාමය කලම්බු ස්ට්‍රයිකර්ස් වශයෙන් වෙනස් කිරීම හේතුවෙනි.

මෙවර තරගාවලියේදී ඔවුන් ඔවුනගේ ශක්තිය වැඩි කර ගැනීම වෙනුවෙන් නිමාවට පත් වුණු ක්‍රීඩක වෙන්දේසියේදී දැවැන්ත උත්සාහයක් දැරීම කැපී පෙනිණ. මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ කණ්ඩායමට එක්කාසු කර ගැනීමට අවසර තිබෙන විදෙස් ක්‍රීඩකයින් 6 දෙනාගෙන් පස් දෙනෙකුම පාකිස්තානුවන් වීමය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී අතිශය ජනප්‍රියත්වයට පත් මතීෂ පතිරණද කලම්බු ස්ට්‍රයික්ස් පිලට ක්‍රීඩා කරන්නේය. ඒ හැරුණු විට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර වැඩිම ජනප්‍රියත්වයට පත්ව සිටින චාමික කරුණාරත්නද කලම්බු ස්ට්‍රයිකර්ස් නම් දම් වැලේ පුරුකකි. පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල මෙන්ම රමේෂ් මෙන්ඩිස්ද මෙවර කලම්බු පිල නියෝජනය කරනු ලබන ශ්‍රී ලාංකිය තරු වෙති.

ජගත් ක්‍රිකට් පිටියේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ 3 ටම එකසේ හන්කම් දක්වන පාකිස්තානු පිලේ නායකයා ලෙසින් කටයුතු කරන බාබර් අසාම් කලම්බු ස්ට්‍රයිකර්ස් හි වැඩිම බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩකයා වන්නේය.

ඔහුට අමතරව වේගයෙන්ම පන්දු හැවිය හැකි නසීම් ෂාද බාබර්ගේ සංචිතයේ සතු ප්‍රබලම තුරුම්පුවකි. ඔහු ඉවකුත්දා කොළඹ එස්. එස්. සී. පිටියේදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයේදී අවසන් කඩුලු 3 ම පන්දු 6 ක් ඇතුළතදී දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත්වූුවේය.

මූලික සංචිතය සඳහා හිටපු වේග පන්දු යවන්නක වන වහාබ් රියාස් ඇතුළත් වුවත්, පසුව ඔහු වෙනුවට බංග්ලාදේශ ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම්ව කැදවීමට පියවර ගැනිණ. ඊට අමතරව මූලික සංචිතයට ඇතුළත්ව සිටි ලෝකන් ටකර් වෙනුවට පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු ඉමාම් උල්හක්ව එක් කර ගැනීමට කලමනාකාරීත්වය පියවර ගනු ලැබිය.

ඉෆ්තිකාර් අහමඩ් යනු ඉකුත් වසරේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරන ලද මැද පෙළ පිතිකරුවෙකු මෙන්ම අවශ්‍ය විටෙක පන්දුවෙන්ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙක් ලෙස ම් දාරා සිටියි. කෙසේ වෙතත් ඔහුටද මෙවර තරගාවලියේදී වෙන් වූ වටිනාකම ‌ඇමරිකානු ඩොලර් 50,000 කි.

මොහොමඩ් නවාස් කලම්බු කණ්ඩායමට එක් වන පස්වැනි පාකිස්තානු ක්‍රීඩකයා වන්නේය. ඔහු පාකිස්තානය වෙනුවෙන් තෙවැදෑරුම් අංශ නියෝජනය කර ඇත. ඔහු මෙවර තරගාවලියට පිවිසෙන්නේ ඇමරිකානු ඩොලර් 30,000 ක ලංසු තැබීමකිනි. කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම

දේශීය – නිරෝෂන් දික්වැල්ල(නායක), මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, නිපුන් ධනංජය, මොවින් සුබසිංහ, ළහිරු උදාර, එෂාන් මාලිංග, ශෂික දුල්ෂාන්, නුවනිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා, අහන් වික්‍රමසිංහ.

විදෙස් ක්‍රීඩකයින් – බාබර් අසාම්, නසීම් ෂා, ඉමාම් උල්හක්, ඉෆ්තිකාර් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම්, මොහොමඩ් නවාස්.

 

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee