slc
logo
Home   |    News
ජූලි 27, 2023
ශ්‍රී ලංකාව තවත් ලකුණු 329 ක් පිටුපසින්

sinhala editor

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දින ආරම්භයේදී තවත් පන්දුවාර 2 ක් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම හැකි නම් ඉනිමක පරාජයෙන් බේරෙන ලෙස ලකුණු 410 ක අභියෝයක් ශ්‍රී ලංකාව හමුවේ අද (27 දා) උදෑසන ලබා දුන්නේය. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ආරම්භ කර සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුල්ලක්ද දවා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්ව සිටියි.

නෝමන් අලී විසින් නිශාන් මදුශ්කගේ කඩුල්ල දවා ගනිද්දී නායක දිමුත් සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 81 ක් දක්වා ඉහළ දමා තිබුණහ. දිවා ආහාරයට පෙර පන්දුවාර 25 කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා විවේකය වන විට පළමු ඉනිමේ පරතරය ලකුණු 329 ක් දක්වා අවම මට්ටමකට පත් කර ගෙන සිටියේය.

ඉතා පරෙස්සමින් පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

අද දිනයේදී පාකිස්තානුවන් යළිත් පන්දුවට පහර දුන්නද තෙවැනි දින අවසන් වන විටත් ඔවුන් සතුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ සටහන්ව තිබිණ. ඔවුන්ට අවශ්‍ය වූයේ තෙවැනි දින අවසනදී ලකුනු 37 ක් ලබා කඩුල්ලේ රැදී සිටි මොහොමඩ් රිස්වාන්ට සිය අර්ධ ශතකය ලබා ගන්නා තෙක් පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දීම පමණි.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී පාකිස්තානු වේග පන්දු යවන්නන් හමුවේ මදුෂ්ක සහ දිමුත් පන්දුවට පහර දුන්නද නෝමන් අලී යවන ලද පළමු පන්දුවෙන්ම මදුෂ්ක ලකුණු 33 කට දැවී ගියේය. පා ඉන්න දෙසට යොමු කරන ලද පන්දුව එතරම් දඟ කැවෙනු ඇතැයි නොසිතූ මදුෂ්ක මැද ඉන්න ආසන්න ප්‍රදේශයට සිය පිත්ත ගෙන ආවද අනපේක්ෂිත දඟ කැවුණු පන්දුව පිත්ත පරයායමින් කඩුල්ලේ පිටත යන්න සොයා ගියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 134 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 576 යි – (අබ්දුල්ලා ශෆීක් 201, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, සෞද් ශකීල් 57, සෆ්‍රාස් අහමඩ් 14, අඝා සල්මාන් 132*, මොහොමඩ් රිස්වාන් 50*, අසිත ප්‍රනාන්දු 133/3, ප්‍රභාත් ජයසූරිය 194/2)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 25 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 81 යි – (දිමුත් කරුණාරත්න 36*, කුසල් මෙන්ඩිස් 11*, නිශාන් මදුෂ්ක 33, නෝමන් අලී 09/1)

 

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee